🔰 – කොළඹ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු “ශිරාන් බාසික්” කියන්නේ නිකම්ම නිකම් කුඩු වෙළෙන්දෙක් නෙවෙයි! මුළු රටේම නීතිය, දේශපාලනය සහ මාධ්‍ය සල්ලිවලට ගන්න තරම් බලයක් ගොඩනඟාගෙන හිටපු භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්.
🔰 – දැන් මුළු රටම භීතියට පත්කරමින් හෙළිවෙමින් පවතින්නේ, අත්අඩංගුවේ පසුවන ෂිරාන් බාසික් බේරාගැනීම සඳහා ක්‍රියාත්මක වන රුපියල් මිලියන 5000ක (කෝටි 500ක) අතිදැවැන්ත කුමන්ත්‍රණයක් ගැනයි!
🔰 – විමර්ශන ආරංචි මාර්ග හෙළි කරන තිගැස්සෙනසුලුම කරුණ නම්, බාසික්ගේ නිදහස තහවුරු කිරීමටත්, ඔහුට එරෙහි නඩුව කප්පදු කිරීමටත් රුපියල් කෝටි 500ක මුදලක් සූදානම් කර ඇති බවයි!
🔰 – කොළඹ සිට මෙම කළු සල්ලි මෙහෙයවන්නේ ඩුබායි හි සිටින ප්‍රබල ජාවාරම්කාර “මොහොමඩ් සිද්ධික්ගේ” මූල්‍ය හසුරුවන්නන් විසින් බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ..
🔰 – වයස අවුරුදු 42ක් වන, විවාහ නොවූ, නිතර ලංකාවට යන එන බාසික්ගේ අතිශය සමීපතම සම්බන්ධකාරියක වන “සැන්ඩ්‍රා” නමැති කාන්තාව මෙම ජාලයේ ප්‍රධාන පුරුකක් ලෙස හඳුනාගෙන ඇත. (ඇගේ සැබෑ අනන්‍යතාව තහවුරු කරගැනීමට පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.)
🔰 – මෙම කෝටි 500ක අරමුදල යොදවන්නේ පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමටත්, බාසික්ගේ ප්‍රතිරූපය සුදුවතින් මවාපෑමට තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට බලපෑම් කිරීමටත්ය.
🔰 – ඕනෑම ගාස්තුවකට නඩුව භාරගැනීමට ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු සූදානම් කර ඇති අතර, “පිටිගල” නැමැති පොලිස් නීතිඥවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගැසීමට පවා සැලසුම් කර ඇත.
🔰 – මූලාශ්‍ර කියන්නේ ලංකාවේ සල්ලි මදි වුණොත් ඩුබායිවලින් තවත් කෝටි ගණනක් එවන්න සූදානම් බවයි!
(මෙම අල්ලස් සහ බලපෑම් කිරීම් පිළිබඳ චෝදනා විමර්ශන මූලාශ්‍ර ඇසුරින් වාර්තා වන අතර, ඒවා ස්වාධීනව සත්‍යාපනය කරමින් පවතී.)
🔰 – දෙහිවල සහ වැල්ලවත්ත මුහුදුබඩ ප්‍රදේශයේ අතිසුඛෝපභෝගී අවන්හල් 5ක හිමිකාරිත්වය (මිතුරන්ගේ නම්වලින්), බොරලැස්ගමුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස, මැණික් ව්‍යාපාර මෙන්ම රජයේ ඉඩම් ලබාගෙන අඩු මිලට නිවාස සංකීර්ණ ඉදිකිරීම දක්වා බාසික්ගේ මත්ද්‍රව්‍ය අධිරාජ්‍යය විහිදී ඇත.
🔰 – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති පවා තඹදොයිතුවකට මායිම් නොකර මුහුදුබඩ අවන්හල් හදන්න බාසික්ට අවසර ලැබුණේ කෙසේද යන්න අදහාගත නොහැක..
🔰 – දේශපාලන මැතිවරණ ව්‍යාපාරවලට කුඩු සල්ලි වක්කරමින්, ප්‍රබල දේශපාලනඥයන් තමන්ගේ අත්අඩංගුවට ගැනීමට තරම් බාසික් බලවත් වී සිටියේය!
🔰 – මේ අතර ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වමින් සිටි, ඕනෑම කෙනෙකු රැවටීමට නිසඟ දක්ෂතාවයක් තිබූ “සම්පත් අත්තටගේ” නමැත්තා බාසික්ට හමුවන්නේ බන්ධනාගාරයේදීය.
🔰 – එතැන් සිට බාසික්ගේ අතිදැවැන්ත කුඩු සල්ලි සුදුවෙතින් ව්‍යාපාරික ක්ෂේත්‍රයට දැමූ “මොළකරු” වූයේ අත්තටගේය.
🔰 – බාසික් අත්අඩංගුවට පත් වූ වහාම, මොහොමඩ් සිද්ධික්ගේ උපදෙස් පිට අත්තටගේ තමන්ගේ බිරිඳත් එක්ක තායිලන්තයට පැනගොස් ඇති අතර, ඔවුන් දැනට ඩුබායි හි රැඳී සිටින බවට සැකකෙරේ.
🔰 – “මාගෙන් රට” රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී සංජය මහාවත්ත මාධ්‍ය හමුවේ කියා සිටියේ බාසික් නිකම්ම “ටිකට් එකක් දාගෙන ලංකාවට ආවා” කියාය.
🔰 – නමුත් ඇත්ත කතාව නම්, ඩුබායි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් බාසික්ව කෙළින්ම ගුවන් යානයට පටවා ලංකා පොලිසියට භාර දී ඇත!
🔰 – මේ අනුව පැහැදිලිවන්නේ, සංජය මහාවත්ත සහ රට පැනගිය සම්පත් අත්තටගේ අතර පැහැදිලි සමීප සබඳතාවයක් පවතින බවයි.
🔰 – බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල්වලින් මහාවත්තගේ රාජ්‍ය නොවන සංවිධානය නඩත්තු වූ බවටත්, ඔහුගේ ඉදිරි දේශපාලන සිහිනය වෙනුවෙන් මෙම මුදල් යොදවා ඇති බවටත් දැඩි සැකයක් පවතින අතර, පොලිසිය ඒ ගැන පරීක්ෂණ පවත්වයි.
🔰 – කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය (CCD), පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ රාජ්‍ය බුද්ධි අංශය (SIS) එක්ව මේ වන විට බාසික්ගේ මුළු වත්කම් සහ මෙම ජාලයට සම්බන්ධ දේශපාලනඥයන් කොටු කරගැනීමට මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.