“ස්වාමීනී මම ඉස්ලාම්! අපිට කාගෙන්වත් සමාව ඕන නෑ!” — පාස්කු නඩුවේ තීන්දුව දෙද්දී නවුෆර් මවුලවි උසාවියම හොල්ලයි!

🔰 – 2019 පාස්කු ඉරිදා… මුළු රටම එක මොහොතකට නැවතුණා.

🔰 – කොළඹ, මීගමුව, මඩකලපුව විතරක් නෙවෙයි, මුළු මහත් ශ්‍රී ලංකාවම ලේ විලක් කරලා, නිරායුධ මිනිස්සුන්ව අමු අමුවේ බිලිගත්ත ඒ කාලකණ්ණි තවුහිත් ජමාත් ප්‍රහාරයට අවුරුදු හයකට පස්සේ මෙන්න රිටන් එක ලැබිලා තියෙනවා!

🔰 – කෙනෙක්ට අවුරුදු 200 යි, තව කෙනෙක්ට 220 යි, උපරිමය අවුරුදු 260 යි! කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් එකහෙළා ආපු ඒ තීන්දුවත් එක්ක, තමන්ගේ එකා නැතිවුණු පවුල්වල විලාපයට යම් තරමක හරි සාධාරණයක් ඉටු වුණාද කියන එක අද මුළු රටේම ප්‍රශ්නයක්.

🔰 – නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ඒ විනිසුරු මඩුල්ල දීර්ඝ අවුරුදු 6 ක නඩු විභාගයකින් පස්සේ දුන්න මේ නියෝගයෙන් තවත් එක දෙයක් වුණා…

🔰 – ඒ තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ අයට අයිති මුළු නිශ්චල, චංචල දේපළ ඔක්කොම රජයට පවරාගන්න නියෝග කිරීම!

🔰 – දඬුවම් නියම කරන්න කලින්, විනිසුරුවරු මේ විත්තිකාරයින්ගෙන් ඇහුවා කියන්න තියෙන්නේ මොකක්ද කියලා.

🔰 – අන්න ඒ වෙලාවේ උසාවිය ඇතුළේ සිද්ධ වුණු දේවලින් ඕනෑම කෙනෙක්ගේ ඇඟේ මයිල් කෙළින් වෙනවා.

🔰 – ප්‍රධාන විත්තිකාරයෙක් වුණු නවුෆර් මවුලවි දමිළ භාෂාවෙන් කිව්වේ මොකක්ද දන්නවද?👇

🗣️”ස්වාමීනී, මම කිසිම දේකින් සහනයක් ඉල්ලන්නේ නෑ. ඉස්ලාම් දහමට අනුව ඉහළ බලධාරීන්ගෙන් සමාව හරි සහන හරි ඉල්ලන එක සුදුසු නෑ. ඒ නිසා මම කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ… මම ඉස්ලාම්! උසාවියට හරි කියලා හිතෙන දෙයක් කරන්න!”

🔰 – තවත් විත්තිකාරයෙක් වෙන මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හිනාවෙවී කියනවා👇

🗣️”ස්වාමීනී, මට මාර සතුටුයි! අපේ 9 දෙනෙක් නිදහස් වුණානේ. මම අවුරුදු 7 හමාරක් බන්ධනාගාරයේ හිටියේ රජයේ සල්ලියෙන්, නිකන් කාලා බීලා. ඒකෙන් වාසිය මට විතරයි. හැබැයි මාව එළියට යැව්වා නම් රටටත් ප්‍රයෝජනයක් වෙනවා. මම වරදක් කරලා නෑ. මම අනාගතය ගැන විශ්වාස කරනවා, දෙවියන් වහන්සේ මේක කරපු අයට පස්සේ දඬුවම් කරයි. එතකොට මාව නිදහස් වෙයි. අධිකරණය මේ දඬුවම දුන්නට මම මේකට එකඟ නෑ!”

🔰 – තවත් එකෙක් වෙන මොහොමඩ් ඊබ්‍රහීම් අබ්දුල් හක් කියනවා👇

🗣️”මේක දේශපාලන කුමන්ත්‍රණයක්, රටටයි පිටරටවලටයි පේන්න විනිසුරුවරුන්ට සිද්ධ වෙලා තියෙනවා කාට හරි දඬුවම් කරන්න. ඒකයි අපිට මෙහෙම කළේ!” කියලා.

🔰 – සැකකාර අස්වර් මොහොමඩ් රිස්කාන් කියපු කතාව තවත් අමුතුයි. එයා කියනවා👇

🗣️”මම හරි සතුටින් ඉන්නේ ස්වාමීනී. හැබැයි ඔබතුමාලා ඉන්නේ ලොකු පීඩනයකින් කියලා අපිට පේනවා! ඇත්තම කට්ටිය එළියේ නිදැල්ලේ ඉන්නවා. උන් එළියේ හිටියට උනුත් ඉන්නේ කම්පනයෙන්. අපි මෙච්චර කල් හිටියේ සහෝදරයෝ වගේ, 9 දෙනෙක් නිදහස් වුණු එක තමයි අපේ ජයග්‍රහණය!”

🔰 – හිතලා බලන්න… අහිංසක මිනිස්සු 267 ක් අළු වෙලා යද්දී, 574 ක් ජීවිත කාලයටම ආබාධිත වෙද්දී, උසාවිය ඉස්සරහා ඉඳගෙන මේ යක්ෂයෝ කතා කරපු හැටි!😡

🔴 – කවුරුත් හිතන්නේ නැති විදිහට නඩුවේ තීන්දුව බෙදී ගියේ මෙන්න මේ විදිහටයි👇

🔰 – වසර 200 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්👇
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), කච්චි මොහොමඩ් ජෙස්මින්.

🔰 – වසර 220 බැගින් සිරදඬුවම්👇
නවුෆර් මවුලවි, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි), මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, රසික් රාසා හුසේන්.

🔰 – වසර 240 බැගින් සිරදඬුවම්👇
ගෆූර් මාමා (මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රහීම් අබ්දුල් හක්.

🔰 – වැඩිම දඬුවම – වසර 260 ක සිරදඬුවම්👇
අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්!

🔰 – සැකකාරයින් 9 දෙනෙක් (අබු දාවුද්, අබු මොහොමඩ්, රෂීඩ් ඉබ්‍රහිම් ඇතුළු පිරිසක්) ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් නිදහස් වුණා.

🔰 – 17 වෙනි විත්තිකරු වුණු යාසින් බාවා නඩුව යන අතරතුර බන්ධනාගාරයේදීම මැරිලා තිබුණා.

🔰 – නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 547 දෙනෙක්ගේ සාක්ෂි විමසද්දී මුළු රටම භීතියෙන් ඇලලෙන කරුණු ගොඩක් එළියට ආවා.👇

🟦 – අයි.එස්. කොඩිය ඉස්සරහා තියාගෙන, සහරාන් ඇතුළු පිරිස අවි ආයුධ අතැතිව “අපි නවසීලන්ත ප්‍රහාරයට පළිගන්නවා… සිනාසිසී බෝම්බ අරන් එනවා” කියමින් අල් බග්දාදීට දිවුරුම් දෙන වීඩියෝව හමු වුණේ මෙතැනින්.

🟦 – පානදුර, නුවරඑළිය, හම්බන්තොට, මහනුවර නිවෙස්වල විශාල ලෙස පුපුරණ ද්‍රව්‍ය හංගලා තිබුණා.

🟦 – නැගෙනහිර පළාතේදී යතුරුපැදියක් පුපුරුවලා ටෙස්ට් කරද්දී තුවාල වුණු මිල්හාන් කියන අය , කිලෝමීටර් 300 ක් දුර ගෙවාගෙන කොළඹ ඇවිත් හොස්පිට්ල් එකට බොරු නමක් දීලා කිව්වේ “ගෑස් ටැංකියක් පිපිරුවා” කියලා!

🟦 – එමෙන්ම තමන්ගේ ගෙදර තිබුණේ බූන්දි හරි මස්කට් හරි කියලා විත්තිකාරයා කිව්වට, පොලිසිය හොයාගත්තේ යකඩ බෝල සහ පුපුරණ ද්‍රව්‍ය!

🟦 – වව්නතිවුහිදී මරා දැමූ පොලිස් නිලධාරීන්ගේ රිවෝල්වරය හමු වුණෙත් ගෆූර් මාමා ලඟින්.

🔰 – විත්තිකරුවන්ගේ නීතිඥ කනිල් මද්දුමගේ මහතා කිව්වේ, මේ අය කෙළින්ම බෝම්බකරුවන් එක්ක සම්බන්ධ බවට සාක්ෂි නැති බවත්, සිරගත කරනවාට වඩා පුනරුත්ථාපනය කිරීම වටිනා බවත්ය.

🔰 – නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පාර්ලිමේන්තුව පවා හොල්ලන අයුරින් අධිකරණය හමුවේ මෙසේ ප්‍රකාශ කළාය👇

🗣️”ස්වාමීනී… මේ සාක්ෂිවලින් හෙළිවුණේ අමානුෂික ඝාතන. වෙනත් ආගමිකයන් ඝාතනය කිරීම සහ වෛරය පැතිරවීම විතරයි මොවූන්ගේ අරමුණ වුණේ. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගම ඇදහුවේ නැති එක වරදක්ද? මේ ප්‍රහාරය එල්ල කළේ කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ජේසුස් වහන්සේගේ උත්ථාන දිනයේදීයි. අන්තවාදීන් ටික දෙනෙක් නිසා මුළු රටම විලාප තිව්වා. මෙවැනි රක්ෂිත අපරාධකාරයන් මහ බැංකු බෝම්බ නඩුවේ තීන්දුව වගේ සමාජයෙන් සදාකාලිකවම ඈත් කර තැබිය යුතුයි!”

🔰 – අවසානයේදී, රටේ සංචාරක ව්‍යාපාරයට, ආර්ථිකයට සහ අහිංසක මිනිස් ජීවිතවලට සිද්ධ කළ අතිමහත් හානිය සලකා බලමින් අධිකරණය ඒකමතිකව මේ ඓතිහාසික තීන්දුව ලබා දුන්නා.

🔰 – නමුත් තවමත් ඉතිරි වන අනුත්තර ප්‍රශ්නය නම්… මේ බෝම්බ පිටුපස සිටි සැබෑ මහ මොළකරුවන් කවුද?

🔰 – ඒ ප්‍රශ්නයට උත්තර ලැබෙන තුරු, අවුරුදු 200 ක සිරදඬුවම් ලැබුණත්, මියගිය ආත්මවලට හෝ අසරණ වූ පවුල්වලට පූර්ණ සාධාරණයක් ඉටු වූවා යැයි කිව හැකිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *