සාටකයාගේ තවත් බිල්ලක්ද? රාජපක්ෂ පාලන සමයේ රහස් රැසක් දන්නා එරාජ්, කපිල ගෙල වැළලාගත් ආකාරයටම අභිරහස් ලෙස මියයාමේ ඇත්ත කතාව!

🔰- කොළඹ 5, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක දොරක් මත අඩි 9ක් ඉහළින්, රබර් පටියකින් ගෙල වැළලාගෙන අභිරහස් ලෙස මියගොස් සිටියදී හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මළසිරුර සොයාගනු ලැබුවේ පසුගියදාය.

🔰- බම්බලපිටිය පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී මෙය සියදිවි නසාගැනීමක් ලෙස අර්ථ නිරූපණය කිරීමට උත්සාහ කළද, මේ වන විට රට හමුවේ මතුවෙමින් පවතින්නේ අතිශය බිහිසුණු සහ කුතුහලය දනවන කරුණු රැසකි.

🔰- මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා දොරක එල්ලී මියගොස් සිටි අතිශය සැකකටයුතු සහ අභිරහස් ස්වභාවයටම අකුරටම සමාන ලෙස එරාජ් ප්‍රනාන්දු මහතාගේද මරණය සිදුව තිබීම සාමාන්‍ය යෙදීමක් හෝ අහම්බයක් විය හැකිද?

🔰- එකිනෙකට වෙනස්, එහෙත් අතීත දේශපාලන හා මූල්‍ය අර්බුදයන්හි බොහෝ රහස් දැරූ පුද්ගලයන් දෙදෙනෙකු එකම ආකාරයකින්, එකම මොහොතක “නිහඬ” කරනු ලැබීම පසුපස ක්‍රියාත්මක වන්නේ මොන වගේ බලවේගයක්ද?

🔰- මියයන විට මෙම මහල් නිවාස ඒකකයේ ඒ මහතා අතිශය පාළු ලෙස තනිවම ජීවත්ව සිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ජීවත් වන්නේ කැනඩාවේය.

🔰- ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබාගත් බවත් කියමින් සිද්ධිය වෙනත් දෙසකට යොමු කිරීමට උත්සාහ කළද, එම පාළු නිවාසය තුළ සිදුවූයේ කුමක්දැයි දන්නේ බම්බලපිටිය නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි බිත්ති පමණි.

🔰- කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන එරාජ් ප්‍රනාන්දු, 2011 සිට 2021 දක්වා මෙරට දේශපාලනයේ දැවැන්ත හා මතභේදාත්මක චරිතයක් විය.

🔰- දෙවරක්ම හම්බන්තොට නගරාධිපති ධුරය හෙබවූ ඔහු, 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඹාගොස් එලවා දැමුවේ අතැතිව තිබූ පිස්තෝලයක් පෙන්වමිනි.

🔰- පසුව එය “සෙල්ලම් පිස්තෝලයක්” යැයි කියමින් බේරීමට උත්සාහ කළද, අධිකරණය හමුවේ වරදකරු වී වසර 5ක සිරදඬුවමක් නියම විය.

🔰- කෙසේ වෙතත්, බල පෙරළියත් සමග නැවත නිදහස ලැබූ ඔහු, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් සහ රාජ්‍ය අනුග්‍රහය සහිත තවත් අපරාධ රැසක මුලිකයෙකු ලෙස චෝදනා ලැබීය.

🔰- කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුවූයේද මෙලෙසම අතිශය සැකකටයුතු පසුබිමකය. එම සිදුවීමේ සිට එරාජ්ගේ මරණය දක්වා එකම “ස්ක්‍රිප්ට් එකක්” ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි..

🔰- අඩි 9ක් උසැති දොරක රබර් පටියක් ආධාරයෙන් ගෙල වැළලා ගැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට තනිවම කළ හැක්කක්ද?

🔰- නැතහොත් වෙනත් යම් පිරිසක් විසින් ඔහු අඩපණ කර මෙලෙස එල්ලා තැබුවේද?

🔰- රාජපක්ෂ පාලන සමයේ සහ හම්බන්තොට මහ පාරේ සිදුවූ බොහෝ නොකියූ රහස් එරාජ්ගේ යටගියාවේ තිබිණි.

🔰- ඔහු අධිකරණය හමුවේ හෝ පරීක්ෂණ හමුවේ හෙළිකිරීමට ගිය යම් යම් රහස් නිසා ඔහු මෙලෙස බිලිගත්තේද?

🔰- සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වන බව පැවසුවද, ජනතාව තුළ මතුව ඇති අතිශය කුතුහලය දනවන ප්‍රශ්නාර්ථයන් හමුවේ මෙම මරණය හුදෙක් මානසික පීඩනය මත සිදුවූවක් ලෙස බැහැර කළ නොහැක.

🔰- සත්‍යය දිනෙක එළියට එනු ඇත්ද, නැතහොත් එරාජ් සමගම එම රහස්ද සදාකාලයටම වැළලී යනු ඇත්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *