🗣️”ආණ්ඩුවක් විදියට අපි කල්පනා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා එකට එකතු වෙලා තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රකින්න ඕන. ඒ වෙනුවෙන් වෙන් කරගන්න ඕන. හැබැයි එකක්.. ඒ කියන්නේ මොකක් හරි අපේ කරන සංස්කෘතික අඩංගුවකින් තවත් කෙනෙකුට බාධාවක් වෙන්න, තවත් කෙනෙකුට පීඩාවක් වෙන්න, තව කෙනෙක්ව අපහසුවට පත් වෙන්න… අපි හිතන්නේ එහෙම ක්‍රියාමාර්ග තෝරගන්න ඕන නැහැ කියලා. ඒක තමයි සහජීවනය කියන්නේ…”
— එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු සහ නියෝජ්‍ය අමාත්‍ය)
🔰 – ජනතාවගේ ඡන්දයෙන් බලයට ඇවිත්, නියෝජ්‍ය ඇමති කටු ලෙවකන එරංග ගුණසේකරලා අද සමාජවාදයේ ප්ලාස්ටරය අලවාගෙන එළියට දමමින් සිටින්නේ ජේවීපීයේ ඇටමිදුළුවල ඇති සිංහල-බෞද්ධ විරෝධී කුහක ප්‍රතිපත්තියයි.
🔰 – උඩින් සහජීවනයේ මල් පාත්ති පෙන්වමින්, යටින් අපගේ දහස් වසරක ප්‍රෞඪ ඉතිහාසයටත්, මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයටත් පහර ගැසීමට මොවුන් දරන උත්සාහය දැන් සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී හමාරය!
🔰 – ඇසළ පෙරහැරෙන් හිත් රිදුණේ කාගේද? එරංගගේද? නැත්නම් ජාතිවාදීන්ගේද?
🔰 – සියවස ගණනාවක් පුරා මේ රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, බර්ගර් සහ මැලේ සියලු ජාතීන් එකට එකතු වී ආගමික සහ ආර්ථික සහජීවනයෙන් සැමරූ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය අද එරංගලාට අන්‍යජාතිකයන්ට කෙරෙන “බාධාවක්”, “පීඩාවක්” සහ “අපහසුවක්” වී තිබේ!
🔰 – ඇසළ පෙරහැර යනු හුදෙක් බෞද්ධ උත්සවයක් පමණක් නොවේ. එය මුළු මහත් රටටම කලට වැසි ලබා දී, වසංගත දුරු කර, බෝග සම්පත් සරුසාර කර දෙන ලෙස දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන සංස්කෘතික කලාගාරයකි.
🔰 – පෙරහැර සමයට නුවර නගරයේ වෙළඳාමෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නේ මුස්ලිම් සහ දෙමළ ජාතික ව්‍යාපාරිකයන්ය.
🔰 – ඔවුන් මේ කාලයට කියන්නේ “ද සීසන් (The Season)” කියාය.
🔰 – කඩල කරත්තයේ සිට මහා පරිමාණ හෝටලය දක්වා සියලු ජාතීන් බඩගින්න නිවාගන්නේ මේ මහා සංස්කෘතික මංගල්‍යයෙනි.
🔰 – මෙතෙක් ඉතිහාසයේ ඇසළ පෙරහැර නිසා වෙනත් කිසිදු ජාතියකට බලපෑම් සිදුවී නැත; හිත් රිදීම් වී නැත.
🔰 – එසේ නම්, කිසිදා නොතිබූ ජාතිවාදයක් සමාජවාදී බෝඩ් ලෑල්ල අස්සෙන් ඔබන්න හදන්නේ ඇයි?
🔰 – පසුගියදා බේරුවලදී සිකුරාදා යාඥා වෙලාවට කඩේ වැසුවේ නැතැයි කියා මුස්ලිම් පිරිසක් චීන ජාතිකයෙකුගේ වෙළඳසැල වටකර බලපෑම් කරන අයුරු වීඩියෝවලින් මුළු රටම දැක්කා.
🔰 – අන්‍ය ආගමිකයන්ගේ බලපෑම් හමුවේ චීනුන්ට සහ සිංහලයන්ට තමන්ගේ ස්වෛරීභාවය නැතිවන විට එරංගලාට එය “හිත පෑරීමක්” ලෙස පෙනෙන්නේ නැත!
🔰 – නමුත් මුළු රටටම සෙත සලසන, විදේශිකයන් පවා මහත් හරසරින් බලන්න එන ඇසළ පෙරහැර විතරක් එරංගලාගේ ඇසට කටු අනින්නේ මන්ද?
🔰 – මෙය එරංගලාගේ කෙස් ගහේ සිට නියපොත්ත දක්වා කුණු වී ඇති, ජේවීපීයේ ටිල්වින්ලාගේ දෙබිඩි, කුහක සහ සංස්කෘතික විනාශකාරී භාවිතයේ නිරුවතයි!
🔰 – එරංග ඇමතිතුමා, සදාචාර සම්පන්න සංස්කෘතිය එක්ක සෙල්ලම් කරන්න එපා!
ඔබට ඕනෑ පරිදි දහස් වසරක ඓතිහාසික උරුමය ජාති තුනකට කලවම් කර “සමාජවාදී නාඩගම්” නැටවීමට මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැත.
🔰 – ඔබ කියන ඔය බහුබූත අදහස් සැබෑ සහජීවනය නොවේ.
🔰 – යන්තම් වැරදීමකින් ලැබුණු බලයෙන් සහ නියෝජ්‍ය ඇමති කටු කෑල්ලෙන් මත්වී, සමාජවාදයට මුවාවී ඇසළ පෙරහැර හෑල්ලු කිරීමට ආවොත් , මාලිමාවට ඉතිරි අවුරුදු 3 තබා ඉදිරි මාස කිහිපයවත් යන්නට ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න!