ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5යි – ලංකාව මිලියනයයි. දිට්වා සුළි සුළඟින් පීඩිතයන්ට “සල්ලි නෑ”

🔰 – ලෝකයේ අංක එකේ සල්ලිකාරයා වෙන ඇමෙරිකාව, නේපාලයේ ගංවතුරට ඩොලර් ලක්ෂ 5ක් (USD 500,000) දීලා පැත්තකට වෙද්දී, අපේ රට නේපාලයට ඩොලර් ලක්ෂ 10 ක් (USD 1,000,000) පූජා කරනවා!

🔰 – ඔව්, ඔබ ඇසූ දේ නිවැරදිය. ලෝකයේ බලවත්ම ආර්ථිකය හිමි රට ඩොලර් ලක්ෂ 5ක් දෙද්දී, තෙල් ටිකටයි ලයිට් බිලටයි තවමත් කෙළින් සිටගන්න බැරි අපේ රට ඩොලර් මිලියනයක් පූජා කර ඇත.🤏

🔰 – කතා දෙකක් නෑ, අපි තමයි ලෝකෙන්ම ඇදිවත පවා දන්දෙන ජාතිය!

🔰 – “අපිට කන්න නැතත් මොකද, ලෝකෙට පේන්න සල්ලි බෙදාන්න තියෙනවා නම් නේද ?🤔 !”

🔰 – ‘දිට්වා’ සුළි සුළඟින් අපේ රටේ ගෙවල් 96,000කට වැඩිය විනාශ වෙලා, මිනිස්සු තවමත් අනාථ කඳවුරුවල වැළපෙනවා.

🔰 – ඔවුන් දරුවන්ට පාසල් උපකරණ ටික ගන්නේ, කෑම වේල සොයාගන්නේ ඇඬූ කඳුළිනි.

🔰 – මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකන් තෙල් ටිකට, ලයිට් බිලට, කෑම වේලට සල්ලි හොයාගන්න බැරුව අඬනවා.

🔰 – හැබැයි අපේ ආණ්ඩුවට එක පාරටම “මහ දානපති” මානසිකත්වය පහළ වෙලා.

🗣️ ඇමෙරිකාව – “අපේ ආර්ථිකය විශාලයි, ඒත් අපි පරිස්සමෙන් ඩොලර් ලක්ෂ 5ක් දෙන්නම් නේපාලයට.”

🗣️ ශ්‍රී ලංකාව – අපි ඩොලර් මිලියනයක් දෙනවා! අපේ මිනිස්සුන්ට ගෙවල් නැති වුණාට මොකද, අපිට සෝබනේ තියෙනවනේ!”

🔰 – නේපාලයේ ව්‍යසනය ඇත්තෙන්ම අහස පොලොව නුහුලන ව්‍යසනයක්..

🔰 – එයට අප අනිවාර්යෙන්ම සහයෝගය දැක්විය යුතුයි.

🔰 – එය අප කල යුත්තේ අපිට හැකි ආකාරයටයි..

🔰 – හැබැයි තමන්ගේ ඇඳුමත් ඉරිලා තියෙද්දී, අසල්වැසියාට අලුත් ඇඳුම් මහලා දෙන්න යන එක නම් අදහගන්න අමාරු කාරණයක්..

🔰 – දිට්වා එකෙන් බැට කාපු අපේ අසරණ මිනිස්සුන්ට වන්දි ටික දෙන්න, ගෙවල් ටික හදලා දෙන්න සල්ලි නෑ කියනවා.

🔰 – “රටේ ඩොලර් නෑ, ඒකයි තෙල් මිල, විදුලි බිල අඩු කරන්න බැරුව ඉන්නේ” කිය කිය බදු ගහනවා.

🔰 – හැබැයි රාජ්‍යතාන්ත්‍රික ෂෝ එක දාන්න ඕන වුණාම එකපාරටම ඩොලර් මිලියන ගණන් මතු වෙනවා. මොන ආශ්චර්යයක්ද ඒක!

🔰 – රට මෙච්චර පෝසත් නම්, නිකන් බොරු ෂෝ නොදා මුලින්ම මේ අසරණ මිනිස්සුන්ගේ තෙල් ගණන්, කෑම ගණන් අඩු කරලා හිටපල්ලා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *