🔰- පපුව පිච්චිලා යනවා දෙයියනේ!😔
🔰- මේ සොහොන දකිද්දි ඇස් දෙකට කඳුළු පිරෙන්නේ නැත්තේ පපුවේ තෙතමනයක් නැති කාලකන්නින්ට 😡විතරයි.
🔰- ආසියාවේ විශාලතම, අපේ රටට අභිමානයක් වුණු, ඩොලර් මිලියන ගණන් රටට හොයලා දීපු අපේ ජාතික වස්තුව, කාවන්තිස්ස හස්තියා… අද පස් යට!
🔰- බලපන් ඒ සොහොන දිහා… එයාගේ තනියට අද ඉන්නේ අසරණ බලු පැටියෙක් විතරයි!
🔰- අතිජාත බෝධිසත්ත්ව සතෙක් වෙනුවෙන් අන්තිම මොහොතේ ගොක්කොළ ටිකක් අඹරලා සැරසිලි ටිකක් කළෙත් දේශපාලකයෝ නෙමෙයි, ගමේ අසරණ අහිංසක මිනිස්සු ටික එකතු වෙලා.
🔰- මුන්ට මොන තරම් හීනමානයක්ද තියෙන්නේ?
🔰- මේ තරම් දැවැන්ත, මඟුල් ඇතා වගේ හිටපු සතෙක් වෙනුවෙන් නිසි ගෞරවයක් දීලා සිහිවටනයක් හදන්න තරම් වත් කොන්දක් නැති කාලකන්නි පාලකයෝ ඉන්න රටක් මේක!
🔰- කාවන්තිස්ස කියන්නේ නිකන්ම නිකන් අලියෙක් නෙමෙයි. ඌ අපේ අයිතිය!
🔰- ඒත් බලධාරීන්ගේ සහ ආණ්ඩුවේ පිස්සු තීරණ, නිරපරාදේ උගේ ජීවිතය බිලිගත්තා.
🔰- ප්රතිකාර කරන්න ඕනේ වෙලාවේ හරියට වගකීමක් ගත්තේ නෑ.
🔰- උන් කළේ සතාව බේරගන්න එක නෙමෙයි, දේශපාලන පාට කන්නාඩි දාගෙන බලන් හිටපු එක!
🔰- අන්තිමේදී ඒ අසරණ සතා වේදනාවෙන් ඇඹරි ඇඹරී මැරිලා ගියාට පස්සේ කළේ මොකක්ද?
🔰- උන් උගේ බෙල්ල කඳෙන් වෙන් කරලා, නිකන්ම නිකන් සුදු රෙද්දක් උඩින් විසි කරලා පස් යට කළා.
🔰- ඒකද තො$පි මේ රටේ ජාතික වස්තුවකට දක්වපු ගෞරවය? තූ නො@දකින්!
🔰- ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තුච්ඡ, අසූ*චි දේශපාලනය!
🔰- ප්රතිකාර කරන වෙලාවේ ඒ අසරණ සතාට ‘කාවන්තිස්ස’ කියලා අමතන්නවත් මුන්ට අවසර තිබිලා නෑ!
🔰- “සජිත් ප්රේමදාස දාපු නම නිසා දේශපාලනිකව දැනුම් දීලා කාවන්තිස්ස නම පාවිච්චි කරන්න එපා” කියලා උඩින් නියෝග ඇවිත්!
🔰- උන් ඒ වෙනුවට කිව්වේ “සියඹලන්ගමුවේ සැරිසරන හස්තියා” කියලා.
🔰- සතෙක් අමාරුවේ වැටිලා ඉද්දිත්, ජීවිතයත් අතර සටනක් දෙද්දිත්, මුන්ට වැදගත් වුණේ ඒ නම දැම්මේ කවුද කියන බලු දේශපාලනය!
🔰- දේශපාලන වශයෙන් මොන ගොන් ආකල්ප දැරුවත්, ඇතා මැරුණු වෙලාවේ එතනට ආවේ සජිත් ප්රේමදාස විතරයි.
🔰- ඒ මනුස්සයාට හරි පපුවේ තෙතමනයක් තිබ්බා.
🔰- ඒත් අපේ රටේ ජනාධිපති? අදටත් කාවන්තිස්ස වෙනුවෙන් හඬක් නගන්න ඒ එකෙක්ටවත් බැරි වුණා.
🔰- ආසියාවේ විශාලතම සත්වයා, අපේ ලොකුම ජාතික අභිමානය නැති වුණාම සමාජ මාධ්යයේ වචනයක් ලියන්න කොන්දක් නැති වුනා රටේ ලොකුම ලොක්කාට, එදාට පෝස්ට් කළේ කාන්තා රැළියක් ගැන!
🔰- මොන තරම් ලැජ්ජ නැති වැඩද මේවා?
🔰- රංචුව අදටත් කාවන්තිස්සව හොයනවලු…
🔰- ඇතින්නියෝ සහ රංචුවවල ගාවට ඇවිත්, තමන්ගේ නායක ඇතා වළදාපු තැන තනියම කැරකෙමින් කාවන්තිස්සව හොයනවලු!
🔰- උන්ට තේරෙනවා තමන්ගේ නායකයා නැති වුණා කියලා.
🔰- උන්ට තියෙන ආදරේ, පපුවේ කැක්කුම මේ හදවතක් නැති කාලකන්නි පාලකයොන්ට නෑ!
🔰- අද එතන තියෙන්නේ වේලිලා යන ගොක්කොළ ටිකක් විතරයි…
🔰- අපිට මේ මතකය මෙහෙම වැලලිලා යන්න දෙන්න බෑ…
🔰- ආණ්ඩුව නොකළාට, අපිට පුළුවන් විදියට එකතු වෙලා එයා වෙනුවෙන් නොමැකෙන සිහිවටනයක් හදන්න ඕනේ!
🔰- ඒ නම, ඒ අභිමානය හැමදාමත් ජීවත් කරවන්න ඕනේ!
🔰- මේ අසාධාරණයට එරෙහිව අපි හඬ නගන්නම ඕනේ! 💔🐘
🔰- “බෝධිසත්ත්ව ගුණෝපේත, කාවන්තිස්ස රජුනි, මේ කාලකන්නි, තිරිසන් රටේ නම් ආයෙ කැමැත්තෙන්වත් නොඉපදෙන්න!
🔴- මේ රටේ මිනිස්සුන්ගේ කරුමයට නැතිවුණු අපේ ජාතික වස්තුව… ඔබට පතන නිවන දුර නොවේවා! 💔🐘”