“කාවන්තිස්සට වුණ දේ ආයේ වෙන්න දෙන්නේ නෑ, නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා” – අගමැති හරිනි… කාවන්තිස්සගේ මරණය පිටුපස සත්‍ය සෙවීමට ජනපතිගෙන් දින 30ක විශේෂ පරීක්ෂණයක්!

🔰 – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු “ජනාධිපති පරිසර සම්මාන 2026” උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාවන්තිස්සගේ මරණය පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කළා.

🔰 – “ක්ලීන් ශ්‍රී ලංකා” කියන්නේ හුදෙක් පාරවල් අතුගෑමක් විතරක් නෙමෙයි, අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සමාජයේ ආකල්ප වෙනස් කරන ජාතික පරිවර්තනයක් බවයි ඇය අවදාරණය කලේ.

🔰 – “කාවන්තිස්ස හස්තියාගෙන් පස්සේ යළි මෙවැනි ඛේදවාචකයක් සිදු වෙන්න ඉඩ තියන්න බැහැ. අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම වෙනුවෙන් වනසතුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේද සහ පශු වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරනවා.” යනුවෙන්ද ඇය සපත කර සිටියා..

🔰 – වනසතුන් ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා රජය දැනටමත් ප්‍රායෝගික වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා..

🔰 – වනාන්තර 113ක් රක්ෂිත බවට පත් කරමින් හෙක්ටයාර 71,900ක් (අක්කර 180,000ක්) ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

🔰 – සතුන්ගේ නිදහස් සංචරණය සඳහා අලිමංකඩ 3ක් සහ අලි කළමනාකරණය සඳහාම වෙන් වූ රක්ෂිතයක් පිහිටුවමින් පවතිනවා.

🔰 – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කැබ් රථ 100ක්, බයිසිකල් 185ක් සහ ට්‍රැක්ටර් 9ක් ලබා දී ඇති අතර, අලි වැට නඩත්තුවට සහායකයින් 3,500ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් යොදවා තිබෙනවා.

🔰 – වසර 26කට පසු පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර පරිසර අමාත්‍යාංශයට නව නිලධාරීන් 1,600කට වැඩි පිරිසක් බඳවා ගනිමින් සිටින බවයි අගමැතිනිය සදහන් කර සිටියේ.

🔴 – ජනාධිපති අනුර කුමාරගෙන් විශේෂඥ කමිටුවක්.. දින 30කින් වාර්තාවක්!👇

🔰- කාවන්තිස්ස හස්තියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

🔰- කමිටුවේ සභාපතිත්වය සහ සාමාජිකයින්👇

🔷 – සභාපති👉 හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතා

🔷 – සාමාජිකයින්👇
මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු
මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර
මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්
ආචාර්ය ජගත් ගුණවර්ධන
නීතිඥ චරක ජයරත්න

🔷 – සම්බන්ධීකාරක👉 ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා

🔰 – කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම් වන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න සහ වක්‍ර හේතු මෙන්ම ප්‍රතිකාර කටයුතුවලදී යම් අතපසුවීමක් හෝ නොසැලකිලිමත්කමක් සිදුවී තිබේදැයි සෙවීමයි.

🔰 – එමෙන්ම වන අලි සුබසාධනය සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් නිසි සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම.

🔰 – අවශ්‍යතාවය අනුව දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටත් මෙම කමිටුවට බලය පවරා තිබෙනවා.

🔰 – මෙම විශේෂඥ කමිටුව විසින් සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධන රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික යෝජනාවලිය ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *