🔰 – දේශපාලන අතපෙවීම්, කෝටි ගණන් අල්ලස්, විදේශිකයන්ගේ සූදු සහ තර්ජන මැද යටගිය “ක්‍රිෂ් ඩීල් එක” ආයෙමත් සැරයක් කරලියට ඇවිත්.
🔰 – කොළඹ කොටුවේ අතිසුඛෝපභෝගී ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍ර ඉඩම ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ පෞද්ගලික සමාගමට ලබාගැනීමටත්, ඒකට අවශ්‍ය රාජ්‍ය අනුමැතීන් ඉක්මන් කරලා දෙන්නත් රුපියල් මිලියන 70 ක අල්ලසක් නාමල් රාජපක්ෂට දුන්නා කියන සිද්ධිය ගැන දැන් මුළු රටම කතා වෙනවා.
🔰 – මේ සිද්ධියට සම්බන්ධ සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන වරකාගොඩ ලබන ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.
🔰 – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට හෙළි කළ තොරතුරු අනුව මේ මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ එකපාර නෙවෙයි.
🔰 – මහාදේව් සමාගමේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ ජානකී, ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් එක්ක එකතු වෙලා නිමල් හේමසිරි පෙරේරා කියන අයගේ බැංකු ගිණුම හරහා නාමල් රාජපක්ෂට මෙන්න මේ විදිහට මුදල් යවා තිබෙනවා👇
1️⃣ – 2012 ඔක්තෝබර් 15 👉 රුපියල් මිලියන 40යි
2️⃣- 2012 නොවැම්බර් 18 👉රුපියල් මිලියන 10යි
3️⃣- 2012 දෙසැම්බර් 12 👉 රුපියල් මිලියන 20යි
🔰 – මේ ගනුදෙනු සියල්ල ගැන ජානකී හොඳින්ම දැනගෙන හිටපු බවත්, ඇය කිසිසේත්ම “අහිංසක චේතනාවෙන්” කටයුතු කර නැති බවත් අල්ලස් කොමිසම තරයේම කියා සිටියා.
🔰 – මේ මිලියන 70 ලබාගෙන තිබුණේ රටේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන මුවාවෙන් බවට පැවසෙනවා.
🔰 – නමුත් මේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණයේ නඩුවක් දමා තිබුණද, නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් දීම සහ ලබාගැනීම ගැන වෙනමම පුළුල් විමර්ශනයක් අල්ලස් කොමිසමෙන් ක්‍රියාත්මක වෙනවා.
🔰 – තවත් පුදුමය හිතෙන කරුණ නම්, දැනටමත් එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන්, මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කරගන්නත් අල්ලස් කොමිසම අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමයි.
🔰 – මේ මුළු කතාවේම තවත් භයානක පැත්තක් තියෙනවා. ඒ , මුදල් හුවමාරු වූ බැංකු ගිණුමේ හිමිකරු වන ප්‍රධාන සාක්ෂිකරු නිමල් හේමසිරි පෙරේරා දැනට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.
🔰 – තමන්ගේ ජීවිතයට තියෙන දැඩි තර්ජන හේතුවෙන් ලංකාවට පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබෙනවා.
🔰 – දේශපාලන බලපුළුවන්කාරකම් සහ අඳුරු හස්තයන් මේ විමර්ශන යටගහන්න කොයිතරම් උත්සාහ කරනවාද යන්නට මෙය හොඳම නිදසුනක්!
🔰 – එතකොට මේ සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද්ට ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දුන්නත් විමර්ශනවලට මගහැරපු නිසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරන්න කියලා කොමිසම ඉල්ලා සිටියා.
🔰 – ඉදිරියේදී මුළු ක්‍රිෂ් සමාගමම මෙහි සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතයි.
🔰 – ජානකී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක මහතා අධිකරණයේදී අපූරු කරුණක් මතක් කළා.
🗣️ “2015 දී කරපු පැමිණිල්ලකට 2016 දී CID එක නාමල්ට එරෙහිව B වාර්තාවක් දැම්මා. 2025 දී ඒකට මහාධිකරණයේ නඩුවක් දැම්මා. ඒ නඩුවේදී ජානකී සහ ඉන්දීය ජාතිකයන් දෙන්නා හිටියේ සාක්ෂිකරුවන් විදිහට! එකම සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් වෙලා හිටපු පිරිසක් එකපාරටම සැකකරුවන් කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්න ඕනේ අධිකරණය මිසක් අල්ලස් කොමිසම නෙවෙයි.”
🔰 – කෙසේ වෙතත්, විශේෂ කරුණක් නැති නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ජානකීට ලබන මස 06 වනදා දක්වා බන්ධනාගාරයේ ඉන්න සිද්ධ වුණා.
🔰 – රටේ අතිවටිනා ඉඩම් විදේශීය සමාගම්වලට පවරාදීමේදී පසුපසින් සිදුවූ මෙවැනි කෝටි ගණනක අල්ලස් ඩීල් එකින් එක එළියට එද්දී, ඉදිරියේදී තවත් ප්‍රබලයන් රැසකගේ රෙදි ගැලවෙනු ඇතැයි ජනතාව බලා සිටිනවා!