🔰- සේරුවිල පූජනීය භූමියේ පිහිටි රථගාලක නවතා තිබූ බස් රථයක් තුළදී පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ බරපතල අපරාධයකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු සේරුනුවර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
🔰- දුරකථනය ඔස්සේ ඇති කරගත් සබඳතාවයක් මත අදාළ සිසුවිය රවටා, පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙස දන්වා සේරුවිලට ගෙන්වාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
🔰- පෙරහැර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මූතූර් පොලීසියට අයත් සැරයන් ජේ.එම්. චන්ද්‍රරත්න (53388) සහ කොස්තාපල් ජෙයයිලන් මධුෂාන් (104911) යන නිලධාරීන් දෙදෙනාට ලද හදිසි තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී අදාළ ස්ථානයට දිවගොස් සිසුවිය බේරා ගැනීමට කටයුතු කර තිබේ.
🔰- ඒ වන විටත් තරුණයින් තිදෙනෙකු විසින් ඇයට ලිංගික අතවර සිදුකර තිබුණි.
🔰- සිදුවීමට සෘජුවම සම්බන්ධ තරුණයින් තිදෙනා සහ ඊට ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙකු ඇතුළුව පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළහ.
🔰- අත්අඩංගුවට ගත් සැකකරුවන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
🔰- අපරාධයට ලක්වූ පාසල් සිසුවිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.
🔰- අද සමාජයේ හා ලෝකය තුළ අපේ දරුවන් කොතරම් නම් අවදානමකට ලක්ව ඇත්දැයි මෙම අවාසනාවන්ත සිදුවීම අපට නැවත නැවතත් මතක් කර දෙයි.
🔰- දරුවන්ගේ අහිංසකකම සූරාකන මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ, දෙමාපියන් ලෙස අප වැඩි අවධානයකින් පසුවිය යුතු අතර, වගකිවයුතු ආයතන මගින් මෙවැනි අපරාධකරුවන්ට දැඩිම නීතිමය දඬුවම් ලබාදෙනු ඇතැයි මුළු සමාජයම බලාපොරොත්තු වේ.