🔰 – බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ මේ සංවාද කෙරෙහි කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක් සහ සංවේගයක්.
🔰 – අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා හිස තබා නමදින සංඝ රත්නයට මොකද මේ වෙලා තියෙන්නේ?
🔰 – මහ පාරේ රාජ්ය නිලධාරීන්ට, අහිංසක මිනිස්සුන්ට මහනායක හිමිවරුන්ගේ, මහාචාර්යවරුන්ගේ නාමයෙන් ඇසෙන මේ වචන දිහා බලද්දී හිතට එකපාරටම එන්නේ ලොකු අසරණකමක්.
🔰 – බො.දු බල සේ.නා මහලේකම් හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් මහනුවර සිට පාද යාත්රාවකින් පැමිණි භික්ෂූන් වහන්සේලා සහ ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා ඇතුළු නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලය අසලදී දැඩි උණුසුම් සංවාදයක් හටගත්තා.
🔰 – එහිදී මහාචාර්ය පූජ්ය පාතේගම ඥානිස්සර හිමියන් ජනාධිපති ලේකම්වරයාට සහ පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් ප්රකාශ කළේ, මීට පෙර ලබා දී තිබූ නිදහස සම්බන්ධයෙන් රාජ්ය නිලධාරීන් අතින් සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස පමණක් තමන් ඉල්ලා සිටින බවයි.
🔰 – ජනාධිපති ලේකම්වරයා බොහොම යටහත් පහත්ව , පවතින නීතිමය ක්රියාපටිපාටිය සහ වත්මන් ජනාධිපතිවරයාගේ තීරණය ගැන පැහැදිලි කරද්දී, ඥානිස්සර හිමියන් දැඩි ලෙස කෝපයට පත්වී වදාළේ මෙසේය👇
🗣️ “අපි නුවර ඉඳන් ආවේ භාවනා කරන්න නෙමේ – අපිත් එක්ක බබා හුකුං එපා…”
🗣️“ඔබතුමා කතා කරන්නේ මොකුත් දන්නේ නෑ වගේ, ඔබතුමා බබාද.. ඔබතුමා බබෙක්ද..?”
🗣️“සුමංගල හාමුදුරුවොන්ගේ තියෙන මෛත්රී සහගත වචන මං ගාව නෑ ; මං මහාචාර්යවරයෙක් වුණාට කතා කරන්න ඕන තැන අදාල වචනේ තෝරගන්නවා…”
🗣️ “පොලිසියට පුළුවන්ද මගේ කට වහන්න? තමුසෙලා පඩියට විතරක් වැඩ කරන උන්! අපේ කටවල් වහන්න එන්න ලෑස්ති වෙන්න එපා!”
🔰 – තත්ත්වය තවදුරටත් උග්ර වෙද්දී පොලිසිය මැදිහත් වීමට උත්සාහ කළ අතර, උන්වහන්සේ ඊටද විරෝධය පළ කරමින් කියා සිටියේ, “පොලිසියට පුළුවන්ද මගේ කට වහන්න? පොලිසියම කතා කරන්නේ පඩියට වැඩ කරනවා” යනුවෙනි.
🔰 – අවසානයේ තත්ත්වය පාලනය කිරීමට කස්සප හිමියන් මැදිහත් වී “මේක ගැටුමක් දක්වා දුරදිග ගෙනියන්න දෙන්න එපා ; ස්වාමීන් වහන්සේලා නිශ්ශබ්ද වෙන්න” යැයි ඉල්ලා සිටියද, ඊට මද වේලාවකට පෙර ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂවරයා වෙත එල්ල වූ “තොපේ දුක ඕනෑ නෑ, ප* බ***” යන ප්රකාශය මුළු සමාජයම මහත් කම්පනයට පත් කළේය.
🔰 – අපි පොඩි කාලේ ඉඳන් උගත්තේ “විද්යා දදාති විනයං” (අධ්යාපනයෙන් විනය ලැබෙයි) කියලා.
🔰 – ඒත් මහාචාර්යවරයෙක්, උගතෙක්, සිවුරක් දරාගත්ත යතිවරයන් වහන්සේ කෙනෙක්ගෙන් මෙවැනි වචන පිටවෙද්දී ඒ දහම කොතැනද?
🔰 – බුදුන් වහන්සේ වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවත්, මුදු මොළොක්, මෛත්රී සහගත වචන භාවිත කළ යුතු බවත් දේශනා කළහ.
🔰 – “තොපේ දුක ඕනෑ නෑ, ප* බ*** යැයි තිරිසන් සතුන්ගේ නම් කියමින් ආමන්ත්රණය කිරීම බුදු හිමියන්ගේ ශ්රාවකයෙකුට සුදුසුද?
🔰 – ඇතැම් අහිංසක උපාසක අම්මලා, තාත්තලා තමන් සන්තෙකයේම ඇති බත් වේල, දානය ලෙස පිළිගන්වා, හිස තමා වන්දනා කරන්නේ සිවුරේ තියෙන පූජනීයත්වයට මිසක් පුද්ගලික තගට නෙවෙයි.
🔰 – මහ පාරේ නිහතමානීව අසා සිටින රාජ්ය නිලධාරීන්ට මෙලෙස අපහාස කිරීමෙන් කෙලෙසෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ අතිපූජනීය විශ්වාසය නොවේද?
🔰 – තමන්ගේ මතය වෙනුවෙන් සටන් කිරීමට, විරෝධය දැක්වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත.
🔰 – නමුත් චීවරයට මුවා වී වාචික ප්රචණ්ඩත්වය පැතිරවීම හරහා අනාගත පරම්පරාවට ලබාදෙන ආදර්ශය කුමක්ද?
🔰 – මෙවැනි හැසිරීම් නිසා අද වන විටත් මහජනයා අතර සංඝ සමාජය කෙරෙහි ඇත්තේ දැඩි පිළිකුලක් සහ ප්රතික්ෂේප වීමකි.
🔰 – අවසාන වශයෙන්…. තවත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට සිවුර ඇන්දවීම වෙනුවෙන් පෙළපාළි යන පිරිසක්, තමන් දැනට දරා සිටින සිවුරේ ගෞරවය මහමඟ කෙලෙසනවා නම් එය බුදු දහමට කරන මහත් වූ නිගාවකි.
🔰 – කෑගසමින්, තර්ජනය කරමින්, අසභ්ය වචනයෙන් තග දමන පිරිසක් නෙවෙයි අපේ බුදු දහමට අවශ්ය කරන්නේ..
🔰 – අපිට අවශ්ය ධර්මය තමන්ගේ සංයමයෙන් සහ විනයෙන් ප්රදර්ශනය කරන සැබෑ ශ්රාවකයින් පිරිසකි.
🔰 – ත්රෛනිකායික මහානායක හිමිවරුන් සහ සංඝ සභා මේ ආකාරයේ භික්ෂු විනය කෙලෙසන සිදුවීම් දෙස නොපෙනෙන ලෙස සිටිනවාද, නැතහොත් චීවරයේ ගෞරවය රැකගැනීමට වගවීම ඉටුකරනවාද යන්න සමස්ත බෞද්ධ සමාජයම අද දැඩි අවධානයෙන් සහ සංවේගයෙන් බලා සිටියි.