කතා කරන්න බැරි නිසාම උන්ව මරලා දාලා නිහඬ වෙන්න දෙන්න බෑ – බ්ලූ වෝටර් සිදුවීමේ ඇත්ත කැත මෙන්න!

🔰- අනේ මන්දා,😔 මේ රටේ සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ ගල්ද කියලා වෙලාවකට හිතාගන්නවත් බෑ.

🔰- තමන්ට කතා කරගන්න බැරි, බඩගින්නට අතක් පාන්නවත් තේරෙන්නේ නැති, ගෙදරකින් හම්බෙන පාන් කෑල්ලක් මස් කට්ටක් කාලා පාරේ අයිනකට වෙලා නිදාගන්න අසරණ වීදි සුනඛයෝ හතරදෙනෙක් අගෝස්තු 19 වෙනිදා රෑ අමානුෂික විදිහට වස දීලා මරලා දැම්මා!

🔰- හිතලා බලන්න, ඒ අසරණ සත්තු ටික වස බඩ ඇතුළට ගිහින්, බඩවැල් පිච්චි පිච්චි, කෑගහන්නවත් පණක් නැතුව, ඇස් දෙකෙන් කඳුළු පෙරාගෙන මැරිලා වැටෙද්දී ඒ මිනිස්සුන්ට හිතේ පොඩිම හරි අනුකම්පාවක් ඇතිවුණේ නැද්ද?

🔰- උන් කළ වැරැද්ද මොකක්ද? තරු පහේ හෝටල්වලට එන පෝසත් මහත්තුරුන්ට, සුද්දන්ට උන්ගේ මූණවල් පෙනෙන එකද?

🔰- මෙන්න දැන් ‘ද බ්ලූ වෝටර් හොටෙල් ඇන්ඩ් ස්පා’ (The Blue Water Hotel & Spa) එකෙන් නිල නිවේදනයක් දාලා කියනවා
🗣️ “අපෝ.. ඕකට අපේ කිසිම සම්බන්ධයක් නෑලු.” කියලා…

🗣️ “ඒ සත්තු හිටියේ අපේ තාප්පයෙන් පිටත. උන් කවදාවත් අපේ හෝටලේ ඇතුළේ ඉඳලත් නෑ, අපේ භාරකාරත්වයේ හිටියෙත් නෑ. මුලින්ම ඒ සත්තු මැරිලා ඉන්නවා දැක්කෙත් අපේ සේවකයෝ. අපි තමයි පොලීසියටයි, PHI ටයි කිව්වේ. සමාජ මාධ්‍යවල යන්නේ අසත්‍ය ප්‍රචාර!”

🔰- අනේ අම්මපා! තාප්පෙන් මෙහා හිටියත් එකයි, තාප්පෙන් එහා හිටියත් එකයි..

🔰- උනුත් ජීවත් වෙන්න ආපු පණ තියෙන සත්තු!

🔰- හෝටල් සීමාවට පිටින් හිටියා කියලා උන්ගේ මරණවල වේදනාව අඩුවෙන්නේ නෑ.

🔰- හෝටලේ කියනවා උන් සතුන්ගේ සුභසාධනය ගැන හිතනවලු, විනිවිදභාවයෙන් වැඩ කරනවලු.

🔰- අපිත් බලන් ඉන්නවා ඕකේ විනිවිදභාවය කොයිතරම්ද කියලා!

🔰- පොලීසියයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකලයි දැන් පරීක්ෂණ කරනවා ලු.

🔰- ඒත් අපි දන්නවා මේ රටේ මෙහෙම දේවල් වුණාම වෙන දේ.

🔰- දවස් දෙකක් යද්දී කතාව යට යනවා.

🔰- අන්තිමට අර අසරණ සත්තු හතරදෙනාගේ ජීවිත විතරක් පොළොවට පස් වෙනවා.

🔰- සමාජ මාධ්‍යවල මිනිස්සු කෑගහන්නේ නිකන් නෙවෙයි.

🔰- මේ රටේ සතුන්ට වෙන අසාධාරණකම් දැකලා කලකිරිලා!

🔰- අපිට ඕනේ පදනම් විරෝධී මතප්‍රචාර නෙවෙයි, අපිට ඕනේ සත්‍යය!

🔰- කවුද ඒ අසරණ සතුන්ට වස දුන්නේ?

🔰- හෝටලයක් ඉස්සරහ හෝ කොතැනක හෝ වේවා, රෑ තිස්සේ වීදියේ හිටපු සත්තු ටිකක් මරලා දාන්න තරම් තිරිසන් වුණ එකා කවුද?

🔰- උන්ගේ ලේවලින් අත් හෝදගත්ත එවුන් කවුද කියන එක හෙළිවෙන්නම ඕනේ!

🔰- මේක නිකන්ම නිකන් වීදි සුනඛයෝ හතරදෙනෙක්ගේ මරණයක් නෙවෙයි.

🔰- මේක අපේ රටේ තියෙන අමානුෂිකකමේ සහ සතුන්ගේ අයිතිවාසිකම් පාගා දමන නීතියේ තියෙන හිඩැස පෙන්නුම් කරන තවත් එක් ලේ තැවරුණු සිදුවීමක් විතරයි.

🔰- නිලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ එක දෙයයි — මේ විමර්ශන යට ගහන්න දෙන්න එපා.

🔰- අර නිරපරාදේ මියගිය අසරණ සතුන් හතරදෙනාට සාධාරණය ඉෂ්ට කරලා දීපල්ලා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *