ගායකයෙක් වුණාට නීතියට උඩින් යන්න බෑ! PHI නිලධාරීන්ට සද්දේ දාපු චිලීට වැඩ වරදී.

🔰 – සමාජයේ තරාතිරම, නම, ජනප්‍රියත්වය හෝ වෘත්තිය මොකක් වුණත් “නීතිය සැමට සමානයි” කියන මූලධර්මය නැවතත් තහවුරු කරමින්, ප්‍රසිද්ධ ගායන ශිල්පී තිලංක විදූෂ නොහොත් “චිලී”ට එරෙහිව වසර 12ක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

🔰 – තමන් ජනප්‍රිය තාරකාවක් හෝ ගායකයෙක් වූ පලියට රටේ සම්මත නීතියට උඩින් යන්නට හෝ රාජකාරි කරන නිලධාරීන්ට තර්ජනය කරන්නට කිසිවෙකුටත් අයිතියක් නැති බව මෙම තීන්දුවෙන් නැවතත් සිහිපත් කර දී තිබෙනවා.

🔰 – කතාව පටන් ගන්නේ 2014 වසරේදී.

🔰 – තලංගම පිහිටි ඔහුගේ නිවසට මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් ඩෙංගු මර්දන පරීක්ෂාවක් සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට චිලී විසින් බලපෑම් කර තිබුණා.

🔰 – තමන්ගේ ජනප්‍රියත්වය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණි නිලධාරීන්ව බියගැන්වීමට සහ රාජකාරියට බාධා කිරීමට උත්සාහ කිරීම නිසා ඔහුට එරෙහිව චෝදනා 4ක් යටතේ නඩු පැවරුණා👇

🔷 – රාජකාරියට බාධා කිරීම

🔷 – සාපරාධී බලහත්කාරය පෑම

🔷 – පහරදීමට තැත් කිරීම

🔷 – බියගැන්වීම

🔰- කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව මෙම චෝදනා හතරටම ඔහු වැරදිකරු බවට තීන්දු කෙරුණා.

🔰- එක් චෝදනාවකට රුපියල් 1,500 බැගින් දඩ නියම වූ අතර, සිද්ධියෙන් අගතියට සහ බියගැන්වීමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කෙරුණා.

🔰- චිලීගේ මෙවැනි හැසිරීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නෙවෙයි.

🔰- 2016 වසරේදී බත්තරමුල්ල පැලවත්තේදී තමන්ගේම අසල්වැසි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහර දී සැඟව සිට පසුව පොලිසියට භාරවීමට ඔහුට සිදුවුණා.

🔰- එදා බන්ධනාගාර බස් රථයේ යද්දී මාධ්‍ය කැමරා හමුවේ ඔහු ප්‍රකාශ කළේ:

🗣️ “මිනියක් මරල නෑ.. කාටවත් වරදක් කරල නෑ.. අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා, ඒක තමයි විදිය!”

🔰- ජනප්‍රිය චරිතයක් ලෙස සමාජයට ආදර්ශයක් දෙනවා වෙනුවට, “තමන් කරන්නේ හරි” යන මතයේ සිටිමින් නීතිය තමන්ගේ අතට ගැනීමට උත්සාහ කිරීම කොතරම් අඥාන ක්‍රියාවක්ද යන්න මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා.

🔰- සින්දු කිව්වා කියලා හෝ ප්‍රසිද්ධ වුණා කියලා කිසිවෙකුටත් නීතිය මඟහැර යන්නට බැහැ.

🔰- රටක පොදු යහපත උදෙසා රාජකාරි කරන රාජ්‍ය නිලධාරියෙකුට ගරු කිරීම සහ රටේ නීතියට අවනත වීම සාමාන්‍ය පුරවැසියාගේ සිට ජනප්‍රියම තරුව දක්වා සැමටම එකසේ අදාළ වෙනවා.

🔰- වසර 12ක් පුරා අධිකරණය හමුවේ රස්තියාදු වී, අන්තිමේදී අධිකරණය ඉදිරියේ වැරදිකරු වීමට සිදු වූ මේ සිදුවීම – “තමන් කොතරම් ලොකු පොරක් කියා සිතුවත් නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකි බවට” හොඳම පාඩමක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *