🔰 – පාරට බැහැලා “බුද්ධ ශාසනය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන්” උද්ඝෝෂණය කරනවා කියන සමහර නායක හිමිවරුන්ගේ ඇස්වංචා සහ දෙබිඩි පිළිවෙත් දැන් දැන් හොඳටම එළියට එන්න පටන් අරන්.
🔰 – විහාරමහාදේවී උද්‍යානයේ ඉඳන් ලෝකෙටම පේන්න ධර්මයේ හැසිරෙන විදිහ, මහසෝන් නාටක හා සත්යග්රහ කරන බලංගොඩ කස්සප හාමුදුරුවෝ, රෑ යාමේ කොළඹ තියෙන අතිශය සුඛෝපභෝගී කිංස්බරි හෝටලයට (Kingsbury Hotel) රිංගලා කරපු වැඩේ දැන් මාරම ආන්දෝලනයක් වෙලා තියෙන්නේ.
🔰 – සමාජ මාධ්‍යවලින් මේ රහසිගත ගමන හෙළිදරව් වුණාම, හාමුදුරුවෝ කියන්නේ මෙහෙම කතාවක්. 👇
🗣️ “මට 108ක විතර උණ තිබුණා, සත්පුරුෂ දායකයෝ ආරාධනා කරපු නිසයි එතනට ගියේ”
🔰 – කියලා උන්වහන්සේ මේ කාරණය සාධාරණීකරණය කරන්න හදනවා.
🔰 – හැබැයි හිටපු ඇමති සරත් වීරසේකර වගේ දේශපාලන චරිතත් එක්ක මේ 5-ස්ටාර් හෝටල් කාමරවල ඇතුළේ වෙන රහස් සාකච්ඡා මොනවාද කියලා තේරුම් ගන්න ලොකු මොළයක් ඕනේ නැහැ.
🔰 – එළියේ ඉන්න අහිංසක දායකයන්ගේ ශ්‍රද්ධාව පාව දීලා, රෑට රෑට මේ විදිහට රහසිගතව සැප විඳින එක මහ බරපතල සදාචාරාත්මක පිරිහීමක් නෙමෙයිද?
🔰 – හැබැයි දැන් කස්සප හාමුදුරුවෝ වැඩේ මාට්ටු වුණාම කියන්නේ වෙන කතාවක්.
🔰 – හෝටල් කළමනාකාරීත්වය තමන්ගේ පුද්ගලික දත්ත එළියට දාපු එක ලොකු වරදක්ලු!
🔰 – ජාත්‍යන්තර මට්ටමේ හෝටල්වලින් මේ වගේ දේවල් කරන එකෙන් රටේ ප්‍රතිරූපයට හානියක් වෙනවා කියලා උන්වහන්සේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් හදනවා.
🔰 – හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දත්ත කාන්දු වීම නෙමෙයි, ප්‍රශ්නේ තියෙන්නේ “මහජනතාව හා පුජ්‍ය පක්ෂය මුලා කරලා, 5 ස්ටාර් හෝටල්වල සැප විඳින එකයි.
🔰 -” මහා සංඝයා වෙනුවෙන්ජ, ජනතාව වෙනුවෙන් පාරට බහිනවා කියන අයට කෝ උතුම් සරලකම?
🔰 – හැබැයි සමහර අය මේ වගේ චෝදනා එද්දී සමහරු බුදුන් දවස උදාහරණත් අරන් එනවා.
🔰 – බුදුරජාණන් වහන්සේත් රාජාසනවල වැඩසිටියා තමයි, ඒත් ඒ කිසිම දවසක දුක් විඳින ජනතාවගේ ඇස්වලට වැලි ගහලා, හොර රහසේ මේ වගේ සුඛෝපභෝගී තැන්වල සැප වින්දේ නැහැ.
🔰 – අද බෞද්ධ ශාසනයේ නාමයෙන් සිදුවෙන මේ වගේ කුළී කොන්ත්‍රාත් සහ වංචනික නාට්‍ය නිසා වෙන්නේ බුදු දහමේ පාරිශුද්ධත්ව නැති වීම විතරයි.
🔰 – ජනතාව අද වෙනකොට ගොඩාක් බුද්ධිමත්.
🔰 – සිවුරට මුවාවී මොවුන් මේ රඟන නාට්‍ය පිටුපස තියෙන දේශපාලන උගුල් සහ කපටි නඩවල සැබෑ මුහුණු දැන් හොඳටම තේරුම් අරන් ඉවරයි!
🔴- “අවසානයේ කියන්න තියෙන්නේ මෙච්චරයි, පක්ෂ-පාට, ආගම-ජාතිය හෝ භික්ෂු-ගිහි භේදයකින් තොරව, අපේ බුද්ධ ශාසනයත් මේ රටත් දෙකඩ කරලා විනාශ කරන්න හදන ආණ්ඩු-විපක්ෂ සියලුම දුෂ්ශීලයන්ට එරෙහිව වස් කවි කියවිය යුතුමයි!”