🔰- අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙක් මාසෙ විදුලි බිල රුපියල් 7,000ක් විතර ආවම, ඒක ගෙවාගන්න බැරිවුණොත් විදුලිබල මණ්ඩලයෙන් මොකද කරන්නේ? දෙපාරක් හිතන්නෙ නැතුව ඇවිත් ලයිට් කපලා දානවා නේද?
🔰- හැබැයි ලක්ෂ 26කට වැඩි විදුලි බිලක් නොගෙවා තියෙද්දිත් ඒ පැත්ත පළාතෙ නොගිය එක ගැන ඔයාලට මතක ඇති.
🔰- අන්න ඒ අසමාන සැලකීමට එරෙහිව සාමාන්‍ය පුරවැසියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන අලුත්ම ආරංචියක් දැන් ඇවිත් තියෙනවා.
🔰- 2019 අවුරුද්දේ වීරකැටියෙ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැත්වුණු නාමල් රාජපක්ෂගේ මංගල උත්සවයේ නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් ගොනුකරපු මේ පෙත්සම, එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
🔰- ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමයි මේ පෙත්සම කැඳෙව්වේ.
🔰- පෙත්සමේ සඳහන් වෙන විදිහට, 2019 සැප්තැම්බර් 12 ඉඳන් 15 වෙනිදා වෙනකම් වීරකැටිය නිවසේ පැවැත්වුණු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට භාවිත කරපු විදුලිය වෙනුවෙන් රුපියල් 2,682,246.57ක බිලක් එකතු වෙලා තියෙනවා.
🔰- ඒ දවස්වල අදාළ නිවසටයි ඒ වටපිටාවටයි ආරක්ෂිත විදුලි ලාම්පු සපයන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණලු.
🔰- ඒ වගේම ඒකට යන වියදම රාජපක්ෂ පවුලේ අය ගෙවන්න සූදානම් කියලා අමාත්‍යවරයා විදුලිබල බලධාරීන්ට දැනුම් දුන්නා කියලත් පෙත්සමේ තියෙනවා.
🔰- හැබැයි අන්තිමේදී වුණේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා ඒ බිල නොගෙවා පැහැර හැරපු එක බවයි පෙත්සම්කරු කියන්නේ.
🔰- මෙතනදී පෙත්සම්කරු ලස්සන කතාවක් කියනවා.
🔰- එයා කියන්නේ තමන්ගේ ගෙදර රුපියල් 7,390ක පුංචි බිල නොගෙවපු ගමන් ලයිට් කපපු විදුලිබල මණ්ඩලය, මෙච්චර විශාල හිඟ මුදලක් තියාගෙනත් වීරකැටිය නිවසේ විදුලිය නොකපා හිටපු එක නීතිය ඉදිරියේ ප්‍රසිද්ධියේ කරපු අසමාන සැලකීමක් කියලයි.
🔰- මේකෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කරලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙනවා කියලා තීන්දුවක් දෙන්න කියලයි එයා අධිකරණයෙන් ඉල්ලන්නේ.
🔰- දැනට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වෙමින් පවතින නිසා, ඊට අදාළව ඉදිරියට එන අනුප්‍රාප්තික සමාගමත් මේ පෙත්සමේ වගඋත්තරකරුවෙක් විදිහට නම් කරන්න අධිකරණයෙන් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලැබුණා.
🔰- නීතිඥ විජිත කුමාර මහතා ගොනුකරපු මේ පෙත්සම වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටියේ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතායි.
🔰- මේ අතරේ, ඔය කියන විදුලි බිල තමන් විසින් ගෙවලා දැම්මා කියලා අභාවප්‍රාප්ත සනත් නිශාන්ත හිටපු අමාත්‍යවරයා මීට කලින් මාධ්‍ය ඉස්සරහ ප්‍රකාශ කරලා තිබුණා කියන එකත් මතක් කරන්න ඕනේ.
🔰- මොනවා වුණත්, මේ කුතුහලය පිරුණු නඩුවේ අවසාන තීන්දුව මොකක් වෙයිද කියලා බලන්න දෙසැම්බර් 4 වෙනිදා වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා!