සින්දු කියන්නත් ‘ටැක්ස්’ ගහන්න ගිහින් අනාගත් ACPOSL “අනේ සොරි” කියමින් පසුබැස යයි!👇

🔰- “පාටියක සින්දුවක් දැම්මත්, මඟුල් ගෙදරක සින්දුවක් කිව්වත් අපිට ගෙවපල්ලා!” කියමින් පහුගිය ටිකේ කඩුව අතට අරන් සටනට බැහැපු ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) මෙන්න එකපාරටම “රීවස්” පාරක් දාලා!

🔰- සංගීතඥයෝ, උත්සව සංවිධායකයෝ, හෝටල් හිමියෝ විතරක් නෙවෙයි, මඟුල් ගෙවල්වල DJ පාරක් දාලා ආතල් එකක් ගන්න බලන් හිටපු සාමාන්‍ය ජනතාවත් එකතු වෙලා දුන්න ‘සැර ප්‍රහාරය’ හමුවේ, මෙන්න ACPOSL කට්ටිය “අනේ අපිට සමාවෙන්න, කාගේ හරි සිත් රිදුනා නම් කනගාටුයි” කියමින් සුදු කොඩිය උස්සලා තියෙනවා.

🔰- කොළඹ 02, ශ්‍රී ජේම්ස් පීරිස් මාවතේ අංක 115 දරන ස්ථානයේ ඉඳන්, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ බලතල පෙන්නලා “කර්තෘභාග (Royalty Fees) ගෙවපල්ලා” කියපු ACPOSL එක, 2026 ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් කරපු විශේෂ නිවේදනයකින් කියන්නේ සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවූ බවයි.

🔰- මඟුල් ගෙවල්, පුද්ගලික සාද සහ ප්‍රසංගවලින් සින්දු වෙනුවෙන් සල්ලි එකතු කරන්න හදපු මේ වැඩේට පහුගිය සති කිහිපයේ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් එල්ල වුණේ සාමාන්‍ය විවේචන නෙවෙයි.

🔰- “මේක කප්පම් ගැනීමක්”, “නිර්මාණකරුවන්ට සලකන්න ගිහින් මුළු සංගීත ක්ෂේත්‍රයම මරන්න හදන වැඩක්” කියලා හැමෝම ACPOSL එකට බුකියේ විතරක් නෙවෙයි මාධ්‍ය හමුවලදීත් හොඳටම ‘ප්‍රහාරය’ දුන්නා.

🔰- ACPOSL සංගමය නිකුත් කරපු ඒ නිවේදනයේ තියෙන රසවත් සහ වැදගත් කරුණු ටික මෙන්න👇

🔷 – පහුගිය දවස්වල කරපු මාධ්‍ය හමුවලදී ACPOSL නිලධාරීන් කියපු සමහර කතාවලින් නොදැනුවත්ව හරි කාගේ හරි “සිත් රිදුනා නම් හෝ අපහසුතාවක් වුණා නම් කණගාටුව පළ කරනවා” කියලයි ඒ අය කියන්නේ.

🔷 – බලපත්‍ර නිකුත් කිරීම සහ ගාස්තු අය කිරීම 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දක්වා තාවකාලිකව නතර කරලා තියෙනවා.

🔷 – මේක තාවකාලිකව නැවැත්තුවා කියලා තමන් සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිම අගතියක් වෙන්නේ නැහැ කියලා ACPOSL එක අවධාරණයෙන් මතක් කරලා තියෙනවා.

🔷 – දැන්ලු ඒ අයට තේරිලා තියෙන්නේ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. ඒ අනුව සංගීතඥයන්, උත්සව සංවිධායකයන්, හෝටල් හිමියන් ආදී සියලු දෙනා එක්ක කතා කරලා, අලුත් ගාස්තු රාමුවක් හදලා, නොවැම්බර් AGM එකේදී සාමාජික අනුමැතිය අරගෙන රජයේ ගැසට් පත්‍රයේ පළ කරන්න බලාපොරොත්තු වෙනවලු.

🔷 – තමන්ගේ මූලික අභිප්‍රාය වුණේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වීම සහ නිර්මාණකරුවන්ට, කතුවරුන්ට සාධාරණ පද්ධතියක් හදන එකලු. “විශ්වාසය ගොඩනැගෙන්නේ අන්‍යෝන්‍ය සංවාදය සහ සවන්දීමට ඇති කැමැත්තෙන්” ලු!

🔰- පහුගිය දවස් ටිකේම මිනිස්සු ඇහුවේ “අපේ සල්ලිවලින් මඟුල් ගෙදරක් පවත්වලා, අපේ සල්ලිවලින් සිංදු කියන එකාට ගෙවලා, ඒ මදිවට තව එවුන්ට ‘සින්දු ටැක්ස්’ ගෙවන්න ඕනද?” කියලා.

🔰- උත්සව සංවිධායකයෝ කිව්වේ මේකෙන් වෙන්නේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන එක කියලා.

🔰- කොහොම හරි, හැමෝම එකතු වෙලා දීපු පාරට ACPOSL එකට දැනට “Pause” බටන් එක ඔබන්න සිද්ධ වෙලා තියෙනවා.

🔰- නොවැම්බර් මාසයේ AGM එකෙන් පස්සේ මේ “සින්දු බද්ද” අලුත් මුහුණුවරකින් ගැසට් එකක් විදිහට එයිද, නැත්නම් ජනතා විරෝධය හමුවේ සදාකාලිකවම යට යයිද කියලා බලන්න ඉදිරියටත් අපිට සිද්ධ වෙනවා.

🔰- ඒ වෙනකම්… “මඟුල් ගෙදරක සින්දුවක් කියාගෙන, පාටියක් දාගෙන ආතල් එකේ ඉන්න ජනතාවට තාවකාලික සහනයක්!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *