🔰- ඇත්තටම සතුන්ට ආදරේ කරන අයට මේ වෙලාවේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක් වගේම, අනෙක් පැත්තෙන් යම් තරමක අස්වැසිල්ලක්.
🔰- මොකද, අහිංසක, මුකුත් කරගන්න බැරි සතෙකුට අමානුෂික ලෙස සවලකින් පහර දීලා මරලා දාපු එක ගැන අහද්දී එක ගොඩක් අයට දරුණු කම්පනයක් උනා..
🔰- සමාජ මාධ්ය පුරාම කෑකෝ ගැහුවට, කමෙන්ට් දැම්මට විතරක් නීතියෙන් යුක්තිය ඉටු වෙන්නේ නෑ කියන සත්ව සුබසාධන සංසදය (AWC) හොඳටම දැනගෙන හිටියා.
🔰- ඒ නිසා ඔවුන් කිසිම දෙයකට පස්සට යන්නේ නැතුව, නීතිමය මාර්ගයෙන්ම මේ නරුමයන්ට එරෙහිව සටන් කරන්න පටන් ගත්තේ.
🔰- අන්න ඒ සටනේ තීරණාත්මක, ලොකුම ජයග්රහණයක් අද අපි හැමෝටම ලැබිලා තියෙනවා!
🔰- Pawtopia ආයතනයේ හිමිකරු වගේම, ඒ අහිංසක ‘ටැංගෝ’ (Tango) සුනඛයාට සවලෙන් ම්ලේච්ඡ විදිහට පහරදුන්නු ප්රධාන සැකකරුවාවත් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන ඉවරයි.
🔰- ඒ දෙන්නාවම මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.
🔰- සුරතල් සතුන්ව හරිම ආදරෙන්, පරිස්සමෙන් බලාගන්නවා කියලා පොරොන්දු වෙලා පටන් ගත්ත මේ “Pawtopia” කියන රැකවරණ මධ්යස්ථානය ඇතුළේ සිද්ධ වෙලා තියෙන්නේ අදහාගන්නත් බැරි තරම් දරුණු හිංසනයන්.
🔰- එතන හිටපු අහිංසක සතුන්ට කොසු, මුගුරු, සවල්වලින් ගහලා උන්ගේ කකුල් සහ අස්ථි පවා කඩලා දාලා තියෙනවා කියලා දැන් හෙළි වෙලා තියෙනවා.
🔰- වඩාත්ම සංවේදී දේ තමයි, මේ තරම් දරුණු අපරාධයක් කරලත් Pawtopia හිමිකරු සමාජ මාධ්යයට ඇවිත් සජීවී (Live) වීඩියෝවක් දාලා, කිසිම ගානක් නැතුව ඒ පහරදීම ගැන පාපෝච්චාරණය කරපු එක.
🔰- වෙනත් සතෙක් එක්ක රණ්ඩුවක් බේරන්න ගිහින් සේවකයා සවලෙන් ගැහුවා කිව්වට, සතා මියගියේ සවල් පහරින් නෙවෙයි, වකුගඩු අකර්මණ්ය වෙලා කියලා එයා තමන්ගේ ඇඟ බේරාගන්න එක එක කතා කිව්වා.
🔰- ඒත් පපුව තියෙන ඕනම මනුස්සයෙක්ට තේරෙනවා ඒ අහිංසක සතා විඳපු වේදනාව.
🔰- ටැන්ගොට පහර දෙන ඒ වීඩියෝව ගොඩාක් අයට බලන්න අමාරු වීඩියෝවක් ..
🔰- සමාජ මාධ්යයේ මේ වගේ දෙයක් දැක්කම හැමෝම අහනවා “ඇයි සංවිධාන නිදිද?”
🔰- “ඇයි ඒකට Action එකක් ගන්නේ නැත්තේ?” කියලා, ඒත් යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්.
🔰- ශ්රී ලංකාවේ නීතිය ඇතුළේ ෆේස්බුක් කමෙන්ට්ස් හෝ ෂෙයාර්ස් කියන්නේ “සාක්ෂි” නෙවෙයි.
🔰- නීතිය හමුවේ වරදකරුවෙකුට දඬුවම් දෙන්න නම් ඇසින් දුටු සාක්ෂි, නියම වීඩියෝ දර්ශන නීත්යානුකූලව ඉදිරිපත් කරන්නම වෙනවා.
🔰- අනෙක් දේ තමයි, මේ වගේ මධ්යස්ථානයක් කියන්නේ පෞද්ගලික දේපළක් (Private Property).
🔰- අපිට හිතුමනාපේ ඒකට කඩා වදින්න නීතියෙන් බලයක් නෑ.
🔰- එහෙම කළොත් නීතිය ඉදිරියේ අපි වරදකරුවන් වෙනවා.
🔰- හැබැයි මේ කිසිම බාධාවකට නොසැලුණු AWC සංසදය කෙලින්ම “Pawtopia” නම හෙළිදරව් කරමින් මේ සටනට බැස තිබුනා.
🔰- ඒ සටනෙදී ටැංගෝගේ නීත්යානුකූල අයිතිකරුවන් වගේම, එතන වැඩ කරපු සේවකයින් කිහිපදෙනෙක් සහ තවත් සතුන් නවත්තලා හිටපු අයිතිකරුවන් ඔවුන්ට එකතු වුණා.
🔰- හිමිකරු මොන තරම් සේවකයාව ආරක්ෂා කරන්න හැදුවත්, අපිට ලැබුණු CCTV දර්ශන බලද්දී පෙනුනේ අතිශය ම්ලේච්ඡ, තිරිසන් පහරදීමක්.
🔰- ඒ දර්ශන දැක්කම හදවතින්ම සතුන්ට ආදරේ කරන ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළු එනවා.
🔰- මෙහිදී නීතිඥ Sajeewa Gamage මහතාගේ ප්රධානත්වයෙන්, රෂේන් කුමාරසිංහ, අමිතා රණතුංග සහ මිහිරි සිරිවර්ධන කියන ක්රියාකාරීන් සියලු දෙනාම බිය නැතුව කටාන පොලීසිය හමුවට ගිහින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නිල පැමිණිලි ගොනු කළා.
🔰- මේ අතර නීතිමය පියවර ගනිමින් ඉද්දී, තමන්ට සිද්ධ වුණු අසාධාරණය ගැන කතා කරපු අසරණ තරුණියකගේ ගෙදරටම ගිහින් Pawtopia හිමිකරු බැන වැදිලා, තර්ජනය කරලා තිබුණා.
🔰- සාක්ෂිකරුවන් බිය ගැන්වීම කියන්නේ මෙරට නීතිය යටතේ අතිශය බරපතළ අපරාධයක්!
🔰- ඒ වෙලාවේදීත් AWC එකේ මිහිරි සිරිවර්ධන වහාම ක්රියාත්මක වෙලා, ඒ බියට පත්වුණු තරුණියවත් එක්කගෙන ආයෙමත් කටාන පොලීසියට ගිහින් මේ සාපරාධී බියවැද්දීමට එරෙහිව තවත් නිල පැමිණිල්ලක්දා තිබුනා.
🔰- Pawtopia හිමිකරු මේ සියල්ල බොරු කියලා, තමන් කතා කරන්න විතරක් ගියා කියලා කියන්න උත්සාහ කළත්, නීතිය ඉදිරියේ කාටවත් රඟපාන්න බෑ.
🔰- අපේ රටේ තවමත් තියෙන්නේ අවුරුදු 119ක් පරණ, යල්පැනගිය සත්ව හිංසා ආඥා පනතක්.
🔰- මෙවැනි සුනඛ රැඳවුම් මධ්යස්ථාන නියාමනය කරන්න රජයෙන් නිසි නීති පද්ධතියක් තවම හදලා නෑ.
🔰- අන්න ඒ නිසයි මෙවැනි නීතිමය සටන් දිනන්න නම් එකමුතුකම සහ පැහැදිලි සාක්ෂි අත්යවශ්ය වෙන්නේ.
🔰- තිරය පිටුපස හැංගිලා, ව්යාජ එකවුන්ට්වලින් කමෙන්ට් දාලා සංවිධානවලට බැන වැදුනා කියලා නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ.
🔰- ඔබ ඇත්තටම සතුන්ට ආදරේ නම්, ඔබ ළඟ මොනවා හරි සාක්ෂියක්, වීඩියෝවක් හෝ අත්දැකීමක් තියෙනවා නම්, බය නැතුව ඉදිරියට එන්න!
🔰- දිවුරුම් ප්රකාශ (Affidavits) සහිතව නීතිය හමුවට ඇවිත් ඒ අහිංසක සතුන් වෙනුවෙන් කතා කරන්න.
🔰- ටැංගෝ ට සිද්ධ වුණු මේ ඛේදවාචකයට උපරිම සාධාරණය ඉටු වෙනකම්, ආයේ කිසිම අහිංසක සතෙකුට මෙහෙම තිරිසන් ඉරණමක් අත් නොවෙන තැනට වැඩ සිද්ධ වෙනකම් මේ නෛතික සටන නවත්වන්නේ නැති බවයි AWC සත්ව සුබසාධන සංසදය පවසන්නේ..
🔰- ඉදිරි අධිකරණ ක්රියාමාර්ග ගැන සියලු විස්තර ඉදිරියේදී ඔවුන් මහජනතාවට දැනුම් දීමට නියමිතයි.
🔰- හඬක් නැති අහිංසක සතුන් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවුණු “සත්ව සුබසාධන සංසදය” (AWC – Sri Lanka) වෙත අපගේ හෘදයාංගම ප්රණාමය සහ ආචාරය!