🔰 – මහනුවර සිට කොළඹට යන පාගමනට සපෝට් කරපු තමන්ගේ “ආධාරකරුවෙකුට” අර මාලිමාවේ කට්ටිය හෙල්මටයෙන් ගහලා ඔළුව පැලුවා කියලා වීඩියෝ එකක් දාලා ටික්ටොක්, ෆේස්බුක් කැලඹුව පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ මතකද ?
🔰 – හැබැයි ඉතින්, ශ්රී ලංකා පොලීසියයි වීරගුල පොලීසියයි එකතු වෙලා මේ සිද්දියේ ඇත්ත නැත්ත හොයාගෙන බලනකොට
තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නේ.
🔰 – මේක දේශපාලන කුමන්ත්රණයක් නෙවෙයි, පාරේ බයික් කාරයෙකුයි ලොරි කාරයෙකුයි අතර වූණු සාමාන්ය වලියක් කියලා අන්තිමට හෙළි වුනේ!
🔰 – රූපවාහිනී නාලිකා අමතමින් එම තුවාලකරු තමන් ලගට ගෙන තිත්තගල්ලේ හිමියන් කළ ආවේගශීලී ප්රකාශය හරියටම හොලිවුඩ් චිත්රපටයක දර්ශනයක් වගේ 👇
🗣️ “මේ බලන්න මාලිමාවේ සහාසික බව. අපිට උදව් කරන අයියා කෙනෙක්ට බිහිසුණු විදිහට කුඩු කරලා helmet එකෙන් ගහලා ගියේ… ජනාධිපතිතුමනි, ඕක තමයි JVP කාලේ කරේ. මේ අයියා බලන්න ලේ ටික… අයියේ මල්ලි වාහනයක් ගේන්න බෙහෙත් ටිකක් ගාන්න. 119 දැන් ගෙන්නනවා… පොලිස්පතිතුමා, මොකක්ද මේ කරන්නේ? පොලිසියේ ආරක්ෂාව තියෙද්දි මෙහෙම ගහන්න බෑනේ… සම්පූර්ණයෙන්ම නරුමයෝ ඔහොම තමයි!”
🔰- තම පාගමනට එරෙහිව කවුරුන් හෝ පාරට පැන්නා යැයි සිතා, පාරේ ගිය වෙනත් අහිංසක ලොරි රථයක මගියෙකුගේ ලේ ටික පවා තම දේශපාලන වාසි සඳහා මනාව “ප්රයෝජනයට” ගැනීමට හිමියන් දැක්වූ උනන්දුව නම් සැබැවින්ම ඇස් අදහා ගත නොහැකියි.
🔰- වීරගුල පොලීසිය කරපු පුංචි පරීක්ෂණයකින් පස්සේ තමයි මේකේ ඇත්ත මුහුණුවර එළියට ආවේ.
🔰- මේක වෙලා තියෙන්නේ 14වෙනිදා යක්කල, වීදියවත්ත දේවාලය ඉස්සරහ.
🔰- පෞද්ගලික වැඩකට ලොරියක ගියපු මනුස්සයෙකුයි, බයික් එකක ගියපු කෙනෙකුයි අතර පාරේ ට්රැෆික් එකට වෙච්ච පුංචි බහින්බස් වීමක් දුරදිග ගිහිල්ලා බයික්කාරයා ලොරි මගියාට හෙල්මටයෙන් ගහලා තියෙනවා හොඳ පාරක්.
🔰- දැන් වතුපිටිවල රෝහලේ ප්රතිකාර ලබන අර ලොරියේ ගිය මනුස්සයා පොලීසියට කියලා තියෙන්නේ,
🗣️ “මං දන්නේ නෑ මහත්තයෝ පාගමන් ගැන, මට ගැහුවේ පාරේ බයික්කාරයා එක්ක ඇතිවුණු වලියකට” කියලා.
🔰- අවාසනාවකට වගේ , අර අනිත් පැත්තෙන් බයික් එක පදින්න ගිහිල්ලා ගුටිකෑපු කෙනත් දැන් ගම්පහ ඉස්පිරිතාලේ බෙහෙත් ගන්නවා..
🔰- මහමග සිදු වෙච්ච පෞද්ගලික රථවාහන ආරවුලක් සහ පුද්ගලයෙකුගේ අහඹු තුවාලයක් ප්රයෝජනයට ගෙන, එය දේශපාලන කුමන්ත්රණයක් ලෙස හුවා දක්වා සමාජ මාධ්ය හරහා මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වීරගුල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර දැඩි නීතිමය පියවර ගැනීමට සූදානම් වෙන බවයි වාර්තා වෙන්නේ.
🔰- කොහොම වුණත්, දැන් කාලේ සමහර අයට ඕනම පුංචි සිදුවීමක් මාකට් කරලා ‘වීව්ස්’ (Views) ගන්න තියෙනවා නම් මොන බොරුවක් හරි සමාජගත කරන්න ලැජ්ජාවක් නෑ.
🔰- ඒ නිසා, අන්තර්ජාලයේ යන හැම වීඩියෝ එකක්ම ඇස් අදහාගෙන විශ්වාස නොකර, පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා තමයි පොලීසියත් හැමෝටම මතක් කරලා දෙන්නේ!