🔰 – TIN අංකය අනිවාර්ය කිරීමත් සමඟ මහජනතාව කලබලයට, මාර්ගගත (Online) ක්‍රමය අඩපණ බවටත්, කාර්යාලවල පෝලිම් දිගු බවටත් චෝදනා!
🔰 – වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය කර තිබියදී, එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් රැසක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට රජය ගත් නවතම තීරණයත් සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයන්හි දැඩි උණුසුම්කාරී සහ කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
🔰 – මහජනතාව පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ TIN අංක ලබාගැනීමේ පද්ධතිය නිතර අඩපණ වන බවත්, ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා අංක ලැබීමට සති ගණනාවක් ගතවන බවත්ය.
🔰 – මේ හේතුවෙන් එදිනෙදා හදිසි අවශ්‍යතාවලට TIN අංක අවශ්‍ය වන ජනතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වෙත විශාල වශයෙන් රොක් වීම නිසා කාර්යාල පරිශ්‍රවල දිගු පෝලිම් සහ දැඩි තදබදයක් නිර්මාණය වී ඇත.
🔰 – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා සඳහන් කළේ, සේවාවන් අටක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බවයි.
🔰 – මෙම තීරණයත් සමඟ පහත සඳහන් සේවාවන් ලබාගැනීමට ජනතාවට TIN අංකය නොමැතිව ඉදිරියට යාමට නොහැකි වී තිබේ👇
🔷 – බැංකු කටයුතු 👉 නව බැංකු ගිණුම් විවෘත කිරීම සහ ණයපත් (Credit Cards) ලබාගැනීම.
🔷 – දේපළ සහ ඉඩම් 👉 ඉඩම් සහ දේපළ ලියාපදිංචි කිරීම මෙන්ම ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබාගැනීම.
🔷 – වාහන කටයුතු 👉මෝටර් රථ වාහන ලියාපදිංචිය සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම.
🔷 -ව්‍යාපාර 👉 නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල කොටස් පැවරීම.
🔰- මෙම තීරණය හමුවේ මහජනතාවගෙන් එල්ලවන චෝදනා හමුවේ නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ දෙපාර්තමේන්තු කාර්යාල වෙත අනවශ්‍ය ලෙස පැමිණීමෙන් වළකින ලෙසයි.
🔰- දේශීය ආදායම් මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ👇
🗣️ “ඉහත සඳහන් කළ නිශ්චිත ක්‍රියාකාරකම් අටෙන් එකක් සඳහා ආසන්නතම දිනයකදී සහතිකය අවශ්‍ය වන්නේ නම් පමණක් දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණෙන්න. අනවශ්‍ය ලෙස කලබල වීමට හෝ කඩිමුඩියේ කටයුතු කිරීමට අවද්යතාවක් නැහැ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම් කළ පසු, තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ TIN සහතිකය අයදුම්කරුගේ ලිපිනයටම තැපැල් මඟින් යොමු කෙරෙනවා. සහතිකය ලබාගැනීමට කාර්යාල වෙත රොක් වීමට අවශ්‍ය නැහැ.”
🔰 – රජයේ මෙම පියවර හරහා රටේ සමස්ත ජනගහනයම අලුතින් බදු දැලට හසුකර ගැනීමට සූදානම් වන බවට ප්‍රජාව අතර දැඩි විවේචනයක් සහ නොසන්සුන්කමක් ගොඩනැගෙමින් පවතී.
🔰 – විශේෂයෙන්ම ස්ථිර ආදායමක් නොමැති පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභීන් පවා මෙම ක්‍රියාපටිපාටිය හමුවේ දැඩි අසහනයට පත්ව ඇත්තේ, TIN අංකය ලබාගැනීමත් සමඟ අනාගතයේදී තමුන්ට අනවශ්‍ය බදු බරක් පැටවෙනු ඇතැයි යන බිය හේතුවෙනි.
🔰 – මේ අතර, මාර්ගගත ක්‍රමවේදවල පවතින ප්‍රමාදය සහ කාර්යාලීය තදබදය වහා විසඳීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වුවහොත්, ඉදිරියේදී මහජනතාවගේ අසහනය තවදුරටත් උග්‍ර විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.