බඩගින්න නිවන්න බත් පිඩක් දෙන එකත් අපරාධයක්ද? 🐾💔 රජයේ බර සැහැල්ලු කරන්න අහිංසක සතුන්ව කුසගින්නේ මරන්න කියන දරුණු තීරණය!👇
මඟතොටේ යනකොට අපේ දෑස් මඟහරින්නේ නැති, දවස තිස්සේ අව්වේ වැස්සේ වේලි වේලි ඉඳලා බත් පිඩක් දෙනකම් වලිගය වන වනා ආදරෙන් බලන් ඉන්න අහිංසක වීදි සුනඛයන්ගේ ජීවිත උඩුයටිකුරු කරන අතිශය කණගාටුදායක ප්‍රකාශයක් රජයේ ඉහළ බලධාරීන්ගෙන් නිකුත් වී තිබෙනවා.
2030 වන විට ලංකාවෙන් ජල භීතිකාව තුරන් කිරීමේ නව සැලසුමක් ක්‍රියාත්මක කරන බව පවසමින්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජික පෙරේරා මහතා සත්ත්ව ලෝලීන්ට බලකර සිටින්නේ පාරේ ඉන්න සතුන්ට කෑම දීම වහාම නතර කරන ලෙසයි.
එසේ කෑම දෙන්නේ නම්, උන්ගේ සම්පූර්ණ වගකීමත් ඔවුන් විසින්ම ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
කටුනායක ප්‍රදේශයේ හෝටලයක, විදේශීය සංවිධාන රැසකගේ එකතුවෙන් දින හතරක් පුරා පැවැති සමාරම්භක වැඩමුළුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය සත්ත්ව ලෝලීන්ගේ හදවත් කැබලිවලට බිඳ දැමීමට සමත් වුණා👇
🗣️ “මිනිසුන්ට ජල භීතිකාව වැළඳෙනවාට වඩා සතුන්ගෙන් එය ඉවත් කළ යුතුයි. සතුන්ට බල්ලන්ට ආදරේ කරන අය පාරේ සතුන්ට කන්න දෙන්න එපා ඔවුන්ගේ එසේ කරනවා නම් බල්ලන්ගේ වගකීමත් ඔවුන් ගත යුතුයි…
ජල භීතිකා වැඩසටහන ආරම්භ කොට ඇත්තේ අවුරුදු හැත්තෑවකට ඉහතයි.
ජල භීතිකා වැඩසටහන පටන් ගත්තේ 1973 දී.
ඒ කාලයේ වසරකට තුන්සිය හැත්තෑ ගණනක් මරණ සිදුවෙලා තිබෙනවා.කාලානුරූපිකව දැන් එය මරණ දාහතර දක්වා අඩුවෙලා තියෙනවා.
මේ 14 කියන්නෙත් ඉතාම ලොකු ගානක් සපා කෑම් ගොඩක් සිදුවෙනවා.
ඒත් රෝහල්වල එන්නත්කරණය සිදුවන නිසා බේරගන්න පුළුවන් වෙනවා.
මේක හොඳ වැඩක්. නමුත් මේක රජයට ලොකු බරක්. අපිට ඕනි මේක සුනඛයන්ගෙන්ම නැති කරගන්න. එතකොට ඒ බරත් රජයට නිදහස්. අපිට ඕනි කරන්නේ සුනඛයා මතම මේක පාලනය කරලා ඉවර කරන්න”
ලංකාවේ ජල භීතිකා මර්දන වැඩසටහන ආරම්භ වී ඇත්තේ මීට දශක කිහිපයකට පෙරයි.
1973 වසරේදී වසරකට ජල භීතිකා මරණ 370කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, අද වන විට එය මරණ 14ක් දක්වා අඩු කරගැනීමට හැකි වී තිබෙන්නේ රෝහල්වල සිදුවන එන්නත්කරණය නිසයි.
එය සැබවින්ම අගය කළ යුතු යහපත් ගමනක් වුවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම එන්නත්කරණය සහ ප්‍රතිකාර ක්‍රියාවලිය රජයට විශාල බරක් බවයි.
එම බර රජයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ප්‍රශ්නය සුනඛයන් මතින්ම පාලනය කර අවසන් කිරීමටයි.
නමුත් සත්ත්ව ලෝලීන් අහන්නේ එකම එක ප්‍රශ්නයක් පමණි: “රජයට යන වියදම ඉතිරි කරගන්න, පාරේ ඉන්න අහිංසක සතුන්ට බත් ටිකක් දෙන කරුණාවන්ත මිනිසුන්ව වැරදිකරුවන් කරන්නේ ඇයි?”
බලධාරීන් ක්‍රමවත් වැඩපිළිවෙළක් හරහා වීදි සුනඛයන් වන්ධ්‍යාකරණය සහ එන්නත්කරණය කරමින් මේ ප්‍රශ්නයට මානුෂීය විසඳුම් සොයනවා වෙනුවට, සතුන්ගේ කුසගින්න නිවන මිනිසුන් අධෛර්යමත් කරන්නේ ඇයි?
කෑම නොලැබී යාමෙන් සතුන් කුසගින්නේ මියයෑමට හැරීම කෙතරම් අමානුෂිකද?
රජයේ බර නිදහස් කරගැනීම උදෙසා, කතා කරන්නට බසක් නැති ඒ අසරණ ජීවිතවල අවසාන බලාපොරොත්තුව වන “මිනිස් කරුණාව” මෙලෙස නීති රීති දමා නැති කර නොදමන ලෙස සත්ත්ව ලෝලීන් සමස්ත බලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. 😭👇