“පුතාට බොරු චෝදනා දැම්මා!” — ශාන්ත බණ්ඩාරගෙන් කෝටි 50ක නඩුවක්!

🔰- කොල්ලුපිටියේදී චීන ජාතිකයෙකුගේ රුපියල් මිලියන 20ක මුදලක් පැහැරගැනීමේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුතා, අනුද ජනාදිත් බණ්ඩාරත් පැටලුණ හැටි හැමෝටම මතක ඇතිනේ?

🔰- ඔන්න දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට කැරකෙන්න පටන් අරන්.

🔰- තමන්ටයි, තමන් නියෝජනය කරන “පොහොට්ටුව” පක්ෂයටයි සිද්ධ වුණු අතිවිශාල කීර්තිනාම හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක (කෝටි 50ක) වන්දි මුදලක් අය කරලා දෙන්න කියලා ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් දාලා තියෙනවා.

🔰- මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කිව්වේ, “මේක හරියට ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ ගොතපු පට්ටපල් බොරුවක්!” කියලා.

🔰- පොලිසිය කියන කතාවල කිසිම ගැලපීමක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා..

🔰- සිද්ධිය වෙන වෙලාවේ පුතා හිටපු තැන ගැන පොලිසිය එකිනෙකට වෙනස් තොරතුරු දීලා තියෙනවාලු..

🔰- මුලින් කිව්වේ සිද්ධිය වුණු තැන ඉඳන් මීටර් 500ක් ඇතුළත හිටියා කියලා. පස්සේ කියනවා නාරාහේන්පිට හිටියා කියලා, තවත් වෙලාවක කියනවා රාජගිරියේ හිටියා කියලා.

🔰- තමන්ගෙන් පලිගන්න බැරි තැන දේශපාලන ප්‍රතිවාදීන් එකතු වෙලා තමන්ගේ බාලවයස්කාර පුතාව ඉලක්ක කරගෙන මේ වගේ බලු වැඩක් කරපු බවයි ඔහු කියන්නේ.

🔰- මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඉදිරියේදී රටටම හෙළි කරන බවටත් ඔහු සපථ කළා.

🔴 සිද්ධිය වුණේ මෙහෙමයි (කෙටි මතක් කිරීමක්)👇

🔰- ජූලි 21 ➡️ අනුද ජනාදිත් අත්අඩංගුවට පත් වුණා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැය 24ක් ප්‍රශ්න කරන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබුණා.

🔰- ජූලි 23 ➡️ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අනුද ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුව ජූලි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ වෙනකොට පොලිසිය අධිකරණයට කිව්වේ බැංකු සහ දුරකථන වාර්තාවලට අමතරව ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගනුදෙනු ගැනත් පරීක්ෂණ කරනවා කියලා.

🔰- ජූලි 27➡️නඩුව නැවත කැඳවූ වෙලාවේ, සැකකරුවන් 5 දෙනාටම ලක්ෂ 5 බැගින් වූ පෞද්ගලික ඇප මත නිදහස ලැබුණා. හැබැයි විදේශගත වීම තහනම්!

🔰- ඇප ලැබුණා කියන්නේ නඩුවෙන් නිදහස් වුණා කියන එක නෙවෙයි. නීතිමය ක්‍රියාමාර්ග තාමත් ඉස්සරහට යනවා.

🔰- ඒත් ශාන්ත බණ්ඩාර කියන්නේ අධිකරණය හමුවේ තමන්ගේ නීතිඥයන් කරපු ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට මේ චෝදනා කිසිවක් තහවුරු කරගන්න බැරි වුණු බවයි.

🔰- ඉදිරියේදී මේක “දේශපාලන නාට්‍යයක්ද ? එහෙමත් නැත්තම් ඇත්තම මහ මොළකරුවන් එළියට එයිද? කියලා අපි බලන් ඉමු!🤔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *