🔰- පාස්කු ඉරුදින එල්ල වෙච්ච ඒ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයේ ලේ සුවඳ තවමත් මැකිලා නැහැ.
🔰- අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙලා, තවත් දහස් ගණනක් අබ්බගාත වෙලා විඳවන මේ මහා ඛේදවාචකයට සාධාරණයක් ඉෂ්ට වෙනකන් අපේ රටේ කතෝලික ජනතාව වගේම මුළු රටම බලාගෙන ඉන්නේ හිතේ ලොකු වේදනාවකින්.
🔰- මෙන්න මේ අතරේ තමයි, මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙන ඇත්ත නැත්ත හොයන විමර්ශනවලට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් සිදුවීමක් වාර්තා වෙන්නේ.
🔰- ඒ වෙන මුකුත් නෙවෙයි, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරපු “රිට් පෙත්සම”. තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව තමයි සලේ මහත්තයා මේ නඩුව දාලා තියෙන්නේ.
🔰- හැබැයි , මේක දැකලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිකන් බලාගෙන හිටියේ නැහැ.
🔰- උන්වහන්සේ කෙලින්ම සටනට බැස්සා!
🔰- සුරේෂ් සලේගේ මේ පෙත්සමට මැදිහත් වෙලා, වින්දිතයන් වෙනුවෙන් උසාවියේ කරුණු දක්වන්න අවසර ඉල්ලලා කාදිනල් හිමි විසින් අතරමැදි පෙත්සමක් (Intervenient Petition) ඉදිරිපත් කරලා තියෙනවා.
🔰- ඒ වගේම උන්වහන්සේ කෙලින්ම ඉල්ලන්නේ සලේගේ පෙත්සම මුල් අවස්ථාවේදීම “කුණු කූඩයට දාන්න” නැත්නම් නිෂ්ප්‍රභ කරන්න කියලයි.
🔰- කාදිනල් හිමි කියන්නේ, සුරේෂ් සලේ මේ ඉල්ලන සහන උසාවියෙන් දුන්නොත්, දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ වෙන ස්වාධීන සහ ඵලදායී විමර්ශන සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්න පුළුවන් කියලයි.
🔰- ඒ කියන්නේ ඇත්ත හොයන එක යට ගැහෙනවා!
🔰- ඒකෙන් වෙන්නේ අගතියට පත් වෙච්ච, ජීවිත විනාශ වෙච්ච අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම්වලට ලොකුම ලොකු පහරක් වදින එකයි.
🔴 – මෙන්න මේ කරුණු ටික තමයි කාදිනල් හිමිගේ පෙත්සමෙන් රටටම හෙළි කරන්නේ👇
🔷- ප්‍රහාරය එල්ල වෙන්න කලින්, ඉන්දියානු බුද්ධි අංශ විසින් තුන් වතාවක්ම ලංකාවේ බලධාරීන්ට “ඔන්න ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා” කියලා ලියකියවිලි සහිතවම අනතුරු අඟවලා තිබුණා. හැබැයි අපේ රටේ ලොක්කෝ ඒක වළක්වන්න කිසිම පියවරක් ගත්තේ නැහැ.
🔷- දේවස්ථාන සහ බැතිමතුන් ඉලක්ක කරගෙන මෙන්න මෙහෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා බුද්ධි අංශ දැනගෙනත්, කොළඹ අගරදගුරු හිමිව හෝ කිසිම කිතුණු පූජකවරයෙක්ව ඒ ගැන දැනුවත් කළේ නැහැ. දැනුවත් කළා නම් එදා මිනිස්සු පල්ලි යන්නේ නැහැ, ජීවිත බේරෙනවා!
🔷- බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ චැනල් 4 නාලිකාවෙන් කරපු වාර්තා වැඩසටහන මතක ඇතිනේ? ඒකේදී අසාද් මවුලානා කියන පුද්ගලයා කෙලින්ම සාක්ෂි සහිතව කිව්වා මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ සහ ඒක මෙහෙයවපු අයත් එක්ක සුරේෂ් සලේගේ තිබුණු සම්බන්ධය මොකක්ද කියලා. කාදිනල් හිමි කියන්නේ අන්න ඒ සම්බන්ධය ගැන අනිවාර්යයෙන්ම ගැඹුරු විමර්ශනයක් වෙන්නම ඕනේ කියලා.
🔷- 2024 ඔක්තෝබර් 4 වෙනිදා රොහාන් සිල්වා පියතුමා කරපු පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මේ වෙනකොටත් ඉතාම විධිමත් විමර්ශනයක් කරගෙන යනවා. දැන් සුරේෂ් සලේ උසාවි ගිහින් බේරෙන්න හැදුවොත්, ඒ CID පරීක්ෂණ සියල්ලම වතුරේ යනවා.
🔰- මේක නිකන්ම නිකන් උසාවි නඩුවක් නෙවෙයි. මේක “යුක්තිය” සහ “අසාධාරණය” අතර තියෙන ලොකු සටනක්.
🔰- වැරදිකරුවන් කවුද, ප්‍රහාරය පිටුපස සිටි “මහ මොළකරුවන්” කවුද කියන එක රටටම හෙළි වෙනකන් මේ සටන නතර වෙන්නේ නැහැ කියන එක තමයි කාදිනල් හිමි පේනවා දෙන්නේ..
🔰- දැන් ඉතින් මුළු රටේම ඇස් යොමුවෙලා තියෙන්නේ අභියාචනාධිකරණය දෙසටයි. නීතිය කාටත් පොදුද, නැත්නම් ලොක්කන්ට විතරක් එක නීතියක්ද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි!