🔰- තමන්ගේම දරුවාගේ වගකීම භාරගන්නේ නැතුව, නඩත්තු මුදල් නොගෙවා මඟහැරලා මාරුවෙන්න හදපු ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට අවසානයේදී නීතියෙන් බේරෙන්න බැරි තැනටම වැඩේ පත් වෙලා තියෙනවා.
🔰- දරුවා වෙනුවෙන් අධිකරණයේ ගොනු කරපු නඩත්තු නඩුවට පෙනී නොසිට මඟහැරලා හිටපු නිසා, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) නියෝග කළේ චාමිකව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.
🔰- ලෝකෙට පෙනෙන්න මොන තරම් සෝබන රඟපෑවත්, තමන්ගේම දරුවා වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රථම සහ මූලික වගකීම අමු අමුවේ පැහැර හැරීම ගැන දැන් චාමිකට උසාවියෙන් විවෘත වරෙන්තු නිකුත් වෙලා ඉවරයි.
🔰- කියමනක් තියෙනවනේ “කරපු පව් පස්සෙන් පන්නනවා” කියලා, චාමිකටත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒකම තමයි.
🔰- මෙම නඩුව දාලා තියෙන්නේ A320 සහ A330 වගේ විශාල ගුවන් යානා පදවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ ගුවන් නියමුවරියක් වන සෙව්වන්දි සේනාධීර මහත්මිය විසිනුයි.
🔰- 2023 අවුරුද්දේ ඔවුන් අතර තිබුණු සමීප සබඳතාවයේ ප්‍රතිඵලයක් විදිහට, 2025 සැප්තැම්බර් 29 වෙනිදා උපත ලැබූ ‘ආර්යන් කරුණාරත්න’ කියන අහිංසක දරුවාගේ පියා චාමික බව ඇය පවසනවා.
🔰- ඒත් ගැබ්ගත් බව දැනගත්තු මොහොතේ ඉඳන්ම පියා විදිහට තමන්ගේ පීතෘත්වය භාරගන්නේ නැතුව, වගකීම්වලින් පැනලා ගිය චාමික, දරුවාව සහ අම්මාව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා මඟහැරලා තියෙනවා.
🔰- තමන්ගේම ලෙයින් උපන් දරුවාට පියෙකුගේ නම ලබාදීමට උප්පැන්න සහතිකය නිකුත් කරන ලෙස ඇය ඉල්ලා සිටින අතර, ඒ සඳහා DNA පරීක්ෂණයක් කරන්න ඉල්ලුවත් චාමිකගේ පාර්ශවයෙන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරලා තියෙනවා.
🔰- මීට පෙර කාන්තා හා ළමා කාර්යාංශයේදී DNA එකට එකඟ වෙච්ච චාමික, පස්සේ ඒකෙනුත් මඟහැරලා පැනලා යන්න හදපු බව පැමිණිලි පාර්ශවය උසාවියේදී පෙන්වා දුන්නා.
🔰- කොතරම් මඟහැරියත්, නීතියෙන් සහ කර්මයෙන් බේරෙන්න චාමිකට බැරි වී තිබෙනවා.
🔰- මඟහැර සිටි චාමිකව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර ඇති අතර, මෙම නඩුව නැවත එළඹෙන ජනවාරි මස 04 වැනිදා කැඳවීමට නියමිතයි.
🔰- තමන්ගේම දරුවාට කළ අසාධාරණයට සහ වගකීම් පැහැර හැරීමට චාමිකට දැන් නීතිය හමුවේ උත්තර දෙන්නට සිදුවී තිබෙනවා.