🔰- දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට බරපතල අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.
🔰- මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, පවතින දැඩි ආරක්ෂක තර්ජන හමුවේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා දුන් සෘජු නියෝග නොතකා හරිමින්, බස්නායක නිලමේවරයා ඊට අවසර ලබාදීමට කටයුතු කිරීමයි.
🔰- දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා විසින් 2026 ජූලි 26 වන දිනැතිව ලිපියක් නිකුත් කරමින් කාවඩි සංසදයට දැනුම් දී ඇත්තේ, 06 වන පේළි පෙරහර සඳහා ලියාපදිංචි කාවඩි කණ්ඩායම් 25 කට සහභාගී වීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.
🔰- පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ මෙවර කාවඩි අංගය අත්හිටුවීමට උපදෙස් ලබා දුන්නේ නිකන්ම නෙවෙයි. ඒ පිටුපස අඳුරු පාතාල ගැටුම් හා ‘කංජිපානි’ගේ තර්ජන රැසක් සැඟවී ඇති නිසා.
🔰- දැනට ප්‍රදේශයේ සක්‍රිය පාතාල කල්ලි දෙකක් අතර පවතින වෛරය හමුවේ, අධික සෙනඟක් ගැවසෙන කාවඩි නර්තන අංගය තුළදී ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතිනවා.
🔰- එමෙන්ම මේ වන විට විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කංජිපානි ඉම්රාන්’ විසින් දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත සෘජුවම මරණ තර්ජන එල්ල කරතියෙනවා.
🔰- තවද රාජ්‍ය බුද්ධි සේවාව (SIS) වාර්තා කර ඇත්තේ 40,000 කට අධික ජනකායක් ඒකරාශී වන මෙම භූමියට ඩ්‍රෝන (Drone) තාක්ෂණය භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල වීමේ හෝ විශාල මහජන නොසන්සුන්තාවයක් ඇති කිරීමේ තර්ජනයක් පවතින බවයි.
🔰- මෙම බුද්ධි තොරතුරු පදනම් කරගනිමින් මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ද වහාම ක්‍රියාත්මක වන පරිදි කාවඩි අංගය අත්හිටුවන ලෙස නිලමේවරයාට නියෝග කර තිබුණා.
🔰- රටේ ඉහළම ආරක්ෂක අංශ, බුද්ධි සේවාවන් සහ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැහැදිලි ලෙසම “මහජන ආරක්ෂාවට තර්ජනයක්” ඇති බව පෙන්වා දී තිබියදී, බස්නායක නිලමේවරයා එම නියෝග අභියෝගයට ලක් කරමින් මෙවැනි තීරණයක් ගත්තේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් සහ විවාදයක් නිර්මාණය වී තිබෙනවා.