පාපිස්සෙන් මතු වූ සාක්ෂිය: ශුක්‍රාණු පල්ලේගම හිමිගේම බව DNA පරීක්ෂාවෙන් හෙළි වෙයි!

🔰 – අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව නැගී ඇති බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් කිරීමේ අතිශය අතකොළු සහ පිළිකුල් සහගත චෝදනාව සම්බන්ධයෙන් මුළු රටම කම්පනයට පත්කරන සාක්ෂියක් රසපරීක්ෂක වාර්තාව මගින් තහවුරු වී තිබේ.

🔰 – නිට්ටඹුව පොලිසිය භාරයට ගත් පාපිස්සේ දෙපැත්තේම තැවරී තිබූ ශුක්‍රාණු, වෙන කාගේවත් නොව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේම බව රජයේ රසපරීක්ෂකවරයා නිල වශයෙන් තහවුරු කර ඇත!

🔰 – අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ B 22424/2026 නඩු අංකය දරන මෙම සන්ධිස්ථානීය වාර්තාව මේ වන විට නීතිපතිවරයා වෙත ද යොමු කර හමාරය.

🔰 – ආවාස ගෙය තුළ තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් වින්දිත දැරිය පැවසුවේ, හිංසනයෙන් පසු බිම වැටුණු ශුක්‍රාණු පිසදැමීමට සැකකාර හිමියන් ඇඳ පාමුල තිබූ පාපිස්ස භාවිත කළ බවයි.

🔰 – රසපරීක්ෂක වාර්තාව මගින් අද තහවුරු වන්නේ එම දැරියගේ වචනයක් වචනයක් පාසා ඇත්තේ අමිහිරි සත්‍යයක් බවයි!

🔰 – සිද්ධිය වූ ස්ථානයෙන් හමු වූ දිගු හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් අභිරහස් කාන්තාවකට අයත් එකක් බව ද මෙම රසපරීක්ෂක වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිදරව් වී ඇති අතර, එය මෙම සාපරාධී ක්‍රියාවට තවත් අඳුරු මානයක් එක් කරයි.

🔰 – ගම්පහ දිසා ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක විනීසියා ප්‍රේමරත්න ඇතුළු කණ්ඩායම මෙහෙයවූ පරීක්ෂණ හමුවේ සත්‍යය මතු වෙද්දී, දැනට දැඩි ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනම් හමුවේ පසුවන පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුව, නීතිපති උපදෙස් ලබෙන තෙක් 2027 ජනවාරි 08 වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

🔰 – ධර්මද්වීපයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන අටමස්ථානය කෙළෙසූ මෙම පාපතර ක්‍රියාව හමුවේ නීතියේ දැතින් උන්වහන්සේට ගැලවීමක් හිමිවේද? මුළු මහත් සමාජයම බලා සිටී!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *