🔰- මුළු රටම වසර ගණනාවක් පුරා ලෙයින්, කඳුළින් පෙළුණු ඒ බියකරු අතීතයේ අළු යට ගිනි පුපුරු එකවරම පත්තුවුණා.
🔰- හැමෝම බලන් හිටියේ පරණ කතාවම ආයේ අහන්න වෙයි කියලා… ඒත් උසාවියෙන් ආවේ මුළු මහත් ජාතියම ගැස්සිලා යන, ඇඟ කිලිපොලා යන නඩු තීන්දුවක්!
🔰- මෙරට අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාවක් — එනම් චෝදනා 23,270ක් — යටතේ 2021 අගෝස්තු 10 වන දින ගොනු කෙරුණු පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුණා.
🔰- හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත් කරන ලද නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු වාර 250කට අධික සංඛ්‍යාවක් පුරා විභාග වූ මෙම නඩුවේදී සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි විමසා ලේඛන හා නඩු භාණ්ඩ 2,076ක් සලකුණු කෙරුණා.
🔰- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කරපු සාක්ෂි මත, නැතිවුණු අහිංසක ජීවිත වෙනුවෙන් උසාවිය තීන්දු කළේ මොවුන්ට අවුරුදු 220 සිට 240 දක්වා දීර්ඝ සිර දඬුවම්!
🔴- ⚖️ වරදකරුවන් වූ 15 දෙනා👇
01 පළමුවැනි විත්තිකරු – මොහොමදු නවුෆර් මවුලවී
02 දෙවැනි විත්තිකරු – මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)
03 තෙවැනි විත්තිකරු – හයාතු මොහමදු අහමදු මිල්හාන්
04 සිව්වැනි විත්තිකරු – මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා
05 පස්වැනි විත්තිකරු – මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්
06 හයවැනි විත්තිකරු – මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්
07 හත්වැනි විත්තිකරු – මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්
08 අටවැනි විත්තිකරු – අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
09 නවවැනි විත්තිකරු – මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්
10 දසවැනි විත්තිකරු – අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර)
11 එකොළොස්වැනි විත්තිකරු – හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්
12 පහළොස්වැනි විත්තිකරු – මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්
13 දහසයවැනි විත්තිකරු – මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්
14 දහඅටවැනි විත්තිකරු – රාසික් රසා හුසෙන්
15 දහනවවැනි විත්තිකරු – කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්
🔴- 🕊️ නිදොස් කොට නිදහස් වූ 09 දෙනා👇
01 දොළොස්වැනි විත්තිකරු – මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්
02 දහතුන්වැනි විත්තිකරු – මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්
03 දහහතරවැනි විත්තිකරු – රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්
04 විසිවැනි විත්තිකරු – සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්
05 විසිඑක්වැනි විත්තිකරු – මොහොමඩ් මුස්තපා මොහොමඩ් රිස්වාන්
06 විසිදෙවැනි විත්තිකරු – මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි
07 විසිතුන්වැනි විත්තිකරු – මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා
08 විසිහතරවැනි විත්තිකරු – මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි
09 විසිපස්වැනි විත්තිකරු – මොහොමඩ් අක්‍රම් අහක්කම්
🔰- විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ ප්‍රධාන චූදිත නවුෆර් මවුලවි, තමන් සහරාන් හෂීම් ඇතුළු පිරිස සමග සබඳතා පැවැත්වුවද ප්‍රහාරයන් එල්ල කිරීමට උපදෙස් නොදුන් බව පැවසීය.
🔰- අනෙක් චූදිතයන් වන හයාතු මොහොමදු අහමදු මිල්හාන් සහ මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් කියා සිටියේ පවුලේ අයට තර්ජනය කරමින් සිංහලෙන් සටහන් කළ පාපොච්චාරණවලට තමන් ලවා අත්සන් ගත් බවයි.
🔰- කොච්චිකඩේ, කටුවාපිටිය සහ මඩකලපුව සියොන් දේවස්ථාන ප්‍රහාර සඳහා මෙරට ප්‍රථම වතාවට ‘යූරියා නයිට්‍රට්’ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයා අනාවරණය කළ අතර, ජැමෙයිකාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි දුන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල බෝම්බකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තහවුරු කළේය.
🔰- මුල සිටම වින්දිත පවුල් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, මනුෂිකා කුරේ, හිරුණි පෙරේරා, සිතිජා ජයමාන්න කන්‍යා සොයුරිය සහ සුමිරි එන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
🔰- නඩු තීන්දුව මෙසේ ලැබෙද්දී, ඒ හා සමානවම මුළු රටම කැළඹූ අනිත් සිදුවීම වුණේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අලුත්ම විමර්ශනයයි.
🔰- බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ අනාවරණයෙන් පසුව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හා යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කෙරිණි.
🔰- මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කර්නල් මොහොමඩ් අන්සාර් සහ ප්‍රේම් ආනන්ද උදලාගම යන අයට විදේශ ගමන් තහනම් පැනවීමටද පියවර ගැනුණි.
🔰- සහරාන්ගේ සොහොයුරා ඇතුළු පිරිසට ඇප ලබාදීමට සලේගේ මැදිහත්වීමෙන් හමුදා බුද්ධි අංශයෙන් රුපියල් 250,000ක් දුන් බවටත්, ප්‍රහාරය එල්ල වූ දින උදෑසන සලේ ටාජ් සමුද්‍රා හෝටලය අසල සිටි අයෙකු වාහනයට නංවා ගැනීමට ඇමතුමක් දුන් බවටත් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම් අසාත් මවුලානා ප්‍රකාශ කර තිබේ.
🔰- මීගමුව සහ කටුවාපිටිය පල්ලිය අවට නිරීක්ෂණය කළ මුස්ලිම් කණ්ඩායමකට සලේගේ දැනුම්දීම මත සහාය දුන් බව ‘පෙත්තා’ නමැති ඔත්තුකරු පවසා ඇති අතර එය ප්‍රබල සාක්ෂියක් බව හිටපු මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සඳහන් කර ඇත.
🔰- මීට අමතරව අබ්දුල් අසීස් රූමි ද සලේට එරෙහිව ප්‍රකාශ ලබා දී ඇත.
🔰- ඉන්දියාවේ ‘කිව්’ අංශය සමග සබඳතා පවත්වා ඇති තම්බියන් නමැති හමුදා ඔත්තුකරු හරහා සහරාන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු දිගින් දිගටම ලැබී තිබුණි.
🔰- වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහ කාත්තන්කුඩි මෝටර් සයිකල් පිපිරීම මෙන්ම ප්‍රහාරයට පෙර දින පල්ලිවලට විශාල විනාශයක් කිරීමට යන බවට ඉන්දීය කිව් අංශය දුන් පූර්ව අනතුරු ඇඟවීම් තම්බියන් විසින් දැනුම් දුන්නද, බුද්ධි අධ්‍යක්ෂවරයා වවුනතිව් සිදුවීම එල්ටීටීඊය විසින් කළ එකක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබිණි.
🔰- ප්‍රහාරයෙන් පසුවද සැකකරුවන් කල්මුණේ සිටින බවට දුන් තොරතුරු මත කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර, සහරාන්ගේ කල්ලිය ජීවග්‍රහණයෙන් ඇල්ලීමට තිබියදී සමූල ඝාතනය කිරීමට සැලසුමක් තිබුණේදැයි සැක සහිත බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේය.
🔰- අත්අඩංගුවට පත්වීමෙන් පසු උපවාසයක නිරත වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සුරේෂ් සලේ, උපවාසය අත්හැරියද දින 100කට වැඩි කාලයක් රෝහලේ රැඳී සිටිමින් විමර්ශනවලට බාධා කරන බවත් මෙහි ‘වෛද්‍ය කුමන්ත්‍රණයක්’ ඇත්දැයි සැක සහිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
🔰- කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සලේගේ වෛද්‍ය වාර්තා කැඳවුවද ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා ඒවා ඉදිරිපත් කර නොමැති අතර, වධහිංසා චෝදනා සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ අධිකරණ මනෝ වෛද්‍ය මණ්ඩලය ඉල්ලූ වාර්තාද ලබාදී නොමැත.
🔰- අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් උසාවියේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
🔰- තම ආදරණීයයන් අහිමි වී තවමත් කඳුළු සලන දහස් ගණනක් වින්දිතයන්ට, මේ දිනය නීතියේ තීන්දුව ලැබුණු දිනයක් මෙන්ම, මේ මහා ඛේදවාචකය පිටුපස සිටි සැබෑ බලවේගයන්හි වෙස්මුහුණු ගැලවී යන අතිශය තීරණාත්මක දවසක් බවට පත් වුණා!