🔰 – ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම ජීවත්වන ජනතාවක් සිටින රටවල් අතරට ගෙන ඒම සිය රජයේ ප්‍රධාන අරමුණක් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
🔰 – පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
🔰 – රටක සංවර්ධනයේ සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ප්‍රධානතම යතුර අධ්‍යාපනය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවර අයවැය මගින් වැඩිම අවධානයක් යොමු කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රය වෙත බව සඳහන් කළේය.
🔰 – ඒ අනුව, අනාගත පරපුර සවිබල ගැන්වීම වෙනුවෙන් රුපියල් බිලියන 740කට ආසන්න දැවැන්ත මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
🔰 – රට තුළ ගොඩනැගී ඇති සාමකාමී වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් හේවගේ මහතා මෙසේ පැවසීය👇
🗣️ “මේ වනවිට දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. අපි බලයට පත්වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාව, මේ වනවිට 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.”
🔰 – ආර්ථික ස්ථාවරත්වයට අමතරව රටේ සාමය තහවුරු කිරීම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ ජනතාවගේ මානසික හා සමාජීය ජීවන තත්ත්වය ඉහළ නැංවීම හරහා සැබෑ ලෙසම සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ඉලක්කය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.