“එදා යුද්ධය දිනපු මහ මොළකරු, අද උසාවියේදී කීබෝඩ් එක ඔබන්නවත් දන්නේ නැති ක්ලර්ක් කෙනෙක් වෙලා: කොහොමද වීරයෙක් එක රැයකින් ලිපිකරුවෙක් වෙන හැටි!”

🔰- රටක නායකයෙක්, එහෙමත් නැත්නම් යුද බිමේ “අසහාය මෙහෙයුම්කරු” විදිහට පොතපතින් වගේම ගීතවලින් වර්ණනා කරපු දේශපාලන දැවැන්තයෙක්, අමාරු ප්‍රශ්නයක් ආවම එකපාරටම ” මම ලිපිකාර වැඩ විතරයි කළේ” කියල පස්සට යනකොට දැනෙන්නේ පුදුමයක්ද, නැත්නම් හිනා වෙනවද කියල හිතාගන්න අමාරුයි.

🔰- ලලිත් සහ කුගන් කියන සමාජ ක්‍රියාකාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දුන් හිටපු ජනාධිපති මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කරපු ප්‍රකාශ මේ වනවිට රටේම උණුසුම් කතාබහට ලක්වෙලා තියෙනවා.

🔰- තමන් අතීතයේ කරපු කියපු දේවල් ගොඩක් ගැන දැන් “මතකයක් නැහැ” කියන එක තමයි එතුමාගේ ප්‍රධාන තර්කය වෙලා තියෙන්නේ.

🔰- ප්‍රකට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම ගැන අහද්දීත් උත්තරය වුණේ “ඒක නම් මට මතක ඇත්තේ යන්තම් විතරයි, අනික නොයාර් මුදාහැරියේ මගේ උපදෙස් මත කියන එක සම්පූර්ණ බොරුවක්” කියන එකයි.

🔴- අධිකරණය හමුවේ හෙළි වූ සත්‍යය👇

🔰- නීතිඥ ප්‍රශ්නය
🗣️”ඔබ එවකට ආරක්ෂක ලේකම් විදිහට පැහැර ගැනීම් සහ අතුරුදන්වීම සම්බන්ධව සෘජුව මැදිහත් වෙලා උපදෙස් දුන්නා නේද?”

🔰 – ගෝඨාභය පිළිතුර
🗣️ “මම එය ප්‍රතික්ෂේප කරනවා. මම භූමියේ කිසිම ක්‍රියාන්විතයකට සම්බන්ධ වී නැහැ. මට ආරක්ෂක ලේකම්වරයා ලෙස තිබූ රාජකාරිය වන්නේ රජයෙන් ගන්නා ප්‍රතිපත්ති ඒ ආයතන වෙත සම්ප්‍රේෂණය කිරීම. මම සෘජුව භූමියේ ක්‍රියාන්විතයන්ට කිසි ලෙසක සම්බන්ධ වෙලා නැහැ.”

🔰- එදා සී.ඒ. චන්ද්‍රප්‍රේමගේ “ගෝඨාස් වෝර්” (Gota’s War) පොත ලියැවෙනකොට, හමුදාපති සරත් ෆොන්සේකා කියන නායකයාවත් අමතක කරලා, සමස්ත යුද ජයග්‍රහණයේ එකම උපායමාර්ගික නියමුවා විදිහට ඉස්මතු කළේ මේ කියන ගෝඨාභය රාජපක්ෂම තමයි.

🔰- “ඉතිහාසය විකෘති කරලා ලියපු ප්‍රචාරක පොතක්” කියලා ඒ දවස්වල බොහෝ දෙනා කිව්වත්, එදා හැට නම ලක්ෂයකට ඒක පෙනුණේ වෙනස්ම විදිහකටයි.

🔰- 2019 ජනාධිපතිවරණ කාලේ “වැඩකරන අපේ විරුවා” කියන ගීතය රට පුරා ඇහුණා මතක ඇති.

🔰- එදා ඒ සින්දුවෙන් මිනිස්සුන්ගේ ඔළුවට දැම්මේ මේ මනුස්සයා කියන්නේ හිතේ හැටියට තීරණ ගන්න, බිම බැහැලා වැඩ කරන අසහාය නායකයෙක් කියලයි.

🔰- ඒත් අද? අධිකරණය ඉදිරියට ගිහිල්ලා නීතියේ රැහැනට කොටුවුණු තැන, ඒ හැම වීරකමක්ම එකපාරටම වාෂ්ප වෙලා ගිහින්.

🔰- එදා හමුදා මෙහෙයුම්වල මහ මොළකරු වෙලා හිටපු කෙනා, අද කියන්නේ තමන් කළේ නිකම්ම නිකම් රජයේ කොළ කැබලි ටිකක් අදාළ ආයතනවලට යවන එක විතරයි කියලයි.

🔰- දේශපාලන වේදිකාවලදී පපුවට අත තියලා “මමයි මේ හැමදේම කළේ” කියලා උදම් ඇනූ අය, නීතිය ඉදිරියේදී “මම මොකුත් දන්නේ නැහැ, මම ලියුම් බාර දෙන කෙනෙක් විතරයි” කියලා කියනකොට, අපිට ඇත්තටම හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි තරම්.

🔰- 2005 නොවැම්බර් සිට 2015 ජනවාරි දක්වා රටේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියාට, ආරක්ෂක කවුන්සිලයේ ඉඳන් කීත් නොයාර් වැනි භයානක අපරාධයක් ගැනවත් හරියට මතක නැහැ කියන එක අදහගන්න පුළුවන්ද?

🔰- අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි, එදා ගීතවලින් වගේම පොත්වලින් “වැඩකරන විරුවා” කියලා කිරුළු පැළඳූ නායකයා, අද තමන්ගේ වගකීම්වලින් බේරෙන්න ගිහින් නිකම්ම නිකම් ලිපිකරුවෙකුගේ තැනට වැටීම හරිම උපහාසාත්මකයි.

🔰- ඒත් මේ බොළඳ නාටක අතරේ, අදටත් මේ රටේ පීඩිත ජනතාවට සහ වින්දිතයන්ට ඉතිරි වෙලා තියෙන්නේ කවදාද මේ රටේ සැබෑ යුක්තිය ඉටු වෙන්නේ කියන කටුක ප්‍රශ්නාර්ථය විතරයි0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *