🔰 – ඥානසාර හිමියන්ට කලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දීපු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළාට පස්සේ, උන්වහන්සේට ආයෙත් අවුරුදු පහහමාරක විතර කාලයක් හිරේ ඉන්න සිද්ධ වෙනවා.
🔰 – මේ තීන්දුව ආපු ගමන් උන්වහන්සේ හැංගිලා ඉන්නවා කියලා එක එක කතා පැතිරුණාට, පස්සේ මහනායක හාමුදුරුවරුන්ව හම්බවෙන්නත්, කොළඹ මහාධිකරණයේ තිබ්බ වෙනත් නඩුවකට පෙනී සිටින්නත් උන්වහන්සේ ආවා.
🔰 – පසුගියදා පැවැත්වුණු තමන්ගේ ‘9.5 විකෘතිය’ පොත එළිදැක්වීමේ උත්සවයේදී ඥානසාර හිමියන් මහා සංඝරත්නයෙන් විශේෂ ඉල්ලීමක් කළා.
🔰 – උන්වහන්සේ කියන්නේ, එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා සමාව දෙද්දී ලේඛනවල සහ ක්‍රමවේදයේ යම් යම් අඩුපාඩු සිද්ධ වුණේ නිලධාරීන් අතින් මිසක් තමන්ගේ වරදින් නෙමෙයි කියලයි.
🔰 – ඒ නිසා ඒ පරිපාලනමය දෝෂ ටික හදලා, නිවැරදි ක්‍රමවේදයට අනුව තමන්ට නැවත ජනාධිපති සමාව ලබාදෙන්න කියලා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරන්න කියලා උන්වහන්සේ සංඝරත්නයෙන් ඉල්ලලා සිටියා.
🗣️ “මං හිරේ යන්න බය නැහැ. හැබැයි මෙහෙම දේවල් වෙද්දී ඉස්සරහට රට, ජාතිය, ශාසනය වෙනුවෙන් කතා කරන්න ඉන්න තරුණ හාමුදුරුවරු අධෛර්යමත් වෙනවා. අනික මගේ අම්මාට දැන් අවුරුදු 87ක්. එයා ගොඩක් අසනීපෙන් ඉන්නේ. මේ වෙලාවේ මට හිතෙනවා මගේ අම්මා ඉස්සරහා මටම ජීව පාංශුකූලයක් දීගන්න තරම් තත්ත්වයක් ඇවිත් කියලා,”
යනුවෙන් උන්වහන්සේ සංවේගයෙන් අදහස් දැක්වූවා.
🔰 – නිලධාරීන් කරපු වැරදිවලට තමන්ගෙන් පළිගන්න එක අසාධාරණ බවත්, නීතියට සහ බුද්ධ නියමයට තමන් හැමවෙලේම ගරු කරන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් මතක් කර සිටියා.