ලෙයින් උරුම නම උප්පැන්නයට ගන්න අම්මා කෙනෙකුගේ නොනවතින සටන: DNA ඉල්ලීම හැලෙද්දී ගුවන් නියමුවරිය ඉහළම අධිකරණයට!

🔰- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි අතර හටගෙන ඇති පිතෘත්වයේ නීතිමය සටන, කොළඹ දිසා අධිකරණයේ සීමාවන් පසුකරමින් දැන් කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හමුවට සම්ප්‍රාප්ත වී තිබේ.

🔰- තමන්ගේ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට නිල වශයෙන් තහවුරු කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් ලබාගැනීමට ඇය මෙම නඩුව පවරා තිබිණි.

🔰- ඒ වෙනුවෙන් විද්‍යාත්මක සාක්ෂියක් ලෙස ක්‍රීඩකයාගේ රුධිර සාම්පලයක් ලබාගෙන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ඊට එරෙහිව ඇය මෙසේ ඉහළ අධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇත.

🔰- පසුගිය අගෝස්තු 4 වනදා කොළඹ දිස්ත්‍රික් විනිසුරු ලලිත් කන්නංගර මහතා ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශ වූයේ, මෙවැනි DNA පරීක්ෂණයකට නියෝග කිරීමට තරම් සාධාරණ හෝ ප්‍රමාණවත් පදනමක් ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බවයි.

🔰- ඒ අනුව එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ විය.

🔰- දෙපාර්ශ්වය වෙනුවෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන් නීතිමය සටනට අවතීර්ණ වී සිටිති.

🔰- පැමිණිලිකාරිය වෙනුවෙන් , ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙනී සිටියි.

🔰- චාමික කරුණාරත්න වෙනුවෙන්, ‘රම්සි බාචා ඇසෝෂියේට්ස්’ ආයතනයේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නිර්මලා ගුණතිලක යන මහත්ම මහත්මීන් පෙනී සිටිති.

🔰- DNA පරීක්ෂණ ඉල්ලීමට එරෙහිව චාමික කරුණාරත්න ලැබූ මෙම අතුරු ජයග්‍රහණය හමුවේ වුවද, ප්‍රධාන නඩුවේ ඉදිරි කටයුතු අවසන් වී නොමැත.

🔰- දිසා අධිකරණයේ පවතින අදාළ නඩුව එළඹෙන ඔක්තෝබර් 9 වනදා නැවත කැඳවීමට නියමිත අතර, මහාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයත් සමඟ මෙම නීතිමය සටන ඉදිරියට තවත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *