කාවන්තිස්ස මැරුණා නෙවෙයි තොපි එකතුවෙලා මරාගත්තා!

🔰- ලංකාවේ වර්ග කිලෝමීටර් 65000 ඇතුළේ හිටපු විශාලතම, උසම, තේජාන්විතම ඇත් රජ්ජුරුවෝ, අපේ කාවන්තිස්ස මහ ඇතු අද සදහටම දෑස් පියාගත්තා.

🔰- එක පැත්තකින් මඩ ගොඩක වැටිලා අසරණ වෙලා හුස්ම අදින ඇතාගේ ෆෝටෝ දානවා, අනික් පැත්තෙන් ප්‍රවෘත්තිවල යනවා රජයේ ලොක්කොයි, ඇමැතිලයි, හමුදාවයි, ජාත්‍යන්තර ඩොක්ටර්ස්ලා ගේන්න ප්ලෑන් කරපු කතාවලයි ලොකු ලොකු හෑලි.

🔰- හැබැයි අන්තිමට වුණේ මොකක්ද? රැලේ අනික් උන්ව බලාගෙන, පාරවල් පනිද්දි අනික් උන්ට පාර හදලා දීලා චන්ඩියා වගේ අභිමානයෙන් ගල්ගමුවේ වනපෙත රජ කරපු ඒ දැවැන්ත රජා අද සදහටම අපෙන් සමුගත්තා.

🔰- ඇත්තම කතා කරමු, කාවන්තිස්ස මැරුණා නෙමෙයි, වනජීවී එකේ නොහැකියාවයි, ඩොක්ටර්ස්ලාගේ ගොන් වැඩයි, රජයේ ප්‍රදර්ශනාත්මක බයිලා නිසයි ඌව අමු අමුවේ මරාගත්තේ.

🔰- සප්ලයි කරන පටි ටිකයි, ඇමැතිගේ සෘජු අධීක්ෂණයයි ගැන පත්තරවලට කතා කිව්වට වැඩක් නෑ,..

🔰- සතෙක්ගේ පණක් බේරගන්න තොපිට බැරි වුණා.

🔰- ගම්වැසියෝ අවුරුදු ගාණක් ආදරේ කරපු, වෙහෙරගල පන්සල ළඟ වැවේ රජෙක් වගේ නාලා ගොඩවෙනවා දැකපු ඒ මහ ඇතුගේ මරණය පිටිපස්සේ තියෙන්නේ ලොකුම ලොකු කුමන්ත්‍රණයක් සහ බරපතළ වෛද්‍ය නොසැලකිල්ලක්.

🔰- සැප්ත්ම්බර් 22 වෙනිදා පාදයේ තුවාලයක් දැක්කා කියනවා.

🔰- 25 වෙනිදා ඇවිත් එකපාරක් ඇනෙස්තීසියා කළා.

🔰- ඊට පස්සේ දවස් ගාණක් ඇතා අතුරුදන්.

🔰- ආයේ හම්බවෙනකොට ඌට බඩයන්ඩ පටන් අරන්, කන්න බැරුව අසරණ වෙලා, වකුගඩු අක්‍රිය වෙලා.

🔰- ඇයි තොපිට පළවෙනි පාර නිර්වින්දනය කරද්දිම හරියට X-ray එකක් අරන්, බ්ලඩ් ටෙස්ට් එකක් කරලා, මලපහ පරීක්ෂා කරලා රෝග විනිශ්චයක් කරගන්න බැරි වුණේ?

🔰- නිතර නිතර මේ වගේ දැවැන්ත සතෙක්ට ඇනෙස්තීසියා දෙන එක මාරාන්තිකයි කියලා කුකුළන්ට බෙහෙත් කරන එකෙක්වත් දන්නවා.

🔰- ඉසුරු කියන ඩොක්ටර් ඇතුළු වනජීවී දොස්තරලා දුන්න ඖෂධ මාත්‍රාව වැඩි වුණාද?

🔰- ඕවර්ඩෝස් වෙලා, රොං ඇන්ටිබයෝටික්ස් දීලා නේද මේ යෝධයාගේ වකුගඩු ටික පණ නැති කළේ?

🔰- ඊටත් වඩා සැක සහිත දේ තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඇතාට ප්‍රතිකාර කරනවා කියලා ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කරලා, ආරක්ෂක රැකවල් දාලා කරපු විකාරය.

🔰- දශක ගණනාවක් ඇතාව ආශ්‍රය කරපු ගම්වැසියන්වයි, පරිසරවේදීන්වයි එළියෙන් තියලා, හොරෙන් කෑම දීලා, තොපි මොනවද ඒ කැලේ ඇතුළේ හැංගුවේ?

🔰- අන්තිමේදී ව්‍යාපාරිකයෝ ඇවිත් විදේශීය දොස්තරලා ගේන්න සල්ලි දෙන්නම් කියනකම්ම රජයේ පාලකයෝ බුදිද?

🔰- තේක්ක රාජාට වුණෙත් ඕක, භාතියාට වුණෙත් ඕක.

🔰- කිසිම පාඩමක් ඉගෙනගන්නේ නැති, සංරක්ෂණය කියන එක විහිළුවකට ගත්ත මෙහෙම වනජීවී දෙපාර්තමේන්තුවක් අටවාගෙන ඉන්නේ මොකටද?

🔰- අපිට තවත් බයිලා වැඩක් නෑ. ඇමැතිලාගේ සානුකම්පිත කතා අපිට ඕන නෑ.

🔰- සත්‍යය එළියට දාපල්ලා, කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ලබාදුන් සියලුම ඖෂධ, මාත්‍රා පිළිබඳ වාර්තා ස්වාධීන විශේෂඥ මඩුල්ලක් ඉදිරියට වහාම ඉදිරිපත් කරපල්ලා.

🔰- වැරැද්දක් වුණා නම් පිළිගනිල්ලා. බැරි නම් ඒ පුටුවලින් ඉල්ලා අස්වෙලා පලයල්ලා.

🔰- ආදරණීය කාවන්තිස්ස, උඹට මේ කාලකණ්ණි මනුස්ස ලෝකයෙන් නිදහස් වෙලා සුවයෙන් නිවන් යන්න ලැබේවා!

🔰- උඹට කරපු මේ අපරාධයට, නොසලකා හැරීමට සොබාදහමම මුන්ට දඬුවම් දෙයි.

🔰- ආයේ කිසිම ආත්මයක නම් මේ කාලකණ්ණි රටේ ඉපදෙන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *