“ඩෝබිලා චූන්… අනුර ෆේල්! – නාමල් ඇතුළට ගිය පසු ඉරාජ් කියූ දේ”

🔰- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගෙන, සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ දේශපාලන කරළිය නැවතත් උණුසුම් වී තිබෙනවා.

🔰- ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් කෝටි 10 ක (යුරෝ මිලියන 1.4 කට අධික) අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළවයි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

🔰- කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මෙන්ම ප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මාධ්‍ය හමුවේ දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙය ආණ්ඩුවේ අසාර්ථකත්වය වසා ගැනීමට කරන තවත් එක් “මාධ්‍ය සංදර්ශනයක්” පමණක් බවයි.

🔰- ඉරාජ් කියන කතාව👇

🗣️- “ඉතින් බලන්න, දැන් හයවෙනිදා වෙනකොට ජනාධිපතිතුමාට ජනතාවට කියන්න මොනවා හරි තියෙන්නත් එපැයි. මොකද මේ අවුරුදු දෙකට වරායවල් හැදුවද? නැත්නම් එයාපෝට් හැදුවද? නැත්නම් අර උගන්ඩාවේ තියෙනවා කිව්ව සල්ලි ටික ගෙනාවද? ඒ මුකුත්ම නැහැ.

🗣️- ආණ්ඩුවට කියන්න දෙයක් නැති වුණාම කරන්නේ සමාජ මාධ්‍යවල ඉන්න ‘ඩෝබිලා’ ටික පොඩ්ඩක් ෆෝම් කරන එක. නාමල්ව ඇතුළට දැම්මා කිව්වම ෆේස්බුක්, යූටියුබ් එකේ ඉන්න ඩෝබිලා ‘අම්මෝ’ ගාලා චූන් වෙනවා. ඒගොල්ලෝ හරි ආසයි මෙහෙම නිව්ස් වලට.

🗣️- ඇත්තටම කිව්වොත් මේ අවුරුදු දෙකට වුණේ මොනවාද? දැවැන්ත ගල් අඟුරු වංචාව සිද්ධ වුණා. ඉස්සර රටේ කොහේ හරි වෙඩි තියාගත්තොත් ඒක ලොකු නිව්ස් එකක්. දැන් දවසගානේ වෙඩි තියාගන්නවා, නිව්ස් වල යන්නෙත් නැහැ. ඒ තරමට පාතාලේ වැඩිවෙලා. හැකර්ලා බැංකු වලින් සල්ලි උස්සනවා. අර එකපාරටම අතුරුදහන් වුණු කන්ටේනර් 320 සිද්ධිය… ආණ්ඩුවට මේවා ගැන කතා කරන්න බැහැ.

🗣️- අනිත් පැත්තෙන්, එදා 69 ලක්ෂයේ හිටපු විශාල පිරිසක් තමයි මේ ආණ්ඩුව හදන්නත් එකතු වුණේ. හැබැයි ඒ මිනිස්සුත් දැන් තේරුම් අරන් ඉවරයි මේගොල්ලෝ කියන්නේ සම්පූර්ණ බොරු කියලා.”

🔰- නාමල් රාජපක්ෂව මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ Airbus සමාගමෙන් ගුවන් යානා ලබා ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවකට අදාළවයි.

🔰- කෙසේ වෙතත්, විපක්ෂය සහ රාජපක්ෂ හිතවාදීන් චෝදනා කරන්නේ, වත්මන් පාලනය හමුවේ ඇති ආර්ථික හා සමාජීය අර්බුදවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙවැනි අත්අඩංගුවට ගැනීම් දේශපාලන පලිගැනීම් ලෙස සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *