“ලයිට් කපන්න ආපු එකාට ගෙදරටම ගෙනැල්ලා ගැහුවා! හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට!”

🔰- තමන් ඉන්න ගෙදර විදුලි බිල නොගෙවා මඟහැරපු නිසා ලයිට් කපන්න ආපු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකුට එළව එළවා ගහපු හලාවත ප්‍රාදේශීය සභාවේ UNP මන්ත්‍රීවරයෙක්ව මාදම්පේ පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා.

🔰- 23 වනදා දවල් වෙච්ච මේ ප්‍රහාරයෙන් තුවාල වුණු අහිංසක විදුලි නිලධාරියා මේ වෙනකොට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

🔰- වෙලා තියෙන්නේ මෙච්චරයි, මේ කියන මන්ත්‍රී තමන්ගේ ගෙදර විදුලි බිල ගෙවන්නේ නැතුව මඟහැරලා.

🔰- ඉතින් රජයේ නීතියට අනුව ලයිට් කපන්න හලාවත විදුලිබල මණ්ඩලයේ නිලධාරියා ගෙදරට ඇවිත් “ලයිට් එක කපනවා” කියද්දීම මන්ත්‍රීට යකා නැගලා.

🔰- දෙන්නා අතරේ තදින්ම වචන හුවමාරුවක් වෙලා, අන්තිමේදී මන්ත්‍රී සද්දේ දාලා ඒ නිලධාරියාට පහරදීලා තියෙනවා.

🔰- පැමිණිල්ල ලැබුණු ගමන්ම ක්‍රියාත්මක වුණු පොලිසිය මේ මන්ත්‍රීව කුදලාගෙන ගිහින්.

🔰- මෙහෙම අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ මාදම්පේ පැරැණි නගරයේ පදිංචි 28 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.

🔰- මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ යන අතරේ, මේ මන්ත්‍රීව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *