🔰 – ලෝක බැංකු ණය මිලියන ගණන් අරන්, රට සංවර්ධනය කරනවා කියන මුවාවෙන් අද අපේ රටේ සිදුවෙමින් පවතින්නේ මහා පාරිසරික මිනීමැරුමකි.
🔰 – විල්පත්තු මායිමේ එළුවන්කුලම නෙළුම් වැව ආශ්‍රිතව සිදුවී ඇති මෙම ව්‍යසනය හුදෙක් ගස් කැපීමක් නොව, අපේම අනාගතය අළුවෙන් යැවීමකි.
🔰 – වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත, වැව් හදන මුවාවෙන් ලෝක බැංකු අරමුදල්වලින් වටිනා කුඹුක් ගස් 500ක් කපා, මුල් ගලවා, ගිනි තබා අළු කර දමා තිබේ!
🔰 – ස්වභාවධර්මයට සහ පරිසරයට ආදරය කරන කෙනෙකුට මේ පුවත අසද්දී දැනෙන්නේ හදවත දෙකට පැළී යන තරමේ වේදනාවකි.
🔰 – ලංකාවේ මිනිසුන්ට ගස් සමඟ ඇත්තේ පුදුම ඇරියස් එකකි.
🔰 – විශේෂයෙන්ම කුඹුක් ගස සහ ජලය අතර තිබෙන්නේ එකිනෙකට වෙන්කළ නොහැකි ගැඹුරු බැඳීමකි.
🔰 – අපේ මුතුන්මිත්තන් වැවක් ඉදි කළ තැන කුඹුක් ගසක් රැකගත්තේ එය වැව් ඉවුරේ ජීව රුධිරය නිසාය.
🔰 – ගමේ මිනිසා තමන්ගේ පිපාසය සංසිඳුවාගත් වතුර බොන ළිඳ හදාගත්තේ කුඹුක් ගහක සෙවණ යටය.
🔰 – කුඹුක් ගස යනු වැව් තාවුල්ල රකින, පස ඛාදනය වීම වළක්වන, සහ ජල උල්පත් ආරක්ෂා කරන ස්වභාවික පලිහයි.
🔰 – එහෙම රටක, වැවක් හදනවා හෝ පුළුල් කරනවා යැයි කියමින් කුඹුක් ගස් 500ක් එකවර මරා දමන මිනිසුන් ඇත්තටම මිනිසුන් ද? නැතහොත් මේ පොළොවට ද්‍රෝහී වූ අමනුෂ්‍යයන් පිරිසක්ද?
🔰 – අද එළුවන්කුලම නෙළුම් වැව දෙස බැලූ විට පෙනෙන්නේ යුද්ධයකින් විනාශ වූ පුරවරයක් වැනි දසුනකි.
🔰 – ඡායාරූපවලින් පැහැදිලිවම පෙනෙන්නේ දැවැන්ත කුඹුක් ගස් කපා බිම දමා, මුල් උදුරා, ගිනි තබා අළු බවට පත් කර ඇති අයුරුයි.
🔰 – සංවර්ධනයේ නාමයෙන් සිදු කරන ලද මෙම ම්ලේච්ඡ විනාශය නිසා ප්‍රදේශයේ සමස්ත පාරිසරික පද්ධතියම අද වන විට කඩා වැටී ඇත.
🔰 – වැව් පද්ධතියක ජීවය රැඳී තිබූ මෙම ගස් විනාශ කිරීමෙන් සිදුවන්නේ ජල පෝෂක ප්‍රදේශ සිඳී යාම සහ අනාගතයේදී දැවැන්ත ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවීමයි.
🔰 – නමුත් මේ සියල්ල සිදුවන අතරතුර වගකිවයුතු ආයතන කරමින් සිටින්නේ කුමක්ද?
🔰 – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි පරිසරය සුරැකීමට නීතියෙන් බැඳී සිටින ආයතන අද ගැඹුරු නින්දකය.
🔰 – ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබුණද, මේ මහා ජාතික අපරාධයට වගකිවයුතු උසස් නිලධාරීන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැටළුවකි.
🔰 – ලෝක බැංකු ණයවලින් පරිසරය වනසන මෙවැනි අමුතු සංවර්ධන ව්‍යාපෘති රටකට අවශ්‍ය වන්නේ කෙසේද?
🔰 – රජරට වැව් පද්ධතිය යනු ශ්‍රී ලංකාවේ පුරාණ වාරි ශිෂ්ටාචාරයේ නොමැකෙන උරුමයකි.
🔰 – කලාවැව ඇතුළු ප්‍රධාන වැව් ආශ්‍රිතව පවතින කැලෑරොද සහ කුඹුක් ගස් මෙම පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයකි.
🔰 – මෑත කාලීනව වියළි කාලගුණයේදී වැව් ආශ්‍රිතව තණකොළ හා ශාක කොටස් ඉවත් කිරීමට මුවාවෙන් ගිනි තැබීම් සිදු කිරීම නිසාත්, මෙම කුඹුක් ගස්වල පාදම හා මුල් දින ගණන් ගින්නට නිරාවරණය වීම නිසාත් මේ වන විටත් ගස්වල ජීව ශක්තිය දැඩි ලෙස දුර්වල වී තිබුණි.
🔰 – එවැනි පසුබිමක, ඉතිරි වී තිබූ කුඹුක් ගස් ටිකත් මෙලෙස යාන්ත්‍රිකව හා ගින්නෙන් විනාශ කර දැමීම යනු රජරට පරිසර පද්ධතියට එල්ල කළ මරු පහරකි.
🔰 – මෙම අක්‍රමිකතාවට සහ පරිසර විනාශයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව කිසිදු දේශපාලන හෝ නිලධාරී බලපෑමකින් තොරව අපක්ෂපාතීව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
🔰 – නැතහොත් අපට ඉතිරි වනු ඇත්තේ ගස්කොළන් නැති, ජලය හිඟ වූ, පාළුවට ගිය කාන්තාර පමණි.
🔰 – මෙවැනි පාරිසරික අපරාධ ඉදිරියටත් නිහඬව බලා සිටින්නේද?
🔰 – පරිසරය වෙනුවෙන්, අපේ අනාගත දරුවන් වෙනුවෙන් ඔබේ හඬ නගන්න.