🔰- අනුරාධපුර පූජා භූමියට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය යනු සාමාන්‍ය ගැටුමක් නොවන බවත්, එය 1986 වසරේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් එම ශුද්ධ භූමිය ලේ පැල්ලම් වලින් අපවිත්‍ර කළ අවස්ථාවට කිසිසේත්ම නොදෙවෙනි වූ, රාජ්‍ය අනුග්‍රහය සහිත බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැඩි ලෙස හෙළිදරව් කළහ.
🔰- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් සහ අනුරාධපුර පූජා භූමියේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට ඉන්දියානු අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකිරීමට එරෙහිව දියත් කළ සාමකාමී සත්‍යග්‍රහය සහ උපවාසය රජයේ සෘජු අනුග්‍රහය ඇතිව කඩාකප්පල් කර දැමූ බව උන්වහන්සේ අවධාරණය කළහ.
🔰- මෙම කුමන්ත්රණකාරී ප්‍රහාරය පිටුපස සිටින්නේ රාමඤ්ඤ මහා නිකායෙන් සහ ශාසනයෙන් නෙරපා හරින ලදුව, භික්ෂු ලියාපදිංචිය පවා අහෝසි කර ඇති රාජාංගනය හාමුදුරුවෝ නමින් පෙනී සිටින පුද්ගලක් බව සුමංගල හිමියන් පෙන්වා දෙති.
🔰- ගාලුමුවදොර අරගලයෙන් පසු රට පුරා ගම්වලට පැන දේශපාලන විරුද්ධවාදීන්ගේ නිවාස ගිනි තැබූ ම්ලේච්ඡ කණ්ඩායම් සිහිගන්වමින්, යතුරුපැදි හිස්වැසුම් (හෙල්මට්) පැළඳගත් පිරිසක් මෙම ප්‍රහාරයට දායක වී ඇත.
🔰- ආණ්ඩුවේ සෘජු ආශිර්වාදය ලබන “පැලවත්තේ ත්රස්තවාදීන්” සහ “88-89 පුනරුත්තාපනය නොවූ පිරිස්” මෙම ප්‍රහාරයට කඩාවැදුණු බවත්, ආණ්ඩුව අයවැයෙන් කොළඹ කෘතිම බුද්ධි කේන්ද්‍රස්ථාන ගැන කතා කළද, පැලවත්තේ දැන් නිර්මාණය කර ඇත්තේ ‘විකෘති බුද්ධිය’ පිළිබඳ අසිෂ්ඨ මධ්‍යස්ථානයක් බවත් උන්වහන්සේ උපහාසාත්මකව ප්‍රකාශ කළහ.
🔰- ප්‍රහාරය පිටුපස ඇති පොලිස් කුමන්ත්‍රණය හෙළි කළ හිමි නම, දින දෙකක් තිස්සේ අදාළ පුද්ගලයා සාමය කඩමින් හැසිරුණද පොලීසිය කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකළ බව පෙන්වා දුන්නේය.
🔰- ප්‍රහාරය ආරම්භ වන අවස්ථාවේදී පොලිස්පතිවරයාගේ සෘජු නියෝගයක් මත සියලුම පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කරගැනීම යනු ප්‍රහාරකයන්ට පාර කපා දීම සඳහා කළ සැලසුම් සහගත අපරාධයකි.
🔰- පොලීසිය භාර අමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ, ඔහු ‘ඩයස්පෝරා නියෝජිතයෙකු’ ලෙස හඳුන්වමින්, සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ප්‍රහාරයට ලක්වූ අහිංසක සත්යග්රහකරුවන්ම අගාධයට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට බරපතළ චෝදනා එල්ල කළහ.
🔰- මීට අමතරව, ශාන් ගනේගොඩ නමැත්තෙකු තමන්ට දුරකථනයෙන් තර්ජනය කළ බවත්, ඊට අදාළ හඬපට තම පාර්ශ්වය සතුව ඇති බවත් උන්වහන්සේ හෙළි කළහ.
🔰- වත්මන් පාලකයා ‘නූතන එළාර’ කෙනෙකු ලෙස හඳුන්වමින් සුමංගල හිමියන් ප්‍රකාශ කළේ, මෙවැනි ම්ලේච්ඡ මර්දනයන්ට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පියවර ගන්නා බවයි.
🔰- අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවන රටක අධිකරණයට යාමෙන්ද පළක් නැති බව උන්වහන්සේ ප්‍රශ්න කරති.
🔰- මෙම අතිභය බරපතල තත්ත්වය හමුවේ තවදුරටත් මුව වසාගෙන නොසිටින ලෙස උන්වහන්සේ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිති.
🔰- පැය 24, 48 හෝ 72ක් ඇතුළත මහානායක හිමිවරුන් මෙම ශාසන විරෝධී ම්ලේච්ඡත්වයට එරෙහිව ප්‍රබල තීරණයක් නොගතහොත්, ශාසනය බේරාගැනීම සහ ඥානසාර හිමියන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් තමන් දැඩි හා සුවිශේෂී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව උලපනේ සුමංගල හිමියන් අවසාන වශයෙන් දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කර සිටියහ.