කෝටි ගණන් අල්ලස් ගත්තත්, ඇප ලක්ෂය දාගන්න බැරුව චරිත් ආයෙත් ඇතුළට!

‘හරක් කටා’ ගේ කෝටි ගණනක අල්ලස් සිද්ධියට අතදාලා කූඩුවේ ලගින්න වුණු සෙට් එකට ඔන්න ජූලි 28 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් මාරම ‘සහනයක්’ හම්බවුණා.

විජයදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වෙන රඛිත රාජපක්ෂයි, අරුණ ශ්‍රීයි, චරිත් අබේසිංහයි තුන්දෙනාටම එක එකාට රුපියල් ලක්ෂයක මුදල් ඇපයයි, ලක්ෂ 50 ශරීර ඇප දෙකයි දාලා ගෙදර යන්න කිව්වා. පාස්පෝට් ටිකත් උසාවියට තියාගෙන, “පුතෝ ආයේ රට යන්න නම් ලෑස්ති වෙන්න එපා” කියලත් හොඳටම කිව්වා.

හැබැයි මෙතැනදී තමා කතාවේ හොඳම හරිය වුණේ!

කෝටි 50 කින් පටන් අරන්, පස්සේ “හා කමක් නෑ” කියලා කෝටි 20 ට බැහැලා, අත්තිකාරම් විදිහටත් රුපියල් කෝටි 12 ක් (මිලියන 120 ක්!) ගත්තා කියලා චෝදනා ලබපු අපේ චරිත් අබේසිංහ මහත්තයාට… අන්තිමේදී වේලාවට අර රුපියල් ලක්ෂයක මුදල් ඇපය සෙට් කරගන්න බැරි වුණා කියන්නකෝ!

අනිත් දෙන්නා වෙලාවට කොන්දේසි ටික කවර් කරගෙන ආතල් එකේ ගෙදර යද්දී, කෝටි ගණන් ගනුදෙනු කරපු චරිත් මහත්තයාට විනාඩි කිහිපයකට ඇප සල්ලි ටික මදි වුණු නිසා සන්ධ්‍යා භාගයේ 5.30 ට විතර හිරගෙදර මහත්තයාලාගේ කරුණාවෙන් ආයෙමත් බන්ධනාගාර බස් එකේම සැපට ඇතුළට යන්න සිද්ධ වුණා.

කෝටි 12 ක් අතගාපු කෙනෙකුට ලක්ෂයක් වෙලාවට හොයාගන්න බැරිවෙච්ච එක ගැන හිතද්දී ඇඬෙනවා නේද?

කොහොමහරි අල්ලස් කොමිසමටත් කිව්වා ලබන දෙසැම්බර් 08 වෙනිදා වෙනකම් මේ කෝටි ගණන්වල නාඩගමේ ඉතිරි හරිය හොයලා අධිකරණයට කියන්න කියලා. බලමුකෝ ඉදිරියට තව මොන වගේ හාස්‍යජනක සිදුවීම් වෙයිද කියලා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *