“රෙදි ලෙෆ්ට්! වතුර බිල මෙච්චර නැග්ගේ මණ්ඩලයේ ‘වැඩ බැරි’ කමටයි කියලා විගණනයෙන් එළියට!”

🔰 වතුර බිල අහස උසට ගියේ ලෝකේ වෙනස් වීම් හින්දා නෙවෙයි, මණ්ඩලයේ වැඩ බැරි කමටයි කියලා විගණන වාර්තාවෙන් ඔප්පු වෙයි!”

🔰- ලංකාවේ මිනිස්සුන්ට දැන් වතුර උගුරක් බොන්න වෙලා තියෙන්නෙත් දරා ගන්න බැරි බිල් ගෙවලා.

🔰- හැබැයි මේ ජල බිල මෙච්චර නැග්ගේ ඇයි කියලා හොයන්න ගිය ජාතික විගණන කාර්යාලයට අහුවෙලා තියෙන්නේ මහ ජුගුප්සාජනක වංචාවන් සහ අකාර්යක්ෂමතාවන් තොගයක්.

🔰- කෙටියෙන්ම කිව්වොත්, ජලසම්පාදන මණ්ඩලයේ ඇතැම්අය කරන කුජීත වැඩ, රස්තියාදුකාර ප්‍රමාදයන් සහ නොසැලකිලි මූල්‍ය කළමනාකරණය හින්දා සිද්ද වුණු බිලියන ගණන් පාඩුව, අන්තිමට පටවල තියෙන්නේ අහිංසක පාරිභෝගිකයාගේ කරපිටයි!

🔰- ඒ නිසා විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්තයා අත්සන් කරලා දාපු මේ විශේෂ වාර්තාවෙන් මණ්ඩලයේ රෙදි වැල් පිටින් ගැලවිලා ගිහින්.

🔰- ජල බිල් පාරිභෝගිකයාට එවන්න කලින්, මණ්ඩලයේ තියෙන බාල මීටර්, හොර වතුර ලයින් සහ බට පයිප්ප කැඩිලා වතුර ලීක් වීම් නිසා (Non-revenue water) සිද්ද වෙන පාඩුව සුළුපටු නැහැ.

🔰- පාලනය කරගන්න ඕන උපරිම සීමාව 15%ක් වුණාට, 2023 වෙනකොට වතුර 28%ක්ම නිකන් අපතේ යන්න ඇරලා.

🔰- ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් බිලියන 11.6ක් වතුරේ!

🔰- මේකෙන් ලොකුම විනාශය කරලා තියෙන්නේ මහනුවර උතුර ප්‍රදේශයෙන් (38.72%).

🔰- මේක පාඩුව පාලනය කරගන්න බැරි වුණු අලසකමට, මොවුන් කළේ ඒ හැම සතයක්ම ජනතාවගේ ජල බිලට එකතු කරපු එකයි.

🔰- මොවුන්ගේ වැඩ කෙරෙන කෙරුවාව කොච්චර ලස්සනද කියනවා නම්, විදේශ ණය ආධාරවලින් කරන්න ගත්ත ප්‍රොජෙක්ට් 19ක් අවුරුදු එකහමාරේ ඉඳන් අවුරුදු 7ක් වෙනකම් වල් වද්දලා වගේම ප්‍රමාද කරලා.

🔰- ඒකෙන් ප්‍රොජෙක්ට් 5ක් විතරක් ප්‍රමාද වුණු නිසා මණ්ඩලයට නැති වුණු ආදායම මිලියන 870කට වඩා වැඩියි.

🔰- ඒ විතරක් නෙවෙයි, ගත්ත ණය වෙලාවට පාවිච්චි නොකරපු නිසා විදේශීය බැංකුවලට නිකන් ‘කැපවීමේ ගාස්තු’ (Commitment fees) විදිහට රුපියල් බිලියන 2.25ක් අපේ රටේ සල්ලි පූජා කරන්න වෙලා.

🔰- හැබැයි ඒකත් අන්තිමට පියව ගත්තේ ජනතාවගේ වතුර බිලෙන්!

🔰- වැඩේ කියන්නේ, මණ්ඩලයේ වියදමෙන් 36%ක්ම යන්නේ සේවකයන්ගේ පඩි නඩිවලට.

🔰- 2018 ඉඳන් 2022 වෙනකම් මණ්ඩලය දුවලා තියෙන්නේ අන්තිම අන්තෙටම පාඩු ලබමින්.

🔰- හැබැයි ඒ අස්සෙත්, 2023 අවුරුද්දේ මණ්ඩලයේ මහත්තුරුන්ට බෝනස් සහ දිරිදීමනා විදිහට රුපියල් මිලියන 894ක් බෙදලා දීලා තියෙනවා!

🔰- අනික, සේවකයෝ ගණන අඩු වුණාට, එක සේවකයෙක් වෙනුවෙන් කරන වියදම 26.67%කින් වැඩි වෙලා.

🔰- ඒ මදිවට, අමාත්‍යාංශයට මුදාහැරපු සේවකයෝ 15 දෙනෙක් වෙනුවෙන් මණ්ඩලයෙන් මිලියන 263ක් පඩි ගෙවලා, අමාත්‍යාංශය ඒ සල්ලි මණ්ඩලයට වංචා කරලා තවමත් ගෙවලා නැහැ. මෙන්න ආයතන දුවන විදිහ!

🔰- මේ හැම වන්දියක්ම ගෙව්වේ මහජනතාවයි.

🔰- 2012ට සාපේක්ෂව ගත්තොත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජල බිල්පත් 310%ත් 319%ත් අතර අතිදැවැන්ත ගණනකින් වැඩි කරලා.

🔰- පාසල් සහ අධ්‍යාපන ආයතනවල බිල්පත් 275%ක සිට 21,454%ක් වැනි හිතාගන්නත් බැරි ගණනකින් ඉහළ දමලා.

🔰- හැබැයි 2024 අගෝස්තු මාසයේදී ලොකු කතා කියලා 5%ක ජල බිල අඩු කිරීමක් කළා.

🔰- ඒකෙන් වුණේ මොකක්ද? රුපියල් 2,303ක් තිබ්බ බිල අඩු වුණේ රුපියල් 2,284කට විතරයි!

🔰- ඒක රුපියල් 19ක හිඟන සහනයක්!

🔰- ඉන් පස්සෙත් බිල 2023ට වඩා 52%කින් වැඩියි.

🔰- අනික පන්සල්, පල්ලි, කෝවිල් වගේ ආගමික ස්ථානවලටයි, කඩ සාප්පුවලටයි ඒ රුපියල් 19 සහනයවත් දීලා නැහැ.

🔰- මුළු ලංකාවෙන්ම තාම නල ජලය තියෙන්නේ 48.1කට විතරයි.

🔰- 2025 වෙනකොට ඒක 79%ක් කරනවා කියලා කියපු කතා (සැමට ජලය) දැන් බල්ලට ගිහින්, වැඩ අන්තිම මන්දගාමීයි.

🔰- වතුර හදන්න යන වියදමෙන් 22%ක්ම යන්නේ කරන්ට් බිලට වුණත්, ඒක අඩු කරගන්න තිබ්බ මිලියන 153ක සූර්ය බලශක්ති (Solar) ප්‍රොජෙක්ට් එකයි, අඹතලේ නවීකරණයයි අතරමඟ නතර කරලා දාලා.

🔰- විගණකාධිපතිවරයා කෙලින්ම කියා සිටින්නේ, අවුරුදු 49ක් තිස්සේ මණ්ඩලය දුවලා තියෙන්නේ කිසිම විධිමත් ගාස්තු ප්‍රතිපත්තියක් නැතුව, හිතුණ හිතුණ විදිහට බිල් ගහමින් බවයි.

🔰- මින් ඉදිරියට මේ අයගේ පාඩු මිනිස්සුන් පිට පටවන්න එපා කියලත්, හොර වතුර ගන්න අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලත් නිර්දේශ කරලා තියෙනවා.

🔰- මේ විනාශය ගැන අහන්න ජලසම්පාදන ඇමැති, නියෝජ්‍ය ඇමැති සහ සභාපතිව සම්බන්ද කර ගන්න හැදුවත් මුලින්ම ඒ අය මඟහැරලා තිබුණා.

🔰- හැබැයි පස්සේ ‘ද සන්ඩේ මෝනින්’ පුවත්පතට අදහස් දක්වපු මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහත්තයා කිව්වේ,
🗣️ “දැන් ඉතින් අපි ජල ගාස්තු සූත්‍රයක් සහ ජාතික ප්‍රතිපත්තියක් හදාගෙන යනවා” කියලා.

🔴- බිලියන ගණන් රටේ සල්ලි සහ මිනිස්සුන්ගේ ලේ සූප්පු කරලා, විගණනයෙන් රෙදි ගැලවුණාට පස්සේ දැන් සූත්‍ර ගැන කතා කිරීම කෙතරම් සාධාරණද යන්න ජනතාවම තීරණය කළ යුතුයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *