වරදට දඬුවම් විඳීම පාපයක් වූ රටක, ඥානසාර හිමිට අභය දානය පතමින් මිහින්තලා හිමි ජනපති හමුවට ගෙනියන අමුතු පෙත්සම!

🔰- ඥානසාර හිමියන්ගේ කතාව ආයෙත් පාරක් රටේම උණුසුම්ම මාතෘකාව වෙලා!

🔰- වැඩේ කියන්නේ, උන්වහන්සේට ජනාධිපති සමාව අරන් දෙන්න කියලා මිහින්තලේ නායක හාමුදුරුවෝ විතරක් නෙවෙයි, මහා සංඝරත්නයම එකතු වෙලා වෙනම වැඩකට අත ගහලා තියෙනවා.

🔰- ඒ තමයි අත්සන් ලක්ෂ ලක්ෂ 50 දැවැන්ත පෙත්සම් ව්‍යාපාරයක්!

🔰- මේ විශේෂ පෙත්සම් ව්‍යාපාරය 26 වනදා පටන් ගත්තේ අනුරාධපුර පූජනීය මිහින්තලා භූමියෙන්මයි.

🔰- වැඩේට මුලපිරුවේ මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය.

🔰- උන්වහන්සේලාම තමයි පෙත්සමට පළමු අත්සන් ටික තියලා වැඩේට ආශිර්වාද කළේ.

🔰- මිහින්තලේ නායක හාමුදුරුවෝ කියන විදිහට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමයි මේ ජනාධිපති සමාව ඉල්ලා සිටින්නේ.

🔰- හැබැයි මේ අත්සන් ලක්ෂ 50 එකතු කරලා කෙලින්ම ජනාධිපතිට දෙන්නේ නැහැලු!

🔰- මුලින්ම මේ සියලුම අත්සන් මහානායක හාමුදුරුවරුන් වෙත භාරදෙනවා.

🔰- ඊට පස්සේ උන්වහන්සේලාගේ ආශිර්වාදයත් එක්ක කෙලින්ම ජනාධිපති අනුර කුමාර දිසානායකව හමුවෙලා මේක භාරදෙන්නයි තීරණය කරලා තියෙන්නේ.

🔰- අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවමක් නියම වෙලා තිබුණා මතකයිනේ?

🔰- 2019දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනාධිපති සමාව දුන්නා.

🔰- හැබැයි මේ අලකලංචිය වුණේ, පහුගිය සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවත් එක්කයි.

🔰- ඒ සමාව දීම බලරහිතයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාට පස්සේ .

🔰- ඒ කියන්නේ දැන් ඥානසාර හිමියන්ට එරෙහිව ආයෙත් නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙන තැනට වැඩේ පත් වෙලා තියෙන්නේ.

🔰- අන්න ඒ නිසයි මිහින්තලා නායක හාමුදුරුවෝ ඇතුළු පිරිස මේ විදිහට ජනතාවගේ අත්සන් එකතු කරලා ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරියට ඇවිත් තියෙන්නේ.

🔰- මේ අත්සන් ලක්ෂ 50 ව්‍යාපාරයට සෙනඟ කොහොම එකතු වෙයිද, ජනාධිපති අනුර කුමාර දිසානායක මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *