🔰- මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය සහ පවතින වාතාවරණය පිළිබඳව දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් (Facebook) ගිණුම සටහනක් තබමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබේ.
🔰- බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා රාගම පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනිණි.
🔰- මෙම සිදුවීම පදනම් කරගනිමින් සටහනක් තබන පතිරණ මහතා පෙන්වා දෙන්නේ මහර බන්ධනාගාරයේ ඇති වූ ප්‍රශ්නය බාහිර සමාජය සිතනවාට වඩා දුරදිග ගොස් ඇති බවත්, ආණ්ඩුව මේ පිළිබඳ තොරතුරු සඟවමින් සිටින බවත්ය.
🔰- එමෙන්ම, වර්තමානයේ සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ බන්ධනාගාර පද්ධතියේ පවතින තදබදය සම්බන්ධයෙන් ද ඔහු සිය සටහන හරහා ආණ්ඩුවට සහ පොලිසියට චෝදනා නගයි.
🔰- 2015 වසරෙන් පසු බන්ධනාගාර පහසුකම් වර්ධනය නොකිරීම සහ පවතින පාලන ක්‍රමවේදයේ පවතින දුර්වලතා පෙන්වා දෙන ඔහු, “සිස්ටම් චේන්ජ්” (System Change) පිළිබඳව ද ප්‍රශ්න කර සිටියි.
🔰- මහින්ද පතිරණ මහතා සිය මුහුණු පොතේ තබා තිබූ සම්පූර්ණ සටහන මෙසේය👇
🗣️ – “රාගමට ඇඳිරි නීතිය දාලා. ඒ කියන්නෙ අපි හිතනවාට වඩා මහර බන්ධනාගාර ප්‍රශ්නය දුරදිග ගිහිං. ආණ්ඩුව තොරතුරු සඟවනවා. එක පැත්තකින් ආණ්ඩුව ඔින එකයි නැති එකයි හැමෝම කුදලන් ගිහිං රිමාන්ඩ් කරනවා. පොලීසියත් එක දාගන්න ගිහිං ඒකට උල්පන්දම් දෙනවා. මොකද කයිතං ආණ්ඩු කරන්නෙ අත්අඩංගුවට ගැනීම් පෙන්නල. හැබැයි මහින්ද රාජපක්ෂ රටට අලුතින් හදපු බන්ධනාගාර හැර එක අලුත් බන්ධනාගාරයක් 2015න් පස්සෙ හදල නැහැ. කයිතං ආණ්ඩුව ආවේ මේව සියල්ල සැලසුම් කරල තියෙන්නෙ කියල. ඒත් මේක දුවන්නෙ අනෙත් හැම ආණ්ඩුවකටම වඩා එදාවේල. උබල සිස්ටම් චේන්ජ් කියල ඇත්තටම මොකක්ද හිතුවේ බං !”