“එයාර්බස් එකෙනුත් කෝටි 10ක් අරන්ද?” – නිමල් සාක්කිය දෙද්දී, ඩී. වී. චානක කියයි නිමල් ‘බොරුකාරයෙක්’ ලු!

🔰 – දේශපාලන අරගලය ආයෙමත් සැරටම පත්තු වෙලා!

🔰 – මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ එයාර්බස් ගනුදෙනුවක් අස්සෙන් මතුවුණු රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලස් කතාවක් ගැන.

🔰 – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂට එයාර්බස් ගනුදෙනුවේදී ඩොලර් ලක්ෂ 8ක් (රුපියල් මිලියන 100ක්) අල්ලස් විදියට දුන්න බව ව්‍යාපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයකින් කියලා තියෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා උසාවියට දැනුම් දුන්නා.

🔰 – ‘බිස් සොලියුෂන්’ ගිණුමෙන් නිමල්ගේ ‘සේබර් විෂන්’ ගිණුමට ආපු මේ සල්ලි රුපියල් කරලා නාමල්ට දුන්න බවයි කියන්නේ.

🔰 – නාමල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් නිමල් පෙරේරාගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය ප්‍රශ්න කළා.

🔰 – MP ඩී. වී. චානක මාධ්‍ය හමුවක් තියලා කිව්වේ නිමල් පෙරේරා කියන්නේ නඩු 100ක් විතර තියෙන, සාක්ෂි වෙනස් කරන දූෂිත ව්‍යාපාරිකයෙක් බවත්, එහෙම කෙනෙක්ගේ කටඋත්තරයක් අල්ලගෙන ආණ්ඩුව නාමල්ව අත්අඩංගුවට ගන්න හදන බවත්ය.

🔰 – හැබැයි මේ වෙද්දී පොහොට්ටුවෙන් “දූෂිතයෙක්” කියන නිමල් පෙරේරාගේ උපන් දින සාදයක නාමල් සහ එයාගේ බිරිඳ ඉන්න ඡායාරූප මේ වෙනකොට සෝෂල් මීඩියා අතර හුවමාරු වෙනවා.

🔰 – මීට අමතරව ක්‍රිෂ් නඩුවේදීත් 2012දී රග්බි වෙනුවෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් නිමල් පෙරේරාගේ ගිණුම් හරහා වාරික වශයෙන් නාමල්ට ලැබී ඇති බවට විමර්ශනවලදී තහවුරු වී තිබුණා.

🔰 – එක් පාර්ශවයක් මෙය නඩු තිබෙන පුද්ගලයෙකුගේ කටඋත්තර පදනම් කරගෙන කෙරෙන දේශපාලන පළිගැනීමක් ලෙස මෙය හඳුන්වනවා.

🔰 – අනිත් පාර්ශවය පෙන්වන්නේ ගනුදෙනු සහ බැංකු වාර්තා තිබියදී දැන් බේරෙන්න එකිනෙකාට චෝදනා කරගන්නා බවටයි..

🔰 – කෙසේ වෙතත් අවසාන තීරණය උසාවිය විසින් ලබා දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *