🔰- පොල් ගස් කාලද..? කෙසෙල් ගස් කාලද..? නැත්නම් අස්වැන්න නෙළන්න ආපු ගොයම් කාලද..? 😢
🔰- නෑ… උන් ආවේ කිසිම කෙනෙකුට හානියක් නැති, හිස් කුස පුරවාගන්න මාන පඳුරක් කන්න විතරයි!
🔰- බඩගින්නට ගත්තු ඒ කොළ අහුර කුසට යන්නත් කලින්, අසරණ හස්තීන් දෙදෙනෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා… 💔🕊️
🔰- අනුරාධපුර, රඹෑව පීනගම (අලුත්ගම කැන්දෑව) ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණේ හදවත පලාගෙන යන සංවේදී පුවතක්.
🔰- අතදරුවෙකු මෙන් වැඩෙමින් සිටි තරුණ වයසේ ගැහැණු වන අලින් දෙදෙනෙකු, මිනිසුන් අටවා තිබූ අධිසැර අනවසර විදුලි රැහැන්වලට හසුවී එම ස්ථානයේදීම අභාග්‍යසම්පන්න ලෙස ඝාතනය වී තිබෙනවා.
🔰- මෙය රඹෑවේ සිදුවීමක් පමණක් නොවේ. “කාවන්තිස්සත් අසරණ ලෙස වේදනා විඳලා අවසානයේ අපෙන් සමුගත්තේ මේ වගේ..
🔰- බඩගින්නේ අසරණව වතුරේ ඉදලා මියගිය කාවන්තිස්සගේ නිහඬ දෑස් පවා අපගෙන් අසන්නේ එකම ප්‍රශ්නයක් “මම මනුසතාට කරපු වරද කුමක්ද ?” කියා පමණයි..
🔰- තේක්ක රාජා, දළපූට්ටුවා, භාතිය, චන්දි, කතිර දළ ඇතුළු අපට සිටි අභිමානවත් හස්තීන් එකා පිට එකා මියගියේ වෙඩි පහරින්, හක්කපටස්වලින්, විදුලි සැරෙන් සහ අක්‍රමවත් ප්රතිකාරවලිනි.
🔰- ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?
🔰- අනවසර අධිසැර විදුලි රැහැන් ඇදීම, කෑදරකමට ඇටවූ හක්කපටස්, තුවක්කු බඳින උගුල් සහ සතුන්ගේ සාම්ප්‍රදායික අලි මංකඩවල් අල්ලාගෙන කෙරෙන නීති විරෝධී ආක්‍රමණ නිසා අද උන්ගේ නිවස වූ කැලය උන්ට අහිමි වෙලා.
🔰- “Department of Wildlife Conservation, Sri Lanka Police… තවත් මොනවා වෙනකන්ද බලන් ඉන්නේ?” 😐
🔰- අපේ රටේ තිසරණයක් නැති මේ අසරණ වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තවත් කොපමණ අලින් ප්‍රමාණයක් මේ විදිහට විදුලි සැර වැදී, වෙඩි කා, හක්කපටස් කාලා මැරෙන්න ඕනද?
🔰- සිද්ධිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් යොදවා ඇති අතර, අදාළ විදුලි රැහැන ඇද තිබූ වගා භූමියේ හිමිකරුවන් හඳුනා ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට පොලීසිය හා වනජීවී දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
🔰- ඒත්, නීතිය ක්‍රියාත්මක වන තුරු අහිමි වූ ඒ වටිනා ජීවිත නැවත ලැබෙයිද? 😢
🔰- තමන්ගේ කුසගින්න නිවාගන්න විතරක් තණකොළ පඳුරක් හෙව්ව ඒ අහිංසක සතුන්ගේ නිහඬ සුසුම්, මේ මහ පොළොවට කවදාවත් අමතක වෙන එකක් නෑ! 💔🐘😭