🔰- රටම කැලඹූ අලුත්ම ආන්දෝලනාත්මක සිදුවීමක් වන කුරුණෑගල, කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේ සිදු වූ මෙම අභිරහස් මරණය සමාජ මාධ්ය තුළ දැඩි කතාබහට හා ආන්දෝලනයට ලක්ව තිබේ.
🔰- ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් සොරකම් කිහිපයකට සැකකරුවෙකු වූ තරුණයෙක්, පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු හදිසියේ මිය යාම පිටුපස බරපතළ සැකසංකා මතු වී ඇති අතර, මේ වන විට ප්රදේශය පුරා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත.
🔰- ප්රශ්නය වන්නේ මේ මරණයට සැබෑ වගකිවයුත්තා සහ සත්යය වසා දමන්න උත්සාහ කරන්නේ කවුද යන්නයි?
🔰- පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ අදාළ සැකකරුට ප්රදේශවාසීන් විසින් පහර දී ඇති බවට සැකයක් මතුව ඇති බවයි.
🔰- මේ හේතුවෙන්, සැකකරු අල්ලා ගස් බැඳීමට මුල් වූ ගම්වාසීන් කිහිප දෙනෙක් (මුලදී 5 දෙනෙක් ලෙස පැවසුවද පසුව පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් 4 දෙනෙකු ලෙස තහවුරු කරන ලදී) මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.
🔰- මෙහිදී දැඩි විරෝධයෙන් සහ ආවේගයෙන් ගම්වාසීන් පවසන්නේ,👇
🗣️”පොලිසිය තමයි කලින් ඉඳලම අපිට කිව්වේ මේ හොරාව අල්ලලා දෙන්න කියලා. අපි ඔහුව ගසක බැඳලා පැයක්වත් ගියේ නැහැ, පොලිසිය ඇවිල්ලා කිසිදු තුවාලයක් නැතිව නිරුපද්රිතව ඔහුව අරන් ගියා. එහෙම අරන් ගිය මනුස්සයා දවස් දෙකක් පොලිසියේ තියාගෙන ඉඳලා තමයි මැරිලා තියෙන්නේ” යැයි ගම්වාසීහු දැඩි ලෙස චෝදනා කරති.
🔰- ඔවුන් තවදුරටත් කියා සිටින්නේ ගම්වාසීන් විසින් පහර දීමක් සිදුකර තිබුණේ නම්, පොලිසියට ඔහුව රැගෙන ගිය විගසම රෝහල්ගත කිරීමට හැකියාව තිබූ බවත්, දින දෙකක් පොලිස් අත්අඩන්ගුවේ තබාගැනීමෙන් පසු මෙලෙස මියයාම බරපතළ සැක සහිත බවත්ය.
🔰- මෙහි ඇති ප්රශ්නාර්ථය වන්නේ, ගම්වාසීන් පවසන පරිදි සැකකරු කිසිදු තුවාලයකින් තොරව නිරුපද්රිතව පොලිසියට භාර දුන්නේ නම්, දින දෙකක් පුරා පොලිස් අත්අඩංගුවේ පසුවූ ඔහු හදිසියේම අසනීප වී රෝහල්ගත කෙරුණේ කෙසේද සහ ඇයිද යන්නයි..
🔰- ගම්වාසීන්ගෙන් පහර දීම් සිදුවූයේ නම්, පොලිසියට ඔහුව රැගෙන ගිය වහාම නොකර දින දෙකක් තමන් ළඟ තබා ගැනීමෙන් පසු මිය ගිය පසු ගම්වාසීන් අත්අඩංගුවට ගැනීම සාධාරණද? යන්න මෙහිදී නැගෙන අනෙක් ප්රශ්නයයි..
🔰- සාමාන්ය ජනතාවට නීතිය අතට ගැනීමට අවසර නැතත්, මෙහිදී පොලිසිය විසින් ගම්වාසීන්ට ලබා දුන් උපදෙස් මත ක්රියාත්මක වූ ගැමියන්ට පමණක් සියලු වගකීම පැවරීම කෙතරම් දුරට යුක්තිසහගතද? යන්න අපි තවදුරටත් සොයා බැලිය යුතුයි..
🔰- මේ වන විට ගම්වාසීන් සහ පොලිසිය එකිනෙකට පරස්පර ප්රකාශ නිකුත් කිරීමත් සමඟ, මෙම මරණය පිටුපස ඇත්තේ කුමන ආකාරයේ සත්යයක්ද යන්න රටම බලා සිටී.
🔰- අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම, මියගිය පුද්ගලයාගේ මරණයට සැබෑ හේතුව අනාවරණය කර ගනිමින් වගකිවයුත්තන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා පුළුල් විමර්ශන පවත්වන ලෙස ප්රදේශවාසීහු බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.
🔴- “කෙසේ වෙතත්, අවසානයේ මතක තබා ගත යුත්තේ එකම දෙයකි; මිනිස්සුන්ට ගස් බඳින්නටවත්, පොලිසියට ජීවිත බිලිගන්නටවත් කිසිම ආකාරයක අයිතියක් නැති බවයි!”
🔰- මෙම සිදුවීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද? මෙය හුදෙක් අවාසනාවන්ත මරණයක්ද, නැතහොත් යම් වසන් කිරීමක්ද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!