සුදු ඔසරිය පස්සෙ තිබ්බ ඇත්තම කතාව මෙන්න: නන්දා මාලනියගේ දියණියන් කිසිදා නොකී රහස හෙළි කරයි!

🗣️”අම්මේ, ඇයි හැමදාම සුදු අඳින්නෙ කියලා අපි කවදාවත් ඇගෙන් අහල නෑ… ඒත් ඒ සුදු ඔසරියට අම්මා හරිම ලස්සනයි.”

🔰 – ඇගේ ගීත හුදෙක් ශ්‍රවණය කරන සුරංගනා කතා නොවීය.

🔰 – මහපොළොවේ පයගසා ජීවත්වන මිනිසුන්ගේ අයිතිය, වේදනාව සහ ආදරය වෙනුවෙන් හඬ අවදි කළ ඇය, විශාරද නන්දා මාලනියයි.

🔰 – රසික හදවත් අමන්දානන්දයට පත්කළ ඒ අසමසම ගායිකාවගේ ජීවිතයේ පසුපස සිටි සැබෑ චරිතය ගැන ඇගේ වැඩිමල් දියණිය වරුණි රසෝජා පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවකදී අනාවරණය කළේ අමතක නොවන මතකයන් පෙළකි.

🔰 – 1943 අගෝස්තු 23 වනදා අලුත්ගම ලෙවන්දූවේ සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් ගැමි පවුලක උපත ලැබූ ඇය, කුඩා කල සිටම සංගීතයට දක්වූයේ සහජ දක්ෂතාවයකි.

🔰 – කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” හරහා “බුදු සාදු” ගීය ගයමින් ජනප්‍රියත්වයට පත් වූ ඇයට, 1961 දී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ සඳහා නාරද දිසාසේකරයන් සමඟ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කිරීමට අවස්ථාව හිමි විය.

🔰 – එම වසරේ හොඳම චිත්‍රපට ගීතයට හිමි සරසවිය සම්මානය දිනාගත්තේ ද මෙම අමරණීය ගීතයයි.

🗣️”අපිට කවදාවත් අම්මාගේ නම විකුණන්න ඕන වුණේ නෑ”

🔰 – අනෙකුත් ප්‍රවීණ ශිල්පීන්ගේ දරුවන් මව්පියන්ගේ නම භාවිත කරමින් ක්ෂේත්‍රයට පිවිසියද, නන්දා මාලනියගේ දියණියන් දෙදෙනා තෝරාගත්තේ වෙනස්ම මාවතකි.

🗣️”ඇත්තම කිව්වොත් බොහෝ අය දන්නේ නෑ නන්දා මාලනියට දුවලා දෙන්නෙක් ඉන්නවා කියලා. අම්මාගේ නමින් එළියට එන්න අපිට කිසිම වුවමනාවක් තිබුණේ නෑ.. අදත් නෑ… අපි කවදාවත් අම්මා නිසා වරප්‍රසාද ගන්න උත්සාහ කළේ නෑ.” — වරුණි

🔰 – වැඩිමල් දියණිය වරුණි රසෝජා පාසල් වියේ සිටම නර්තනය හදාරා කාලයක් නර්තන ගුරුවරියක ලෙස සේවය කළ අතර, බාල දියණිය එංගලන්තයේදී පෙර පාසල් අධ්‍යාපනය හදාරා පැමිණ වර්තමානයේ පෙර පාසලක් පවත්වාගෙන යන්නීය.

🔰 – දියණියන් දෙදෙනාම පවසන්නේ තමන්ට ස්වාධීනව ජීවත්වීමේ නිදහස ලබාදුන්නේ සිය මව බවයි.

🔰 – නන්දා මාලනිය සංගීත කටයුතු සඳහා විදෙස්ගත වනවිට සහ කාර්යබහුල වනවිට නිවසේ ආරක්ෂාව සහ සොයා බැලීම් සිදුවූයේ සුවිශේෂී පිරිසක් අතිනි.

🔰 – 1982 සිට දියණියන්ගේ සියලු කටයුතු සොයා බැලුවේ නිවසේ සිටි මැගිලින් අම්මා විසිනි.

🔰 – ඊට අමතරව ජයන්ති පුංචි අම්මා සහ අශෝක බාප්පා දියණියන්ගේ කටයුතු සොයා බැලූ අතර, නන්දා මාලනියගේ සංගීත පන්ති කටයුතු බලාගත්තේ ඇගේ දක්ෂතම ගෝලයා වන අචලා අක්කා විසිනි.

🔰 – මතකයන් ආවර්ජනය කරමින් වරුණි පවසන්නේ අම්මා සමඟ ගමනක් යාම පවා සුවිශේෂී අත්දැකීමක් වූ බවයි.

🗣️ “දවසක් අපි පේරාදෙණිය උද්‍යානයට ගියා. ඒත් පැය ගණනක් අපිට එතැන ඉන්න වුණා. රසිකයෝ ඇවිත් අම්මා එක්ක කතා කරනවා, පින්තූර ගන්නවා. අම්මා කිසිම වෙලාවක ඒ අය මඟහැරලා ආවේ නෑ. රසිකයන්ගේ ආදරය ඇය කවදාවත් කරදරයක් විදිහට හැඟුණේ නෑ.”

🔰 – නන්දා මාලනිය කිවූ සැණින් සිහියට නැඟෙන්නේ සුදු ඔසරියෙන් සැරසුණු ඇගේ ශාන්ත රුවයි. කුඩා කාලයේ මල් වැටුණු සුදු ඔසරිය ද, පසුව ලුන්ගිය සමඟ සුදු බ්ලවුසය ද ඇගේ ප්‍රධාන ඇඳුම විය.

🔰 – තම මුළු ජීවිත කාලයටම මව පාට සාරියක් අඳිනවා තමන් දැක නැති බව පවසන දියණියන්, ඇය සුදු අඳින්නේ ඇයිදැයි කිසිදා ඇගෙන් අසා නැතත්, ඒ සුදුවත ඇයට ගෙනදුන්නේ අපූර්ව ගම්භීරත්වයක් සහ සෞන්දර්යයකි.

🔰 – මොන තරම් ප්‍රශ්න, හැලහැප්පීම් ආවත් ජීවිතයට සිනහවෙන් මුහුණ දෙන්නටත්, සමාජයට ආදර්ශමත් ලෙස ස්වාධීනව නැගී සිටින්නටත් සිය දියණියන්ට මඟපෙන්වූ ඇය, මහා සංගීත වේදිනියක මෙන්ම පූර්වාදර්ශී මවක ලෙසද ඉතිහාසයට එක්ව හමාරය..

🔰 – දේශයේ ස්වර්ණමය හඬ නංවන ලද අභිමානවත් කලාකාරිනියනි, ඔබට අමාමහ නිවන් සුව!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *