“මහ පුටු දෙකකට මරණීය දණ්ඩනය!” — නමුත් මේ සාපරාධී ලේ විලේ සැබෑ මහමොළකරුවන් කවුදැයි සත්‍යය තවමත් අඳුරේද?

🔰- 2019 අප්‍රේල් 21 වනදා… මුළු මහත් ශ්‍රී ලංකාවම එකම ලේ විලක් කරමින්, දේවස්ථාන තුළ දෙවියන් යදින්නන් සහ සංචාරක හෝටල්වල සිටි අහිංසක මිනිසුන් 268 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර, තවත් 586 දෙනෙකු ජීවිතාන්තය දක්වා අබාධිතයන් කළ ඒ අලුගෝසු පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඔබට මතකද?

🔰- අද ඒ මහපොළොව නුහුලන අපරාධයේ වෙනස්ම මානයක දේශපාලන සහ නීතිමය පෙරළියක් සිදුවී තිබෙනවා.

🔰- රටේ උසස්ම පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දැරූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාටම කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියම කෙරුණා!

🗣️”තොරතුරු දැන දැනත් අතපය බැඳගෙන සිටියාද?” දේශපාලන අධිකාරියේ සහ බලධාරීන්ගේ සාපරාධී නොසැලකිල්ල!
මෙය හුදෙක් සාමාන්‍ය නඩු තීන්දුවක් නෙවෙයි; රටේ සමස්ත පාලන තන්ත්‍රයේම පතුලටම එල්ල වූ ප්‍රහාරයක්.

🔰- ප්‍රහාරයට පෙර දින, එනම් අප්‍රේල් 20 වනදා සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් “හෙට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙනවා” කියා පැහැදිලිවම මොවුන්ට දැනුම් දී තිබුණා.

🔰- ත්‍රිවිධ හමුදාව කැඳවීමට හෝ, බුද්ධි අංශ රැස්වීමක් තබා රට සූදානම් කිරීමට හෝ, අවම තරමින් දේවස්ථානවලට ආරක්ෂාව දීමට හෝ මොවුන් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

🔰- රටක මහජන ආරක්ෂාව තහවුරු කළ යුතු ප්‍රධානීන් දෙදෙනා, සිය දහස් ගණනකගේ ජීවිත පිළිබඳ තොරතුරු අතේ තබාගෙන නිහඬව සිටීම යනු මිනීමැරීමට අනුබල දීමක් සහ සාපරාධී නොසැලකිල්ලක් බව බහුතර විනිසුරුවරුන් නඩුවේදී අවධාරණය කළා.

🔰- විශේෂිත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැය හතරකට අධික කාලයක් පුරා මෙම කම්පන සහගත තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා..

🔰- ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් දෙදෙනා විත්තිකරුවන් වරදකරුවන් බවට තීන්දු කරමින් මරණ දඬුවම නියම කළා.

🔰- විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වූ බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි

🔰- මේ පුද්ගලයන් දෙදෙනාගේ ඉතිහාසය දෙස බලද්දී, මෙය හුදෙක් නිලධාරීන් දෙදෙනෙකුගේ විනාශයක් නෙවෙයි..

🔰- එදා පැවැති යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන බලපොරයේ සහ කුහකකමේ ප්‍රතිඵලයක් බව ප්‍රසිද්ධ රහසක්!

🔰- හේමසිරි ප්‍රනාන්දු, නාවික හමුදාවේ කමාන්ඩර්වරයෙකු ලෙස සේවය කර, අගමැති ලේකම්, රාජ්‍ය ආයතන ගණනාවක (ටෙලිකොම්, මහජන බැංකුව, ITN) සභාපති ලෙසත්, ජාතික ඔලිම්පික් කමිටු සභාපති ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසත් කටයුතු කළ බලගතු දේශපාලන සෙවනැල්ලක්.

🔰- පූජිත් ජයසුන්දර, 1985 සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පැමිණ පොලිස්පති පුටුවටම නැඟි අයෙක්.

🔰- එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඔහු හෙළි කළේ 2018 ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපති ආරක්ෂක කවුන්සිලයට තමන්ව කැඳවූයේ නැති බවත්, ප්‍රහාරයෙන් පසු “තමන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා බලපෑම් කළ බවත්ය”.

🔰- 2022දී මොවුන්ව මහාධිකරණයෙන් නිදහස් කළත්, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යමින් කළ අභියාචනයෙන් පසුව නැවත විභාග වී අද මේ හිමිව ඇත්තේ මරණීය දණ්ඩනයයි!

🔰- මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට (මිලියන 100ක්), පූජිත් ජයසුන්දරට (මිලියන 75ක්) සහ හේමසිරි ප්‍රනාන්දුට (මිලියන 50ක්) වන්දි ගෙවන ලෙස නියෝග කළ අතර, පූජිත් ජයසුන්දර එම වන්දිය ගෙවා නිමකර තිබුණා.

🔰- නමුත්, “සල්ලිවලට හෝ බන්ධනාගාර දඬුවමකට අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ අනාථ වූ දරුවන්ගේ අනාගතය ආපසු ලබා දිය හැකිද?” යන්න අද මුළු රටම නගන හැඟීම්බර ප්‍රශ්නයයි!

🔰- රාජකාරිය පැහැර හැරීම නිසා සිය දහස් ගණනකගේ ජීවිත අළුවී ගිය පසු, රටේ ඉහළම පුටුවල සිටි නිලධාරීන්ට මරණ දඬුවම නියම වීමෙන් ඉතිහාසයේ කවදාවත් නොතිබූ අන්දමේ බලවත් දේශපාලන සහ සමාජීය පණිවිඩයක් මුළු රටටම ලබා දී තිබෙනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *