“අද කාශ්‍යප හාමුදුරුවෝ, හෙට ඔබ: කිංස්බරි හෝටලය අපේ පෞද්ගලිකත්වය විකුණන්නේ කොහොමද?”

🔰 – මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම කතා වුණේ කිංස්බරි (The Kingsbury) හෝටලයට ගිය කාශ්‍යප හාමුදුරුවන්ගේ CCTV දර්ශන එළියට ආපු ප්‍රශ්නය.

🔰 – මේක දැක්කම ගොඩක් දෙනෙක්ට එක එක මත තියෙන්න පුළුවන්.

🔰 – මුලින්ම එක දෙයක් පැහැදිලිවම කිව යුතුයි මෙම ලිපියෙන් කාශ්‍යප හිමියන්ගේ හැසිරීම සාධාරණීකරණය කිරීමක්වත්, උන්වහන්සේ වෙනුවෙන් “කඩේ යෑමක්”වත් නොවන බව තරයේ මතක තබා ගත යුතුයි!

🔰 – උන්වහන්සේගේ ක්‍රියාකලාපය හෝ මතවාදය ගැන සමාජයට සාධාරණ විවේචන තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්.

🔰 – නමුත් මෙතැනදී අමතක කළ නොහැකි, ඊට වඩා දසගුණයක් භයානක යථාර්ථයක් තියෙනවා..

🔰 – අද කාශ්‍යප හාමුදුරුවන්ගේ CCTV දර්ශන එළියට දාපු ආයතනයක්, හෙට ඔබටත් මටත් ඒ දේම නොකරයි කියල කවුද සහතික වෙන්නේ?

🔰 – මේ සිද්ධියෙන් අතිශය පැහැදිලිවම පෙනී යන තවත් බරපතල කාරණයක් තියෙනවා.

🔰 – ඒ තමයි මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින්ට තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇති බව මේ සිද්ධිය හරහා තහවුරු වීමයි.

🔰 – ඕනෑම පුරවැසියෙකුගේ සංවේදී පෞද්ගලික දත්ත සහ CCTV දර්ශන, කිසිදු නීත්‍යානුකූල පදනමකින් හෝ අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමට ආණ්ඩුවේ බලවතුන්ට හැකි බව මෙයින් පැහැදිලි වෙනවා.

🔰 – නීතිය, පෞද්ගලිකත්වය හෝ මූලික මිනිස් අයිතිවාසිකම් පසෙකලා, පාලකයින්ට ඕනෑම තැනක රහස්‍ය දත්ත තමන්ට අවශ්‍ය පරිදි බලහත්කාරයෙන් හෝ නීති විරෝධී ලෙස ලබාගැනීමට ඉඩ සලසා දීමෙන් පෙනී යන්නේ රටේ නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳ වැටී ඇති බවයි.

🔰 – ලෝකයේ ඕනෑම තරු පහේ හෝටලයක් පාරිභෝගිකයෙකුගෙන් මුදල් අය කරන්නේ කාමරයකට හෝ කෑම වේලකට විතරක් නෙවෙයි..

🔰 – ඒ හරහා පාරිභෝගිකයාගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට (Privacy & Confidentiality) දෙන දැඩි සහතිකය වෙනුවෙන්.

🔰 – හෝටල්වල සවි කරන CCTV කැමරා කියන්නේ පාරිභෝගිකයන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාවට මිසක්, මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත ප්‍රසිද්ධියේ කඩදාසිවල දාලා විකුණන්න හදපු කුමන්ත්‍රණ උපකරණ නෙවෙයි.

🔰 – කිසිදු අධිකරණ නියෝගයක් හෝ නීත්‍යානුකූල පරීක්ෂණයකින් තොරව, හෝටලයක අභ්‍යන්තර දර්ශන පිටතට කාන්දු වීම හෝටල් කළමනාකරණයේ අතිශය නීච සහ බරපතල ආරක්ෂක බිඳවැටීමක් (Data & Security Breach).

🔰 – මේකට හෝටල් පරිපාලනය වගකිව යුතුයි.

🔰 – කිසිදු පදනමකින් තොරව මෙවැනි සංවේදී දර්ශන බාහිර පාර්ශ්වයන්ට ලබා දුන්නා නම් හෝ ලබා දීමට ඉඩ හැරියා නම්, හෝටල් කළමනාකරණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

🔰 – ටිකක් හිතලා බලන්න, දියුණු බටහිර රටක හෝටලයක් මෙවැනි පාරිභෝගික රහස්‍යභාවය පාවා දීමේ වැඩක් කළා නම් මොකක්ද වෙන්නේ?

🔰 – GDPR නීති යටතේ දැවැන්ත දඩ 👉 යුරෝපය වැනි රටවල පාරිභෝගික දත්ත සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළොත් ආයතනයට යුරෝ මිලියන ගණනින් දඩ නියම වෙනවා.

🔰 – ව්‍යාපාරික බලපත්‍ර අහෝසි වීම 👉 පාරිභෝගික විශ්වාසය කඩකිරීම නිසා හෝටලයේ මෙහෙයුම් බලපත්‍රය වහාම අත්හිටුවනවා.

🔰 – කෝටි ගණන් වන්දි නඩු 👉 පාරිභෝගිකයාට සිදුවූ මානසික පීඩනයට හෝටලයෙන් කෝටි ගණන් වන්දි අය කරගන්න සිද්ධ වෙනවා.

🔰 – නමුත් ලංකාවේ? ආණ්ඩුවේ බලවතුන්ට ඕනෑම වෙලාවක ඕනෑම මනුස්සයෙක්ගේ පෞද්ගලික තොරතුරු, හෝටල් දර්ශන කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ලබාගන්න පුළුවන් කියන පණිවිඩය නේද මේකෙන් සමාජයට යන්නේ?

🔰 – මේ ප්‍රශ්නය කාශ්‍යප හිමියන්ට විතරක් සීමා කරලා අමතක කරලා දාන්න එපා.

🔰 – මෙය මුළුමහත් පුරවැසියන්ගේම මූලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.

🔰 – දේශපාලන හෝ ආගමික මතවාද වෙනස් නිසා, කෙනෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම අනුමත කරනවා කියන්නේ ඔබත් ඒ අශිෂ්ටත්වයේ කොටස්කරුවෙක් වීමයි.

🔰 – හෙට දවසේ ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක් යම් හෝටලයකට, රෝහලකට ගිය වෙලාවක ඔබේ පෞද්ගලික දර්ශනත් මේ විදිහට සමාජ මාධ්‍යට දැම්මොත් ඔබ මොකද කරන්නේ?

🔰 – කෙනෙකුගේ මතය හෝ හැසිරීමත් සමග ඇති මත ගැටුම් වෙනම තබා, මිනිසෙකුගේ පෞද්ගලිකත්වය සහ මූලික මිනිස් අයිතිවාසිකම් රැකීම වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි.

🔰 – ඒ නිසා කිසිදු පැකිලීමකින් තොරව කියන්න ඕන,

🔴- The Kingsbury Hotel එකට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි!

🔴- හෙට මේ අසාධාරණය ඔබටත් සිදුවීමට පෙර, අදම පෞද්ගලිකත්වයේ අයිතිය වෙනුවෙන් හඬ නඟමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *