“අපිට නොතේරුණාට ලෝකෙට තේරෙන අපේ දියුණුව! ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් ලංකාවට 04 වෙනි තැන අරන් දීලා..”

🔰- අපේ රටේ ආර්ථිකය ගැන ජාත්‍යන්තරයෙන් ඉතාම ධනාත්මක සහ සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා.

🔰- ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

🔰- මෙම විශේෂ පිළිගැනීම හිමිවී තිබෙන්නේ 2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) පිළිබඳ ජාත්‍යන්තර වාර්තාවට අනුවයි.👇

🔷- වියට්නාමය (01 වන ස්ථානය)

🔷- බෙලීස් රාජ්‍යය (02 වන ස්ථානය)

🔷- මොසැම්බික් රාජ්‍යය (03 වන ස්ථානය)

🔷- ශ්‍රී ලංකාව (04 වන ස්ථානය)

🔰- මූල්‍ය කටයුතු සහ ණය පිළිබඳ විනිවිදභාවය තහවුරු කිරීමේ නිශ්චිත ශ්‍රේණිගත කිරීම් අතර 05 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී තිබෙනවා.

🔰- විදේශීය ආයෝජකයින් සමඟ පවත්වන සබඳතා සහ ආයෝජන පරිසරයේ ඇතිවූ ධනාත්මක වර්ධනය මෙම ශ්‍රේණිගත කිරීමට ප්‍රධාන ලෙසම බලපා තියෙනවා.

🔰- පසුගිය කාල සීමාව තුළ ණය කළමනාකරණය සහ ආයෝජන සබඳතා යාවත්කාලීන කරමින්, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා ගැනීමට ලංකාව ලැබූ ලොකුම ජයග්‍රහණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *