ආසියාවේ ලොකුම හස්තියා කුණුමලු කෑල්ලක් වගේ වළදැම්මාට පස්සේ ඇමැතිට ‘නෑදෑකම’ මතක් වෙලා සංවේදී වෙයි!

🔰 – කාවන්තිස්ස ඇත්රජුගේ හදිසි මරණයත් එක්කම මුළු රටේම අවධානය ආයෙමත් වතාවක් පරිසර අමාත්‍යාංශය දෙසට යොමු වෙලා තියෙනවා.

🔰 – වෙනදා වගේම සිද්ධිය වෙලා ඉවර වුණාට පස්සේ ‘ඩැමේජ් කන්ට්‍රෝල්’ කරන්න ආණ්ඩුව ගන්න උත්සාහය මේ වන විට පාර්ලිමේන්තුවේද හැසිරීම් වලදී හොඳටම පැහැදිලි වුණා.

🔰 – පාර්ලිමේන්තුව අමතමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි කිව්වේ කාවන්තිස්සට ප්‍රතිකාර කරද්දී සතෙක් දිහා බලන විදිහට නෙවෙයි, තමන්ගේම කෙනෙක්, මනුස්සයෙක් දිහා බලන විදිහට හිතලා සියලුම කණ්ඩායම් මැදිහත් වුණු බවයි.

🗣️”අපි රජයක් විදියට වෙනත් කිසිදු හස්තියෙක්ට මැදිහත් නොවුණු විදියට කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් මැදිහත් වුණා.

🗣️ කාවන්තිස්ස හස්තියා ලෙඩ වුණු වෙලාවේ සිට අපි සැලකුවේ අපේ නෑදෑයෙක්ට වගේ…

🗣️ හස්තියා රෝගී වූ අවස්ථාවේ ඉඳලා හස්තියා ගැන සොයා බැලීමේදී අපි කටයුතු කළේ, මේ කාවන්තිස්ස හස්තියා තමන්ගේ කෙනෙක්, තමන්ගේ ඥාතියෙක් හැටියටයි. අපි කණ්ඩායමක් විදියට විශාල වෙහෙස මහන්සියක් දරුවා. ඉතින් අපි අගය කරනවා ඔවුන් හැමදෙනාම දුන්න සහය.

🗣️ ඇත්තටම කාවන්තිස්ස හස්තියාට ප්‍රතිකාර කරද්දී අපි සැලකුවේ ඔහු වනජීවී සත්වයෙක් හැටියට නෙවෙයි. ඔහු අපේම කෙනෙක්, අපේම පුද්ගලයෙක්, මනුස්සයෙක් හැටියට තමයි සියලු කණ්ඩායම් සැලකුවේ.

🗣️ නමුත් අපි මෙච්චර මහන්සි වෙලාත් ඔහුව බේරගන්න බැරි වුණු එක අපි හැමෝම කම්පාවට පත් කළා.”

🔰 – කාවන්තිස්ස බේරගන්න තායිලන්තයේ සහ ඉන්දියාවේ පශු වෛද්‍ය විශේෂඥයන්ගෙන් පවා උපදෙස් ගත්තත්, අන්තිමේදී ඇතා මියගියේ වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල නිසා බව ඇමැතිවරයා පිළිගත්තා.

🔰 – ඒ වගේම මේ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබුණද කියලා සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

🔰 – ධම්මික පටබැඳි අමාත්‍යවරයා ලෙස පත්වුණු දවසේ ඉඳන්ම ඔහුගේ ඇතැම් හැසිරීම් සහ ක්‍රියාමාර්ග ගැන සමාජයේ ලොකු විවේචනයක් තිබුණා.

🔰 – විශේෂයෙන්ම මේ ආණ්ඩුව පරිසරය ගැන මීට වඩා සංවේදීව කටයුතු කරයි කියන ලොකු බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබීමත් ඊට ප්‍රධාන හේතුවක්.

🔰 – අනිත් පැත්තෙන්, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්තනෝමතික වැඩ සහ ඒ නිසා ඇතිවන මහජන විරෝධයන් අන්තිමේදී කඩාපාත් වෙන්නේ ඇමැතිවරයාගේ ඔළුවට.

🔰 – හැබැයි කලින් ආණ්ඩුවලත් වුණේ මේකම නිසා, “තමන්ගේ නිලධාරීන්ව හරියට පාලනය කරගන්න බැරි වුණා” කියන එක ඇමැතිවරයාට නිදහසට කාරණයක් කරගන්න බෑ.

🔰 – කාවන්තිස්සගේ සිදුවීමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නවා කියලා කටවචනයෙන් කිව්වට විතරක් මදි, ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න කියලා අපි ඇමතිවරයාට මතක් කරන්න ඕනේ.

🔰 – මේ අතරේ වඩාත්ම භයානක දේ තමයි, ආණ්ඩුව බේරගන්න ඉදිරිපත් වෙන ඇතැම් පිරිස් “කාවන්තිස්ස කියන්නේ තවත් එක ඇතෙක් විතරයි” වගේ ඉතාම අසංවේදී කතා කීමයි.

🔰 – මෙන්න මේ වගේ අදහස්වලින් වෙන්නේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී යාමයි.

🔰 – අනෙක් කාරණය තමයි, තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් උපදෙස් ගන්න තරම් තත්ත්වය බරපතල වන තෙක්ම අදාළ අංශ බලා සිටියේ මන්ද කියන එක..

🔰 – පරිසර අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව අතර ඇති අභ්‍යන්තර ගැටලු විසඳා ඉදිරියට මෙවැනි ඛේදනීය සිදුවීම් වැළැක්වීමට ගන්නා පියවර මොනවාද කියන එකත් අප දැගන්නට කැමතියි..

🔰 – කාවන්තිස්සගේ මරණය හුදෙක් තවත් එක පුවතක් බවට පත් නොවී, රටේ වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට හේතුවක් විය යුතුමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *