🔰- කුරුලෑ ටිකයි කළු ලප ටිකයි නැති කරලා සුදු වෙන්න හිතපු අවුරුදු 17ක කෙල්ලකට අන්තිමට වුණේ😔, තමන්ගේ වකුගඩු දෙකම අනතුරේ දාගෙන ICU යන්න.
🔰- මේක නිකන්ම නිකන් සිද්ධියක් නෙවෙයි..
🔰- අද අපේ රටේ TikTok, Instagram, Facebook වල හැමතැනම “දවස් 7න් සුදු වෙමු”, “කුරුලෑ Majic වගේ නැති කරන ක්‍රීම්” කියලා විකුණන මාරාන්තික බොරුව ගැන දාපු දැවැන්ත අනතුරු ඇඟවීමක්.
🔰- 2025 අගෝස්තු මාසේ ඉන්දියාවේ මලප්පුරම් වල ඉන්න අවුරුදු 17ක දැරියකට Instagram එකේ දැන්වීමක් හම්බවෙනවා.
🔰- කුරුලෑ, කළු ලප, pigmentations ඔක්කොම ඉක්මනට නැති කරලා සම පැහැපත් කරනවා කියලා තමයි ඒකේ කියලා තිබුණේ.
🔰- ඇයත් ඉතින් තමන්ගේ මූණ ලස්සන කරගන්න ආසාවෙන් page එකේ තිබුණු WhatsApp number එකට කතා කරලා මේ ක්‍රීම් එක order කරනවා.
🔰- මුලදී ඇත්තටම කුරුලෑ ටික අඩු වෙනවා වගේ පෙනිලා තියෙනවා.
🔰- ඒකෙන් තවත් උනන්දු වෙලා ඇය හැමදාම රෑට මේ ක්‍රීම් එක ගාලා, අවුරුද්දක් ඇතුළත බෝතල් තුනක්ම පාවිච්චි කරලා.
🔰- හැබැයි එයා දැනගෙන හිටියේ නෑ ඒ ක්‍රීම් බෝතලේ ඇතුළේ තියෙන්නේ රූපලාවන්‍ය දෙයක් නෙවෙයි, මාරාන්තික රසදිය (Mercury) කියලා.
🔰- මාස කිහිපයකින් ඇගේ ඇඟ ඇතුළේ ලෙඩේ ඔඩු දුවන්න පටන් ගත්තා.
🔰- එකපාරටම blood pressure බහිනවා, සිහි නැති වෙන ගතිය එනවා, කකුල් ඉදිමෙන්න ගත්තා.
🔰- කකුල් ඉදිමුණු තරමට ඇවිදගන්නවත්, පඩිපෙළක් නැගගන්නවත් බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා.
🔰- එක දවසක් එයා ක්ලාන්ත වෙලා වැටිලා, කෙළින්ම ICU ඇතුළත් කරන්න සිද්ධ වුණා.
🔰- ඩොක්ටර්ස්ලා කරපු පරීක්ෂණ වලින් තමයි තේරුණේ එයාට බරපතළ වකුගඩු රෝගයක් (serious kidney disorder) හැදිලා කියලා.
🔰- ලේ සහ අනෙකුත් පරීක්ෂණ වලින් ඇගේ ඇඟේ රසදිය මට්ටම අහස උසට තියෙනවා කියලා හොයාගත්තා.
🔰- අන්තිමට ඒ ක්‍රීම් එක ලැබ් එකකට යැව්වම ආපු රිපෝට් එක ඇහුවොත් ඔයාටත් හිතාගන්න බැරි වෙයි😔
🔰- සාමාන්‍යයෙන් ආරක්ෂිත මට්ටම 1 ppm ට අඩු විය යුතු තැන, මේ ක්‍රීම් එකේ 12,500 ppm රසදිය තිබිලා තියෙනවා!
🔰- ඒ කියන්නේ අවසර දීපු සීමාව වගේ 12,500 ගුණයක්!
🔰- අද වෙනකොට ඒ කෙල්ල ටික ටික සනීප වෙමින් හිටියත්, ප්‍රතිකාර තාම ඉවර නෑ. විකුණපු කට්ටියට කතා කළාම කිසිම වගකීමක් ගන්නේ නැතුව මඟහැරලා.
🗣️ “අනේ මට නම් තාම අවුලක් නෑනේ, මූණ සුදු වෙලා ලස්සනට තියෙනවානේ” කියලා හිතනවා නම්, ඒක තමයි ලොකුම රැවටීම.
🔰- රසදිය කියන්නේ මිනිස් සිරුරට කිසිම විදිහකින් අවශ්‍ය දෙයක් නෙවෙයි.
🔰- මේ කුරුලෑ වලින් කුරුලෑ ඉක්මනට හොඳ වෙන්නේ ඇයි කියලා දන්නවද?👇
🔰- රසදිය වලට සමේ තියෙන බැක්ටීරියා මරන්න පුළුවන්, ඒ වගේම සමේ melanin නිපදවෙන එක (කළු පැහැය ඇති කරන සංඝටකය) ඉක්මනට නවත්තන්න පුළුවන්.
🔰- ඒ නිසා දවස් කිහිපයකින් මූණ එළිය වැටෙනවා වගේ පේනවා.
🔰- හැබැයි ඒක සමේ ඇත්ත නිරෝගීකම නෙවෙයි, රසායනික විෂක් නිසා සමේ ස්වාභාවික ආරක්ෂාව බිඳ වැටීමක්.
🔰- ඒ වගේම සම මත ගාන මේ රසදිය ක්‍රමයෙන් සම හරහා ලේ වලට උරාගන්නවා.
🔰- ලේ පිරිසිදු කරන ප්‍රධාන පෙරහනය තමයි වකුගඩු.
🔰- රසදිය අයන වකුගඩු වල තියෙන සියුම් නාලිකා සහ පෙරන ඒකක (glomeruli සහ tubules) වලට බැඳිලා ඒවායේ සෛල වලට හානි කරනවා.
🔰- ප්‍රතිශක්තිකරණ පද්ධතියත් අවුල් වෙලා membranous nephropathy හෝ minimal change disease වගේ වකුගඩු රෝග හැදෙන්න පුළුවන්.
🔰- ප්‍රෝටීන් මුත්‍රා සමඟ පිටවෙලා ඇඟ ඉදිමෙන්නේ (edema) ඔන්න ඔය නිසයි.
🔰- රසදිය මොළයට සහ ස්නායු වලටත් බලපානවා.
🔰- අතපය වෙව්ලීම, නින්ද නොයෑම, මතක ශක්තිය අඩු වීම, කේන්ති යෑම, හිසරදය සහ පෙනීමේ අපහසුතා එන්න පුළුවන්.
🔰- ගර්භනී මවක් පාවිච්චි කළොත් කුසේ ඉන්න දරුවාගේ මොළයේ වර්ධනයට පවා බරපතළ හානි වෙන්න පුළුවන්.
🔰- ක්‍රීම් එක නැවැත්තුවම මොකද වෙන්නේ?👇
🔰- සමේ තිබුණු melanin ආරක්ෂාව නැති වුණාම, අව්වට නිරාවරණය වුණ ගමන් කළු ලප කලින්ටත් වඩා තදට මතු වෙන්න ගන්නවා.
🔰- ඒකෙන් ආයෙත් ඒ ක්‍රීම් එකම ගාන්න පෙළඹෙනවා, මේක මාරාන්තික උගුලක්.
🔰- මේ සිද්ධිය ඉන්දියාවේ වුණාට, ලංකාවේ අපිට මේක පිටස්තර කතාවක් නෙවෙයි.
🔰- අද ලංකාවේත් online, WhatsApp, Instagram, TikTok හරහා නමක් ගමක් නැති, ඖෂධ හා රූපලාවන්‍ය උපකරණ අධිකාරියේ (NMRA) නිසි ලියාපදිංචියක් හෝ පරීක්ෂාවක් නැති “whitening / fairness creams” ඕනෑ තරම් විකිණෙනවා.
🔰- මෙතනදී මතුවෙන අප්‍රසන්න, මතභේදාත්මක ඇත්ත මේකයි👇
🔰- ලක්ෂ ගණන් followers ලා ඉන්න අය, තමන් පාවිච්චි කරනවද කියලාවත් හොයලා බලන්නේ නැතුව, සල්ලි වලට මේ ක්‍රීම් වලට “සුපිරි result” කියලා review දානවා.
🔰- අන්තිමට රැවටෙන්නේ සල්ලි ටිකක් එකතු කරගෙන ලස්සන වෙන්න හිතපු අහිංසක කෙල්ලෝ කොල්ලෝ.
🔰- ලෙඩ වුණාම influencer කෙනෙක් බෙහෙත් ගන්න සල්ලි දෙනවද? නෑ!
🔰- කිසිම බලපත්‍රයක් නැතුව WhatsApp number එකකින් පමණක් ගනුදෙනු කරලා, ලේබල් එකේ අමුද්‍රව්‍ය හරියට නැති ක්‍රීම් විකුණන එක කොච්චර ලේසිද?
🔰- සුදු වීමේ” උන්මාදය නිසා තද පැහැති සමක් තියෙන එක අඩුපාඩුවක් වගේ හිතන්න පුරුදු කරපු සමාජ මතයෙන්, තරුණ වයසේ ළමයි තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා මේවා පස්සේ දුවනවා.
🔰- “දවස් කිහිපයකින් සුදු වෙන”, “කුරුලෑ Majic වගේ නැති කරන”, “ingredient list එකක් නැති” හෝ “WhatsApp/DM හරහා පමණක් විකුණන” කිසිම fairness/whitening cream එකක් පාවිච්චි කරන්න එපා.
🔰- සමේ ප්‍රශ්නයකට සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් (dermatologist) හමුවීම තමයි එකම ආරක්ෂිත පියවර.