මාස 9 සිර දඬුවම ඉස්සරහා P&S එකේ Roll එකත් පැත්තකට වෙයි: ඥානසාර හිමියන්ට හදිසි අසනීපයක්!

🔰- ඔන්න 24 වෙනිදා කොළඹ අලුත්කඩේ උසාවිය පැත්තේ ටිකක් කුතුහලය පිරුණු අමුතුම සිද්ධියක් වුණා.

🔰- බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 24වනදා උසාවියේ පෙනී සිටින්න තිබුණත්, උන්වහන්සේට එන්න ලැබුණේ නැහැ.

🔰- සිද්ධිය මෙහෙමයි… ඥානසාර හිමියන් උදේම මහරගම අපේක්ෂා රෝහලට ගිහින් එහෙ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ නමකගේ සුවදුක් බලලා තියෙනවා.

🔰- ඊටපස්සේ තමයි නඩුවට සහභාගී වෙන්න අලුත්කඩේ උසාවිය දෙසට වැඩම කරලා තියෙන්නේ.

🔰- හැබැයි උසාවියට ගොඩවෙන්න කලින්, උන්වහන්සේ ළඟ තිබුණු පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) එකට ගිහින් මොනවා හරි කන්න හදද්දීම එකපාරටම කලන්තේ හැදිලා ඇදගෙන වැටිලා!

🔰- මේ හදිසි අසනීප තත්ත්වය නිසා උන්වහන්සේව කෙළින්ම රෝහල්ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා.

🔰- උන්වහන්සේ එක්ක එකටම හිටපු විහාරගල විජිත හිමියනුත් උසාවියට ඇවිත් මේ බව තහවුරු කළා.

🔰- ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතාට කාරණය පැහැදිලි කරලා දුන්නා.

🔰- මේ නඩුව අද ඊයේ එකක් නෙවෙයි. 2016 ජූලි මාසයේදී කිරුළපන තිබ්බ මාධ්‍ය හමුවකදී, “ඉස්ලාමය කියන්නේ පිළිකාවක්, ඒක අතුගා දාන්න ඕනේ” කියලා ඥානසාර හිමියන් කරපු කතාවක් මුල් කරගෙනයි කොළඹ අපරාධ කොට්ඨාසය දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ මේ නඩුව දාලා තියෙන්නේ.

🔰- ඒ චෝදනාවට උන්වහන්සේ වරදකරු වෙලා, මාස 9ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම වුණා.

🔰- මේ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ගියත් ඒක ප්‍රතික්ෂේප වුණු නිසා, දැන් වැඩේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ.

🔰- ඒ අභියාචනය සලකා බලනකම් සිර දඬුවම ක්‍රියාත්මක කරන එක අත්හිටුවන්න කියලා නීතිඥ මහත්වරු උසාවියෙන් ඉල්ලුවා.

🔰- ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩුව කැඳවන්න දින දාලා තියෙන්නේ 2027 පෙබරවාරි 23 වෙනිදාටයි.

🔰- කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ, මේ මාස 9 සිර දඬුවම ක්‍රියාත්මක නොකර ඉන්න යම් හරි හේතුවක් තියෙනවා නම්, ලබන මාසේ 1 වෙනිදා (ලබන මස 01) උසාවියට කරුණු දක්වන ලෙසයි.

🔰- ඒ වගේම අදාළ නීතිමය කරුණු ඉදිරිපත් කරන්න වෙන්නේ ඥානසාර හිමියන් සනීප වෙලා පෞද්ගලිකවම උසාවියට ආවට පස්සේ බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් මතක් කරලා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *