එක්සත් ජනපදයේ ‘Houlihan Lokey’ කියන ආයෝජන බැංකුව නිකුත් කරපු අලුත්ම වාර්තාවකට අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20.6ක් (පවුම් බිලියන 15.5ක්) දක්වා තදින්ම ඉහළ ගිහින් තියෙනවා. IPL එකේ ප්‍රධානතම කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය වෙනස් වීමත් එක්ක වුණු ලොකු ගනුදෙනු දෙකක් මේ වර්ධනයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව තරගාවලියේ වටිනාකම 10.3%කින් වැඩි වෙලා තියෙන අතර, එමගින් ලෝකයේ තියෙන වටිනාම ක්‍රීඩා බ්‍රෑන්ඩ් එකක් ලෙස IPL එක තමන්ගේ තැන තවත් තහවුරු කරගෙන තියෙනවා. එම වාර්තාවට අනුව, “තනි තරගයක් පදනම් කරගෙන බලද්දී (per-match basis), ලෝකයෙන්ම IPL එකට වඩා ඉදිරියෙන් ඉන්නේ ඇමරිකාවේ NFL (National Football League) එක විතරයි.”
කණ්ඩායම්වල වටිනාකම සහ අලුත් ගනුදෙනු
Royal Challengers Bengaluru (RCB):
පසුගිය වාර දෙකේම IPL ශූරයින් වුණු, වගේම විරාට් කෝලි ක්‍රීඩා කරන RCB කණ්ඩායම, ඩොලර් මිලියන 312ක (පවුම් මිලියන 234.5ක) බ්‍රෑන්ඩ් වටිනාකමක් එක්ක ලීගයේ වටිනාම කණ්ඩායම විදිහට තමන්ගේ තැන තියාගෙන ඉන්නවා.
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක් වන ‘Blackstone’ ඇතුළත් සන්දශයක් (Consortium) විසින් ඩොලර් බිලියන 1.8ක විතර මුදලකට ළඟදී RCB කණ්ඩායම මිලදී ගත්තා. මෙය IPL ඉතිහාසයේ සිදුවූ වටිනාම කණ්ඩායම් ගනුදෙනුවයි.
Rajasthan Royals (RR):
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයත් ඩොලර් බිලියන 1.65ක අගයකට වෙනස් වුණා. ඉන්දියාවේ යකඩ සහ වානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටල් සහ ඔහුගේ පවුලේ අය, එන්නත් ව්‍යාපාරික ආදර් පූනවාලා එක්ක එකතු වෙලා එහි පාලනය තමන් යටතට අරන් තියෙනවා.
ආයෝජකයින්ගේ විශ්වාසය සහ ඉදිරි ගමන
Houlihan Lokey ආයතනයේ හර්ෂ් තලිකෝටි (Harsh Talikoti) සඳහන් කළේ:
“ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ දැන් ලෝක මට්ටමින් විශාල ආයතන සහ ආයෝජකයින් අතගහන වත්කමක්. 2026 වෙද්දී ඒක තවත් වේගවත් වෙලා තියෙනවා. IPL එක දිගටම ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ සීමාසීමා අලුතින් ලියමින් ඉන්නවා. මේ අලුත්ම ගනුදෙනුවලින් පෙනෙන්නේ, මේකෙන් දිගුකාලීනව ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් කියන දේ ගැන ආයෝජකයින්ට තියෙන තද විශ්වාසයයි.”
2008 අවුරුද්දේ ආරම්භ වුණු IPL තරගාවලිය, මේ වෙද්දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) ලොකුම ආදායමක් ගෙනදෙන මාර්ගය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම, 2020 වෙද්දීත් මේ ලීගය මගින් ඉන්දියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 11කට වඩා වැඩි දායකත්වයක් ලැබෙන බවට ඇස්තමේන්තු කරලා තිබුණා.