“යුනිෆෝම් එක පිටින්ම ඒ පොලිස් නිලධාරියා අසරණ වෙලා අවුරුදු 3යි! ආණ්ඩුවේ නිලධාරීවාදයේ කැත වැඩේ හෙළිවන තිත්ත ඇත්ත මෙන්න!”

🔰- නීතිය සහ සාමය සුරකින්න කැපවුණු පොලිස් නිලධාරියෙකුගේ පවුලක් අද අසරණ වෙලා.

🔰- බොරැල්ල පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයට යමින් සිටියදී සිදුවූ දරුණු අනතුරකින් පසු වසර 3ක් තිස්සේ ඇඳකට වී ජීවිතයත් එක්ක සටන් කරන තම සැමියා වෙනුවෙන්, බිරිඳක් නගන මේ හඬ අදාළ බලධාරීන්ගේ දෑස් පෑදීමට හේතු වේවා!

🔰- ගරු ජනාධිපතිතුමනි, මහජන ආරක්ෂක අමාත්‍යතුමනි, ගරු පොලිස්පතිතුමනි, ඔබේ අවධානය පිණිසයි! 🚨

🔰- රාජකාරි ගමනක් අතරතුර අනතුරට ලක්වූ මේ පොලිස් නිලධාරියාට හිමි පැන්ෂන් එක සහ අනතුරු වන්දිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ලියකියවිලි භාරදී වසර 3ක් ගතවී ඇතත්, නිලධාරීවාදී පරීක්ෂණ සහ වෛද්‍ය මණ්ඩලවල ගැටලු නිසා තවමත් එම හිමිකම් ලැබී නැත.

🔴- එදා සහ අද වෙනස: බිරිඳ සමිතා දිනූෂි රාජපක්ෂ තැබූ සංවේදී සටහන පහතින්👇

🗣️ “මගේ සැමියා පොලිස් නිලධාරියෙක්. ඔහු සාජන් පාඨමාලාවකට බොරැල්ල පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයට යමින් සිටියදී සිදුවූ අනතුරකට ලක්වී මේ වන විට අවුරුදු 3කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.

🗣️ එදා අනතුරින් පසු මගේ සැමියාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද වන විටත් ඔහුට නිසි සිහිකල්පනාවක් නැහැ. ඔහුට තනිවම කිසිදු කටයුත්තක් කරගන්න බැහැ. කෑම පවා ලබා දෙන්නේ බටයක් මගින්. හුස්ම ගැනීම පහසු කරවීම සඳහා බෙල්ලටත් බටයක් දමා තිබෙනවා. ඔහුගේ සෑම අවශ්‍යතාවයක්ම, සෑම මොහොතකම මට බලාගන්න සිදුවී තිබෙනවා.

🗣️ අද මම බිරිඳක් විතරක් නෙවෙයි… මගේ සැමියාගේ ජීවිතය රැකගන්න ඔහුගේ ළඟම සිටින එකම රැකවරණය බවට පත්වෙලා. ඔහුට මේ තත්ත්වයෙන් තනිවම ජීවත් වෙන්න බැරි නිසා, ඔහුව තනි කරලා මට රැකියාවකට යන්නවත් හැකියාවක් නැහැ.

🗣️ අවුරුදු 3ක් තිස්සේ ඔහුගේ ප්‍රතිකාර, ඖෂධ සහ රැකවරණය වෙනුවෙන් අපි පුදුම තරම් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිනවා. අපි තවමත් ජීවත් වෙන්නේ කුලී නිවසක. ආදායමක් නොමැතිව, මාසිකව විශාල ප්‍රතිකාර වියදමක් දරමින් මේ ජීවිතය ගෙන යාම මට තනිවම දරාගන්න ඉතාමත් අමාරුයි.

🗣️අනතුරෙන් පසුව අපට ලැබී ඇත්තේ මාස 3ක වැටුපක් සහ හදිසි අනතුරු නිවාඩු අනුමත වීමෙන් පසු මාස 6ක වැටුපක් පමණයි.

🗣️ මගේ සැමියාට හිමි පැන්ෂන් එක සහ අනතුරු වන්දිය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි භාරදී බොහෝ කාලයක් ගතවී තිබෙනවා. SIU පරීක්ෂණයක් හේතුවෙන් පැන්ෂන් එකත් නවතා තිබෙනවා. වන්දිය සම්බන්ධ ලිපිගොනුත් වෛද්‍ය මණ්ඩලයේ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ඉහළට ගොස් නැවත පහළට පැමිණ තිබුණත්, අද වන තුරුත් අපට අවසන් විසඳුමක් ලැබී නැහැ.

🗣️ ගරු පොලිස්පතිතුමනි,

අවුරුදු 3ක් තිස්සේ ඇඳකට සීමා වී, අන් අයගේ උපකාරයෙන් පමණක් ජීවත් වන මගේ සැමියාගේ තත්ත්වයත්, ඔහු වෙනුවෙන් සියල්ල කැප කරමින් ඔහුගේ ළඟ රැඳී සිටින බිරිඳක් ලෙස මා මුහුණ දෙන දුෂ්කරතාවයත් කරුණාවෙන් සලකා බලන්න.

🗣️ අපි ඉල්ලන්නේ අනුකම්පාවක් නොවෙයි… ඔහුට හිමි අයිතිය සහ අපේ පවුලට හිමි සාධාරණයයි.

🗣️ එබැවින්, මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික මැදිහත්වීම ලබාදී, මගේ සැමියාට හිමි පැන්ෂන් එක, අනතුරු වන්දිය සහ අනෙකුත් හිමිකම් හැකි ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ඉතාමත් සංවේදීව හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

🗣️ අවුරුදු 3ක් තිස්සේ අපි බලා සිටියා…
තවත් බලා සිටීමට අපට ශක්තියක් නැහැ.”

🔴- අපගේ ඉල්ලීම👇

🔰- රටේ නීතිය සුරකින්න කැපවුණු පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ බිරිඳට සිදුව ඇති මේ අසාධාරණය වෙනුවෙන් හඬක් නැගීම අප සැමගේ යුතුකමකි.

ගරු ජනාධිපතිතුමනි,

ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමනි,

ගරු පොලිස්පතිතුමනි (IGP),

🔰- කරුණාකර මේ පවුල මුහුණ දෙන මානුෂීය ඛේදාන්තය දෙස බලා, අදාළ නිලධාරීවාදී බාධාවන් වහාම ඉවත් කර ඔවුන්ට හිමි පැන්ෂන් මුදල සහ වන්දිය ඉක්මනින් ලබා දීමට මැදිහත් වන්න!

📢 මෙම පණිවිඩය හැකි තරම් SHARE කර, අදාළ බලධාරීන්ගේ දෑස් පෑදීමට උදව් කරන්න!

උපුටා ගැනීම: සමිතා දිනූෂි රාජපක්ෂ (Samitha Dinushi Rajapaksha )/ මල්සිරි පියල් බණ්ඩාර හේරත් (Malsiri Piyal Bandara Herath.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *